ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද අපි ගාථාවක් ඉගෙන ගන්නවා. ඒ ගාථාව අපි ඉස්සෙල්ලා බලපු ගුහට්ඨක සූත්‍ර නිද්දේසයේ ඊළඟට තියෙන ගාථාව. ඒකේ පෙන්නනවා. “සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.” කියලා.
ඒකෙ පෙන්නනවා කාම සඤ්ඤාදි සඤ්ඤාව නොහොත් සඤ්ඤානුසාරයෙන් නාමරූප ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් දැන චතුරොඝය තරණය කරන්නේ ය. එහෙයින් තෘෂ්ණා දෘෂ්ටි පරිග්ගහයන්හි නොඇලුණු ඒ ක්ෂීණාස්‍රව මුනි තෙම උපුටා හළ රාගාදී සල්ල ඇතියේ අප්පමත්තව හැසිරෙනුයේ මෙලොවත් පරලොවත් නොපතන්නේ ය කියලා.
එතකොට මේකෙ සඤ්ඤා කියලා කීවා ම, කාම සඤ්ඤා, ව්‍යාපාද සඤ්ඤා, විහිංසා සඤ්ඤා, නෙක්ඛම්ම, අව්‍යාපාද සඤ්ඤා, ඔය විදිහට පෙන්නනවා. එතකොට තීරණ පරිඤ්ඤා කීවා ම සඤ්ඤාව ප්‍රකට කොට දැනගෙන අනිත්‍ය හෙයින් සිතනවා, සීල සූත්‍රය වගේ, අනිච්චතො, දුක්ඛතො, රොගතො, ගණ්ඩතො ආදී වශයෙන් හිතනවා. ඒ වගේ ම සමුදය, අස්තංගමය, ආදීනව, නිස්සරණය වශයෙන් හිතනවා. මේක තමයි තීරණ පරිඤ්ඤාවට. ප්‍රහාණ පරිඤ්ඤාවට පෙන්නනවා, කවරේ ද යත්. මෙසේ ප්‍රකට කොට දැන මෙසේ තීරණ කොට, සඤ්ඤාවේ ඡන්දරාගය දුරු කරනවා, බැහැර කරනවා අභාවයට පමුණුවනවා කියලා.
එතකොට විතරෙය්‍ය ඕඝං. ඕඝ කියලා කීවා ම කාම, භව, දිට්ඨි, අවිද්‍යා ඕඝ තරණය, ඉක්මවීම කියන එක. සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං.
පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. පරිග්ගහ කීවා ම තණ්හා පරිග්ගහ, දිට්ඨි පරිග්ගහ කියලා පරිග්ගහයෝ දෙකක් තියෙනවා. මුනි කියලා කීවා ම, මොන, ඥානය. ඉතින් ඕක තුන් ආකාර වෙනවා නේ. කාය මොනෙය්‍ය. වචී මොනෙය්‍ය, මනො මොනෙය්‍ය කියලා. එතකොට මේකේ කාය මොනෙය්‍ය කියලා කියන්නේ, ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ ප්‍රහාණය එතකොට කාය සංස්කාරයන්ගේ නිරෝධය. චතුත්ථධ්‍යාන සමාපත්තිය කාය මොනෙය්‍ය කියනවා. වචී මොනෙය්‍ය කියලා කියන්නේ වාග් දුශ්චරිතයන්ගේ ප්‍රහාණය, වාග් සුචරිතය, එතකොට එතන පෙන්නනවා විතක්ක විචාරයන්ගේ නිරෝධය. දුතියධ්‍යාන සමාපත්තිය වචී මොනෙය්‍ය කියලා. මනො මොනෙය්‍ය කියලා කියන්නේ මනො දුශ්චරිතයන්ගේ ප්‍රහාණය, එතෙන්දි ත්‍රිවිධ මනො සුචරිතය, චිත්ත සංස්කාරයන්ගේ නිරෝධය, සඤ්ඤාව වේදයිත නිරෝධය, මනො මුනි කියලා කියනවා. එතකොට තථාගතයන් වහන්සේ මුනි මුනි කියලා කියනවා.
එතකොට ලේප කියලා කීවා ම, තෘෂ්ණා ලේප, දිට්ඨි ලේප, කියලා ලේප දෙකයි. ඒකෙදි අපි දන්නවා මෙපමණකට මගේ ය කියලා එහෙම ගන්නේ. ඊළඟට දිට්ඨි ලේපයේ තියෙනවා විසිවස්තුක සක්කාය දිට්ඨිය.
ඊළඟට පෙන්නනවා අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ. සල්ල කීවා ම සල්ල 7යි. රාග සල්ල, ද්වේෂ සල්ල, මෝහ සල්ල, මාන සල්ල, දිට්ඨි සල්ල, සෝක සල්ල, දුශ්චරිත සල්ල කියලා සප්ත සල්ලයෝ. එතකොට ඒ සල්ලයන් උපුටා හල හුල් ඇත්තේ ය, සිඳුණා ලද හුල් ඇත්තේ ය, ත්‍යාග කළ, වමනය කළ, අන්න ඒක තමයි අබ්‌බූළ්‌හසල්‌ලො කියලා කියන්නේ. සල්ලයන් අත හැරලා. චරං කියලා කියන්නේ හැසිරෙනවා, ඉරියව් පවත්වනුයේ විහාරය වාගේ.
අප්‌පමත්‌තො කියලා කීවා ම කුසල් දහම්හි ඒ සංස්කාර සකස් කරනුයේ ඒවායේ නොතැබූ ඡන්දය ඇතියේ නොතැබූ ධූර, අර අනික්ඛිත්තධූරො කියලා එහෙම තියෙන්නේ, අන්න ඒ විදිහට කෙසේ නම් මම නොපිරුණු සීලස්කන්ධය පුරම් ද, ඒ වගේ ම, ඒ සඳහා විරියක් භාවිතා කරනවා. ඊළඟට සමාධි ස්කන්ධය පුරම් ද, ඒ ඒ තැන්වල නුවණින් අනුදන්නවා කියලා.
මේක පාලි භාෂාවෙන් හරි ලස්සනට පෙන්නනවා “පරිපූරං වා විමුත්තිඤාණදස්සනක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුගණ්හෙය්‍යන්ති.” ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා තමන්ගේ තියෙන එක. එතකොට නැති එක ඇති කරගන්න තමන් ඒ විරිය ආරම්භ කරනවා ඒක පවත්වනවා.
එතකොට මේ විදිහට ඊළඟට අවසාන පදයට එනවා නාසීසතී ලොකමිමං පරඤ්‌ච. ඒ කියන්නේ මෙලොව නොපතයි. පරලොව නොපතයි. ස්වකීය රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ සංඛ්‍යාත ලෝකය පතන්නේ නෑ. පරලොවත් ඒ විදිහට ම රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ පැතීමක් නෑ. නොකැමති වෙනවා. ඉවසන්නේ නෑ. එතකොට ඕක තමයි ගාථාවෙ තියෙන්නේ.
ඉතින් මේක කරන්න තියෙන්නේ ඔය අපි “කලහ විවාද සූත්‍ර 2” diagram වල පස් වෙනි slide එක. ඕක අපි සබ්බාසව 3 set එකෙත් බලලා තියෙනවා. ඒකේ මතක ඇති ඕගොල්ලන්ට අර area 6 තියෙන්නේ, පරාමාස, ඉදංසච්ච, මෝහ අගතිය. ඒක නිසා අපි අර වම් පැත්තේ අර නන්දිය සහිතව තිබෙන 50% පාර තියෙන area එකට එනවා. ඉතින් ඕක දික් කළා ම උඩ නාමරූප. ඉතින් ඔතනින් වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් පරිග්ගහයත් ලකුණු කරලා තියෙනවා. පහළින් “අත්තා” කියලා ඒක නිසා ගන්න හැටි. ඒ diagram එකේ දිට්ඨි අනුසය පාරත් තියෙනවා.
ඉතින් මේ ගාථාවේ පද හතර ලකුණු කරගන්න පුළුවන් ඔය diagram එකේ ලස්සනට. සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං කීවා ම, ඒක සඤ්ඤාව තියෙන තැන ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො කියන එක අර පහළ සංස්කාර තියෙන area 6 එකේ පරිදේව වෙන තැන, ලකුණු කරගත හැකියි.
ඊළඟට අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ ලකුණු කරගන්න පුළුවන් ඔය “අත්තා” කියලා කියන එක ගන්න එක තියෙන්නේ. භය අගතියට යන්නැහැ. අන්න ඒක නොවන විදිහට එතන ලකුණු කරගත හැකියි. ඊළඟට නාසීසතී ලොකමිමං පරඤ්‌ච කියන එක කෑලි දෙකකට එනවා. ඒක විඤ්ඤාණය තියෙන තැන තමයි ලකුණු කරගන්න ඕනෑ. කෑලි දෙකක් තමයි, නාමකායේ දැන් තියෙන අගය තියෙනවා නේ, මෙලොව අගය. චේතනාවෙන් පස්සේ, ජීවිත ඉන්ද්‍රියට එන කෑල්ලට ලකුණු කරගන්නවා.
ඊළඟට විඤ්ඤාණය නිසා වන පරලොව අගය අපි ලකුණු කරගන්නවා පරාමාසකායගන්ථයෙ සිට සෝකයට දක්වා යන රේඛාවේ. එතකොට ඔය දෙක කරන්නේ නෑ ඒ කියන්නේ මෙලොවයි, පරලොවයි. සෝකය එන්නේ පරිදේව වෙලා නේ. එහෙම නම් විඤ්ඤාණය මැරිලා. පරලොව. එතකොට දැනුත් තියෙන්නේ පරලොව.
ඊළඟට මේකේ රහතන් වහන්සේ පෙන්නනවා සඤ්ඤා පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං දෙයාකාර වෙනවා. සඤ්ඤාව දුක වශයෙන් තීරණ පරිඤ්ඤාවෙන් දැන, ප්‍රහාණ පරිඤ්ඤාවෙන් පහ කිරීම එකක්. තමාට ගැරහීම අත්තගරහී කරන්නා වූ මුනිවරයකුට නුසුදුසු වූ පාණාතිපාතය වැනි කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ඉවතලීම තව එකක්.
මොකද ඒ ධර්මයන්ගෙන් නැවතත් සඤ්ඤාව හැදෙනවා. දැන් තමන්ට තේරෙනවා අර මුනිවරයාගේ තියෙන කතාව. අර පහළ කෑල්ලට එන්නේ, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අර සංස්කාර කළා නම් ආපහු සඤ්ඤාව සුඛයි එහෙම කියලා ගන්නවා.
අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ සල්ල වශයෙන් පළවෙනි දිට්ඨි සල්ලය විමසන්නේ ඉහත ධර්ම කාරණා දෙක මගින් යම් දහමක් නොපැවැත්තුවා ද, එම ධර්මයෝ අළලා සිටීම වළකිනවා. ඒ කියන්නේ අපි පෙන්නුවා නේ සඤ්ඤාව ගන්නෙත් නෑ, සංස්කාරයෙන් එන එක ගන්නෙත් නෑ, එහෙම නම් සල්ලයෙන් ඒ මොකක්වත් අල්ලාගෙන ඉන්නේ නෑ, දිට්ඨි සල්ලය ගන්නේ නැත්නම්. ඉවත් කරනවා. අබ්බූළ්හ කීවා ම, pulled out, ඉවත් කරනවා.
තව ද මේ සඳහා ප්‍රමාද නොවෙයි, අප්පමත්ත. දුක වශයෙන් සඤ්ඤාව දුටුවා ද, පෙර එම සඤ්ඤා මගේ යැයි ගත්තා ද, මෙම ධර්මයෝ මගේ යැයි ගැනීම වැළකීමට පමා නොවෙයි. ප්‍රමාදයක් වෙන්නේ නෑ ඒකට. මෙසේ අත්තා සිට නිත්‍යභාවයට නොයයි. එහෙම නම් දැන් පවතින වේදනා ධර්මයෝ නිසා හෝ පසුව පවතින වේදනා ධර්මයන් හෝ නොපතයි. මේ නිසා නාසීසතී ලොකමිමං පරඤ්‌ච කියලා කියනවා.
ඉතින් ඕක හරි ලස්සන වැඩේ කියන්නෙ මේ පරලොව කතාව අර පහළ සෝකය තියෙන තැන නේ ලකුණු වෙලා තියෙන්නේ. එතෙන්ට එන්නේ නැහැයි කියන එක නේ, ඔතන ගැඹුරට කෙනෙකුට භාවනා කරන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්