ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාව මම පටන් ගත්තේ සත්‌තො ගුහායං ගාථාවෙන්. සම්පූර්ණයෙන් ඒ ගාථාව මෙනෙහි කරලා ඊට පස්සේ බැලුවා ඔය දෙවෙනි ගාථාව. “මමායිතෙ පස්සථ ඵන්දමානෙ, මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ. එතම්පි දිස්වා අමමො චරෙය්‍ය, භවෙසු ආසත්තිමකුබ්බමානො.”
ඉතින් ඔතන මමායිතෙ සිදු වුණා නම් මෙපමණකට මගේ කියලා පරාමාසගත වෙලා අවසානයි. එතකොට ඕගොල්ලන්ට මතකයි අර අවිතක්ක අවිචාර සමාධියේ අපි උපෙක්ඛා භාවනාවෙදි බැලුවේ අර පරාමාස ජීවිත ඉන්ද්‍රිය එතන අර භවයේ යන විතක්කය නැතෙයි කියලා එහෙම ලකුණු කරගත්තා. එතකොට මේක පොඩ්ඩක් හිතේ තියාගෙන, අපි දන්නවා ඕක වටේට ම ගිහිල්ලා එනවා කියන එක.
ඊළඟට අපි තුන් වෙනි ගාථාව බලමු. “උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්දං, ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො. යද් අත්තගරහී තද් අකුබ්බමානො, න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො.”
අන්ත දෙක එතෙන්දි පෙන්නනවා. ස්පර්ශය එක අන්තයක්, ස්පර්ශ සමුදය තව අන්තයක්. එතකොට පරාමාසයට යමක් ඇතුල් වුණා ද, ඒ දිට්ඨි ආශ්‍රව එතැනින් දිට්ඨි අනුසය වෙනවා, වෙලා ස්පර්ශ සමුදය ඇති වෙනවා. ඒ කියන්නේ අපිට පේනවා පරාමාසයෙන් පහළ භය අගතිය ඇති තැන දිට්ඨි ආශ්‍රව එතැනින් එනවා වේදනාව, දිට්ඨි අනුසය, අන්න අර ස්පර්ශය පැත්තට යනවා. එතකොට දැන් අපිට පේනවා ඒකෙන් ස්පර්ශ සමුදය. දැන් අපිට අන්ත දෙක පේනවා. උඩින් ස්පර්ශය. ඊට පස්සේ වේදනාවට යටින් ස්පර්ශ සමුදය.
ආපහු අපිට පේනවා සුඛ වේදනාව එක අන්තයක්, දුක වේදනාව තව අන්තයක්. සුඛ වේදනාව වුණා නම් අපි දන්නවා ලෝභ, දෝෂ, මෝහ diagram එක අනුව, විපරිණාම දුක්ඛතාවය. එතකොට අර සෝකය ඇති තැන දුක්ඛය දෙවෙනි අන්තය. එතකොට උඩින් එකක් තියෙනවා, යටින් තව එකක් තියෙනවා.
ඊළඟට මුදිතා භාවනාවෙදි සාකච්ඡා කළ අයුරු මෙනෙහි කළොත්, අපිට තවත් ධර්මයක් වැටහෙනවා. ඒ කියන්නේ පග්ගහ නිමිත්ත, මතක ද, සංස්කාර නිසා වන සඤ්ඤාව ඉවතලනවා. තණ්හාව නොවේ. එතකොට ඒ නාමරූප, පරාමාසගත වීම වළක්වනවා කියලා අපි ඉගෙන ගත්තා. පරාමාසය චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍යය මගින් පෝෂණය වෙනවා කියලත් එතන ඉගෙන ගත්තා.
එතකොට අපි මේ කතා කරන්නේ සඤ්ඤා, නාමරූප, පරාමාස. පහළින් පරිදේවය පරාමාසයට යන රේඛාව. මෙතෙන්දිත් අපිට තව අන්තයක් වැටහෙනවා. ඒ කියන්නේ නාමරූප, ඉදංසච්චය එක අන්තයක්. නාමරූපයෙන් පරාමාසයට යන රේඛාවක් තියෙනවා. ඉදංසච්චය පරාමාසයට approve කරලා එන එක තියෙනවා.
ඉතින් ඔතෙන්ට අනිත් ඒවා ඔක්කොම අයිතියි. විඤ්ඤාණයෙන් එන ඒවා ඔක්කොම කැටි කරලා තමයි ඔය ඉදංසච්චයෙන් එනවා කියන එක පෙන්වන්නේ. එතකොට ඕක එක අන්තයක්. පහළින් අත්තගරහී කියන එක දෙවෙනි අන්තය වෙනවා. මම මුසාවාද කළා, පරුෂා වාචා කළා, මිච්ඡා දිට්ඨිය වුණා ආදී වශයෙන් තියෙන අත්තගරහී පැහැදිලි කරලා තියෙනවා නේ. ඒවා ඔක්කොම පහළ අර අන්තය වෙනවා.
ඉතින් මෙතන හරියට නිකම් කැරම් ඉත්තා ගැහුවා වගේ තමයි. පරාමාසයට තට්ටු කරපු ගමන් එතැනින් එක පැත්තකට සෝකයට යනවා, අනිත් පැත්තෙන් පරිදේවයට යනවා. විසි වෙලා යනවා කියන එක තියෙනවා.
එතකොට අපිට ආපහු පේනවා තවත් ධර්මයක්. සක්කාය එක අන්තයක්. සක්කාය සමුදය තව අන්තයක්. එතකොට සක්කාය පරාමාසය ලෙස ගන්න පුළුවන්. සක්කාය සමුදය නාමරූපයෙන් ඇතුල් වෙන පාරත්, ඉදංසච්චය සිට ඇතුල් වෙන පාරත්, පරිදේව වූ සංස්කාර මගින් නැවතත් සඤ්ඤාව සුඛ යැයි පැවසීමත්, සෝකය ඇති තැන දී විඤ්ඤාණය සසඳා, වෙනස දැන, නැවතත් රූප ස්පර්ශයට තුඩු දීමත් ගන්න පුළුවන්.
ඒ කියන්නේ අපිට පේනවා උඩින් සඤ්ඤාවෙන් පරාමාසයට එනවා නාමරූප. ඉදංසච්චයෙන් පරාමාසයට එනවා. ඊළඟට අර පරාමාසයට කැරම් ඉත්තා වගේ ආවා නම් දැන් අපි දන්නවා එතැනින් යනවා සෝකයට එක පැත්තකින්. සෝකයෙන් යනවා වේදනාවට අර දිට්ඨි අනුසය පාර. ඊළඟට පරිදේව ඉඳලා සංස්කාර, අපි දන්නවා නේ, line 7 එකේ අනිත් පැත්තට එන්නේ. එතකොට පරාමාසයට ඒ පැත්තෙන් ඇතුල් වෙනවා.
එතකොට ඔය point එකෙන් අපිට පේනවා, ඒ කියන්නේ පරාමාසයේ චතුරාර්ය සත්‍ය මගින් තමයි පෝෂණය වෙන්නේ. ඉතින් ඒක පෝෂිත වෙනවා නම්, එතන දුක්ඛ නිරෝධ සත්‍යය මගින් පෝෂිත වෙනවා නම් නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්.
ඔය අත්තගරහී point එකේදි කෙනෙක් මාන වෙන්නේ නැත්නම්, මෙතන තමයි හරි ලස්සන කෑල්ල තියෙන්නේ, මාන වෙන්නේ නැත්නම් ඒ ගරහන දේ තියෙනවා නේ. ඇත්තෙන් ම කියනවා නම් ලැජ්ජා වෙන්න ඕනෑ දෙයක්. නමුත් අපි ඒකට මාන වෙනවා. ඒ ධර්මයන්ට මාන වෙන්නේ නැත්නම් ඔළුව පුදුම විදිහට විශාල වෙලා ඒ ආකිඤ්චන කෙළින් ම තමන්ට පේනවා, විඤ්ඤාණඤ්චායතනය හිටිය නම් එකපාරට ම තමන් ආකිඤ්චඤ්ඤායතනයට ලොකු වෙලා තියෙන්නා වූ කියන එක.
මොකද මේ මාන්නය විසින් තමයි මේවා ඇතුල් වෙන්න දෙන්නේ. මේවා හොඳයි කියලා කියනවා නේ. මතක ද අපි කීවා, ඊයෙත් බැලුවා ඉද්ධි එකේදි, අර තුන් වෙනි ගාථාවේ තුන් වෙනි පදයට ආවේ. “මානය තමයි මෙහෙම වෙන එක හොඳයි කියලා” කියන්නේ. එතකොට දුක්ඛ නිරෝධ සත්‍යය ගන්නවා නම් ඉතින් වේදනාවෙන් මේ වෙන්නා වූ කෑල්ල හොඳ නැතෙයි කියන එක නේ ඒකෙන් පෙන්නන්නේ.
එතකොට ඒ යම්කිසි දෙයක් කෙනෙකුට වරදින්න පුළුවන්. අත්තගරහී කියන එක. ඒක වැරදීමක් නේ, කමක් නැහැ කියන එක නේ තියෙන්නේ. එතකොට තමන් මිච්ඡා දිට්ඨියෙන් නිසා යම්කිසි දෙයකට අභිජ්ඣා වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි මාන වෙනවා. තේරුණා ද? ඒවා නැති වෙනවා නම් අන්න එතන පේනවා ලොකු වෙනසක් තියෙනවා කියලා.
ඉතින් ඒක තමයි භාවනාව.