ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට 12 වෙනිදා කළ භාවනාව නැවතත් පොඩ්ඩක් බැලුවා. ඒක මතක ඇති. “මමායිතෙ පස්සථ ඵන්දමානෙ, මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ. එතම්පි දිස්වා අමමො චරෙය්‍ය, භවෙසු ආසත්තිං අකුබ්බමානො කියන එක.”
එතකොට ඒ ගාථාව අපි සාකච්ඡා කළා. මේ ගාථාවේ, diamond දෙකක් අපි බැලුවා දෙපැත්තෙන්. වේදනා, නාමරූප, පරාමාස, සෝකය වේදනා එක diamond එකක්. ඊළඟට දකුණු පැත්තට අපි බැලුවා diamond එකක් පරාමාස, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චය, පරිදේවය ආපහු පරාමාස. ඒකෙ මැද්දෙන් තමයි රූප වන්‌තං වා අත්තානං කියලා මමායිතෙ කියන එක තියෙන්නේ.
ඉතින් අපි ඔතෙන්දි සාකච්ඡා කළා අර උදාහරණ වශයෙන්, අර රාග වශයෙන් රත් වූයේ, ඒ තරාදියේ වම් පැත්ත පාත් වෙනවා කියලා. දකුණු පැත්ත උඩ යනවා කියලා. ඉතින් මේක කෙනෙක් කල්පනා කරන්න ඕනෑ අර දුක්ඛ table එකේ 6.4, ඒ විදිහට නන්දිය පරාමාසගත වෙන අවස්ථාවේ තියෙන තත්වයේ හැටියට. එතකොට හොඳට පේනවා අර එක පැත්තක් පාත් වෙනවා කියන එක. දිට්ඨිය උඩට යනවා කීවා නේ. දිට්ඨිය බිඳුණත් නන්දියෙන් පැවැත්වූවා.
ඊළඟට පෙන්නුවා කාමරාග අනුසය මගින් සඤ්ඤාව සුඛ යැයි කියලා ස්ථීර වූයේ, මෝහ වශයෙන් මූඪ වූයේ ද තරාදියේ දකුණු පැත්ත පාත් වෙනවා කියලා. වම් පැත්ත උඩ යනවා කියලා. මේ විදිහට සැලෙනවා කියලා. අන්න ඒක බලන්න ඕනෑ දුක්ඛ table එකේ 5.5 විදිහට ගන්න පුළුවන්. එතකොට ඒක, එක කාරණාවක් භාවනාවෙදි ආපු.
ඉතින් ඔය ගාථාව අපිට පුළුවන් සත්‌තො ගුහායං ගාථාවෙන් පටන් අරගෙන එන්න. ඒ මහා නිද්දේසයේ සත්‌තො ගුහායං ගාථාව තියෙන්නේ කලින් නේ. එතකොට ඒකෙන් කරගෙන ආවා නම්, ඉතින් අපි ඒ රාගය, නන්දිය, ඡන්දය, අදිට්ඨාන, අභිනිවේස, අනුසය, ඕවායේ ඇලිච්ච එක්කෙනා නේ සත්වයා කියලා කීවේ.
එතකොට මෙතෙන්දි මේ diamond දෙකේ යම්කිසි සැලීමක් වේ ද, මුළු අනුසය ධර්මය ම සැලෙනවා කියලා මතක් වුණා. ඉතින් මේකත් එක්ක සිත නතර වෙනවා ඒ විදිහට ඒ සෙලවෙන කතාව බැලුවා ම. බොහොම වෙලාවක් ඉඳලා, මේක අර ඊයේ සිද්ධ වුණේ. එක් කෙනෙක්, space එකේ ඉන්නවා කියලා, ඒක දැක්කා. ඉතින් ඒ පුද්ගලයා කවුද කියලා හඳුනා ගන්න ගියොත්, ඒත් සිත සැලෙනවා කියන එක තමන්ට සතියෙන් එනවා නම්, අන්න තමන්ට එනවා නොසෙල්වී ඉන්න පුළුවන් කියන එක.
අද අලුත් ගාථාවක් ඉගෙන ගන්නවා, ඔය දැන් කීව ගාථාවට ඊළඟට මහා නිද්දේසයේ එන ගාථාව. ඒකේ පෙන්නනවා. “උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්දං, ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො. යදත්තගරහී තදකුබ්බමානො, න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො.”
ඔය සිංහලෙන් කියවනකොට පොඩ්ඩක් අමාරුයි, මොකද අර වචන එකට බැඳලා හින්දා, ඔය යද් අත්තගරහී තද් අකුබ්බමානො කියන එක, එකට එක්කහු කරලා ලියලා තියෙන්නේ. ඒකේ අර පාලි අර්ථය හොඳට වැටහෙන්නේ නෑ.
එතකොට ඒකේ පෙන්නනවා ද්වයන්තියන්හි ඡන්දරාගය දුරු කර, ඒ ස්පර්ශ ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් දැන, රූපා දියෙහි ගිජු නොවූ, කළ නොකළ හෙයින් තම හට ගරහා උපදවන, කාය දුශ්චරිත නොකරන ලද, ඒ ප්‍රඥා තෙම, රූප, ශබ්ද ඒ ආයතනයන්හි තෘෂ්ණා දිට්ඨි වශයෙන් නොඇලේ කියලා කියනවා.
එතකොට ඒ ගාථාව පද වශයෙන් විස්තර කරනවා, උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්දං කියන එක, ඒ අන්ත කිව්වහම අන්ත දෙකක්. ස්පර්ශය එක අන්තයක්, ස්පර්ශයේ සමුදය දෙවෙනි අන්තය. ඉතින් ඔය ස්පර්ශයේ සමුදය වෙන්නේ මොකක් ද? දිට්ඨි අනුසය. දැන් අපි දන්නවා ස්පර්ශය කියන එක හටගන්නේ, ඇසයි, රූපයයි, චක්ඛු විඤ්ඤාණයයි. ඒ තුනේ එකතුව තමයි ස්පර්ශය. එතකොට ස්පර්ශයේ සමුදය වන්නේ, දිට්ඨි අනුසය මගින් ඇඟිල්ල දික් කරලා අර රූපය ගන්න කියලා කියන නිසා. එතකොට ඒක තමයි ස්පර්ශයේ සමුදය වන්නේ.
එතකොට අතීතයේ එක අන්තයක්, අනාගතයේ තව අන්තයක්. සුඛ වේදනාව එක අන්තයක්, දුක වේදනාව තව අන්තයක්. නාමය එක අන්තයක්, රූපය තව අන්තයක්. ඔය විදිහට පෙන්නනවා. ඉතින් ඡන්දය කියන එක අපි දන්නවා නේ. කාමරාගය, ඡන්දය, කාම නන්දිය ආදී වශයෙන් පැහැදිලි කරනවා. විනෙය්‍ය ඡන්දං. ඒ කියන්නේ මේ ද්වයන්තයන්හී ඡන්දරාගය සංසිඳවනවා. දුරු කරනවා, බැහැර කරනවා, විඝාත කරනවා, අභාවයට පමුණුවනවා. ඒක තමයි උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්දං, කියලා කියන්නේ.
දැන් ඊළඟට තියෙන්නේ ඵස්ස පරිඤ්ඤාය අනානුගිද්ධො. ඵස්ස කීවා ම චක්ඛු සම්‌ඵස්‌සය, සොත, ඝාන, ජිව්හා, කාය, මනො, අධිවචන සම්‌ඵස්‌සය, පටිඝසම්‌ඵස්‌සය, සුඛ වේදනීය, දුක්ඛ වේදනීය, ඔය විදිහට පෙන්නනවා. පරිඤ්ඤාය කියන එක කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, ප්‍රහාණ පරිඤ්ඤා තුන් පරිඤ්ඤාවෙන් දැනගන්නවා. ඥාත පරිඤ්ඤා අපි කලින් බලලා තියෙනවා ධාතු වශයෙන් දැනගන්නවා කියලා.
ඕක මෙතන පෙන්නනවා චක්ඛු සම්‌ඵස්‌සය, සොත සම්‌ඵස්‌සය, ඝාන සම්‌ඵස්‌සය, ජිව්හා සම්‌ඵස්‌සය, ඔය විදිහට දැනගන්නවා කියලා. තීරණ පරිඤ්ඤා කියන්නේ, අපි ඊයේ කරපු භාවනාව නේ ද? අනිච්චතො, දුක්ඛතො, රොගතො, ගණ්ඩතො කියලා ඒ විදිහට තමන් දැනගෙන තීරණයක් තියෙනවා. මේක සත්‍ය වශයෙන් ම අනිත්‍යයි, කියන එක. ප්‍රහාණ පරිඤ්ඤා කීවා ම, ඔන්න ගිරිමානන්ද සූත්‍රයේ පහාන සඤ්ඤාව වගේ. අර තීරණය කරලා ඒ ස්පර්ශයේ ඡන්දරාගය කියන එක දුරු කරනවා. අභාවයට පමුණුවනවා. බැහැර කරනවා.
ඉතින් ඔතන අපි දන්නවා නේ ප්‍රහාණ පරිඤ්ඤාව කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඉවසන්නේ නැහැයි කීවා ම, අන්න අර කබලිංකාර ආහාරයත් එක්ක පහළට යන්නෙත් නෑ, ස්පර්ශය පැත්තට එන්නෙත් නෑ. ඊළඟට ගත්තහම, අර සඤ්ඤාව පැත්තට එහෙම යන්නෙත් නෑ, කියලා, අපි කලින් බලලා තියෙනවා. තුන් පැත්තට ම යන්නේ නෑ කියලා.
එතකොට ඒ පෙන්වන්නේ මොකක් ද? මේ ඵස්ස පරිඤ්ඤාය. මේ ස්පර්ශය ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් දැන, අනානුගිද්ධො. ගෙධ කියන්නේ තෘෂ්ණාව. රාගය ආදී වශයෙන් පෙන්නනවා. ගෙධ ප්‍රහීණ වූයේ, සිඳුණා ලද්දේ, සංසිඳෙන්නේ දුරු කරන ලද්දේ, පෙරළා උපදනට අභව්‍ය වූයේ මාර්ග ඥාන ගින්නෙන් දවන ලද්දේ, හෙතෙම “අගිද්ධ” යැයි, කියනවා.
එතකොට මෙතන පෙන්නනවා දුරලන ලද තෘෂ්ණාව ඇති, පහ වූ දුරලන ලද රාග ඇති, තෘෂ්ණා රහිත වූයේ, නිවුණේ, සිහිල් වූයේ, විඳිනුයේ උතුම් වූ සිතින් යුක්තව වෙසේ. ඵස්ස පරිඤ්ඤාය අනානුගිද්ධො කියලා කියනවා. එතකොට ඒ පරිඤ්ඤාවෙන් දැනගෙන ස්පර්ශයේ තෘෂ්ණාව දුරලන ලදී. අන්න ඒක තමයි ඵස්ස පරිඤ්ඤාය අනානුගිද්ධො.
ඊළඟට පෙන්නනවා යද් අත්තගරහී තද් අකුබ්බමානො කියන එක. ඒක සිංහලෙන් මම කීවා පොඩ්ඩක් වෙනස් වචනයකින් තියෙන්නේ, යදත්තගරහී තදකුබ්බමානො කියලා. එතකොට ඒ යද කියලා කියන්නේ “යම්” කියන එකයි. අත්තගරහී ඒ කියන්නේ කළ හෙයින් ද, නොකළ හෙයින් ද, දෙයාකාරයෙන් තමන්ට ගරහනවා. කොහොම ද ගරහන්නේ?
මා විසින් කාය දුශ්චරිත කරන ලදී. කාය සුචරිතය නොකරන ලදී කියලා තමන්ට ගැරහීමක් තියෙනවා. මා විසින් වාග් දුශ්චරිත කරන ලදී. වාග් සුචරිතය නොකරන ලදී කියලා ගරහනවා. මා විසින් මනෝ දුශ්චරිත කරන ලදී. මනෝ සුචරිතය නොකරන ලදී කියලා තමන්ට ගරහනවා. ඉතින් ඔය විදිහට පෙන්නනවා, ඉතින් ඔය කාමෙසුමිච්ඡාචාරා, මුසාවාදා, පරුෂා වාචා ආදී වශයෙන් ඒවායින් දිගට ම යනවා.
ඊළඟට පෙන්නනවා මා විසින් මිච්ඡා දිට්ඨිය කරන ලදී, සම්මා දිට්ඨිය නොකරන ලදී කියලා තමන්ට ගැරහීම කියන එක තියෙනවා. ඒ වගේ ම පෙන්නනවා, පංචබලයෝ, සප්ත බොජ්ඣඞ්ගයෝ, ඒවා මට නැතෙයි කියලා එහෙම ගැරහීමක් කියන එක තියෙනවා. එතකොට මේකේ පෙන්නනවා තමන්ට නින්දා කටයුතු වැඩ නොකරනු ලබන්නේ, නිපදවනු ලබන්නේ නම් යමෙක් තමාට නින්දා වෙනවා නම් අන්න ඒ නින්දා වෙන දේවල් නොකර ඉන්නවා. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ යදත්තගරහී තදකුබ්බමානො කියලා. අකුබ්බමානො කියන්නේ නොකරනවා කියන එකයි.
එතකොට ඊළඟට පෙන්නනවා න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො කියලා. ධීරො කියලා කීවා ම ධීරා කියන්නේ ප්‍රඥාවන්තයා නේ. න ලිප්පති කීවා ම, ලේප කියන එකයි. ලේප කියන්නේ ඇලීම. එතකොට ඇලීම් දෙකක් තියෙනවා. තෘෂ්ණාවේත් ඇලෙනවා, දිට්ඨියෙත් ඇලෙනවා. එතකොට අපි බැලුවා නේ අර තණ්හා මම, දිට්ඨි මම කියලා. ඔන්න ඔය අර්ථය තමයි ඕකේ තියෙන්නේ.
ඒ කියන්නේ යම් තාක් තෘෂ්ණාවෙන් සීමා කරන ලද ඉලක්ක කරන ලද, වට කරන ලද, හාත්පසින් සීමා කරන ලද මේක මගේ ය, මෙපමණකට මගේ ය, අර කියන්නේ ඉඩම එහෙම පෙන්නලා මෙච්චරක් මගේ ය කියලා නේ ද? අන්න ඒ වගේ ඒ තෘෂ්ණාවෙන් ඒක කරන්නේ නෑ. අනිත් එක තමයි විසිවස්තුක සක්කාය දිට්ඨියේ ඇලීම, ඒ දිට්ඨියේ ඇලීම වශයෙන් ගන්න පුළුවන්. නොඇලුණේ, විශේෂයෙන් නොඇලුණේ, නික්මුණේ, මිදුණේ, මුළා නොවූයේ, සීමා නොකරන ලද සිතින් වාසය කරනවා. ඒක තමයි ඒ අන්තිම, න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො කියලා කියන්නේ.
ඉතින් මේකේ භාවනාවට හුඟක් එන්නේ, දැන් ඕකේ කාරණා සිහි කරනකොට ම සති ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය එහෙම හොඳට තියෙනවා. ඒ ස්පර්ශය එක අන්තයක්, ස්පර්ශයේ සමුදය තව අන්තයක්. මේක තමයි අන්ත දෙක කියලා කියන්නේ. එතකොට අපි පෙන්නුවා මේ ස්පර්ශයේ සමුදය කියන එක ඇති වෙන්නේ අර දිට්ඨි අනුසය කියන එක. ඒක මතක තියාගන්න ඕනෑ.
එහෙම නම් අපේ ඒ වම් පැත්තේ diamond එකෙන් තමයි ඕක තියෙන්නේ නේ ද? එතකොට මේක ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් දැනගෙන මේ අන්ත දෙක ඡන්දරාගය දුරු කෙරෙන්නේ නම් අභාවයට පත් කරන්නේ නම් වම් පැත්තේ diamond එක නිසා සෙලවීම නවතිනවා.
ඊළඟට කළ නොකළ දේ කෙරෙහි තමා හට ගරහන්නේ නැති නම් එනම් පාණාතිපාතය කළා, දුශ්චරිත වූවා, මිච්ඡා දිට්ඨි වූවා කියලා තම හට නොගරහන්නේ නම් දකුණු පැත්තේ diamond එක නිසා සෙලවීම නවතිනවා. මතක ද අපි පෙන්නුවා නේ දකුණු පැත්තේ diamond එක කාමරාග අනුසය නිසා ඒ සඤ්ඤාව ස්ථීර කරනවා නේ. එතකොට ඒක කරන්නේ නැත්නම්, මෝහ වශයෙන් මූඪ වීම වෙන්නේ නැත්නම්, එහෙනම් දකුණු පැත්තේ diamond එක යනවා. ඉතින් ධීර වෙච්ච, ඒ කියන්නේ ප්‍රඥාවන්ත පුරුෂ තෙම, තණ්හා ඇලීම සහ දිට්ඨි ඇලීම ඉවත ලා නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඉතින් මේකේ පේනවා හොඳට, ඔය පසුගිය භාවනා දෙක, තුනේ ම තියෙන්නේ මොකක් ද? මේ ඉන්ද්‍රියන් වැඩෙනවා. සති ඉන්ද්‍රිය හොඳට පවතිනවා. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය, ඉතින් රහතන් වහන්සේගෙන් ඇහුවහම පෙන්නුවා මේ හතර ම මෙතන සමාධි ඉන්ද්‍රිය, මෙතන දකුණු පැත්තට ඇවිල්ලා, එහෙන් ඇවිල්ලා මේ විරිය ඒ විදිහට ඔක්කොම ඉන්ද්‍රියන් හතර හොඳට පවතිනවා.
ඉතින් ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්