Date: 27/08/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට ගත්තේ ඊයේ ගාථාව ම යි. “සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.”

එතකොට ඕකේ අපි දන්නවා සඤ්ඤා කියලා කීවා ම, කාම සඤ්ඤා, ව්‍යාපාද සඤ්ඤා, විහිංසා සඤ්ඤා, ඒ වගේ සඤ්ඤා. එතකොට ඒ සඤ්ඤාව සඳහා මේ සීල සූත්‍රය විදිහට අනිච්චතො, දුක්ඛතො, රොගතො, ගණ්ඩතො ආදී වශයෙන් ඒක බලනවා. ඊට පස්සේ, අර සබ්බ ලෝකෙ අනභිරත සඤ්ඤා, සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤා, ඒ විදිහට බලනවා. බැලුවා ම එතන ම පුදුමාකාර මනසක් ඇති වෙනවා.

ඊළඟට පෙන්නනවා පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. පරිග්ගහ කීවා ම ඔතන සුභයි කියලා අරගෙන නේ ද මේක සිද්ධ වෙන්නේ? රෝගී සඤ්ඤාවක් මගේ කියලා අරගෙන. ඉතින් එතැනින් එනවා අර diagram එකට. ඊයේ බැලුවා නේ diagram එක. කලහ විවාද සූත්‍ර 2, 5 වෙනි slide එක ඔය තියෙන්නේ. දැන් ඉතින් තමන්ට ගරහන සංස්කාර අයින් කරනවා අත්තගරහී, ඒක අයින් කරලා එනවා, අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ කියන එකට.

එතකොට අපි එතෙන්දි බැලුවා සල්ල වශයෙන් දිට්ඨි සල්ලය විමසලා. දැන් ඉස්සෙල්ලා කාරණා දෙකක් කීව නේ. දැන් සඤ්ඤාව අනිච්චතො, දුක්ඛතො කියලා බැලුවා. අනිත් පැත්තෙන් අර තමන්ට ගරහන සංස්කාර පාණාතිපාත, මිච්ඡා දිට්ඨි එහෙම ඒවා ඔක්කොම අයින් කළා. ඒ කාරණා දෙක මගින් යම්කිසි දහමක් නොපැතුවා ද, එම ධර්මයෝ අළලා සිටීම වළකනවා. අල්ලාගෙන ඉන්නේ නෑ.

ඊළඟට තව කාරණාවක් කීවා රහතන් වහන්සේ. තව ද මේ සඳහා ප්‍රමාද නොවෙයි. අප්‌පමත්‌තො. දුක වශයෙන් සඤ්ඤාව දුටුවා ද, පෙර එම සඤ්ඤාව මගේ යැයි ගත්තා ද, මෙම ධර්මයෝ මගේ යැයි ගැනීම වැළකීමට පමා නොවෙයි.

එතකොට ඒ කාරණා දෙක හරි වැදගත්. මෙසේ අත්තා සිට නිත්‍යභාවයට නොයන්නේ එමගින් වන ප්‍රඥාව මගින් අනුග්‍රහ කර සියලු සඤ්ඤා ඉවතලීම කියන එක කරනවා.

ඊළඟට නාසීසතී ලොකමිමං පරඤ්‌ච. මෙතනත් හරි වැදගත්. මෙතන පෙන්නනවා මිය ගියා වූ විඤ්ඤාණය මගින් නේ ද පරලොව ගැන, ඊළඟ මොහොත ගැන, හිතන්නේ? විඤ්ඤාණය මිය ගියා නම් ඒකේ පැවැත්මක් නෑ. මේ මැරිච්ච විඤ්ඤාණය තමයි මේ ඉස්සරහ ඊළඟ එක ගැන හොඳයි කියන්නේ. මේ දැන් තියෙන ඊළඟ මොහොත වේවා ඊළඟ භවය වේවා නොපවතින දෙයක් ගැන නැවත සිතීම මුනිවරයාට ගෝචර නොවෙයි.

ඕක තමයි මම කළ භාවනාව.

ඉතින් භාවනාව නැවැත්තුවා ම මට තේරුණා ඉතාමත් slow විදිහට මනෝමය කාය මේ ශරීරයට ඇතුල් වීම කියන එක. මුලින් ම තමන්ට තෝරගන්න හැකි වන විදිහට සඤ්ඤාව ඇති වෙනවා. ඊට පස්සේ වේදනාව ඇති වෙනවා. ඊට පස්සේ ඔළුවට යමක් ඇතුල් වෙනවා කියලා ඔළුව වටේ එහෙම boundary එක තියෙන්නේ ඒක තමන්ට දැනෙන්න ගන්නවා මේ විදිහට.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_KalahaVivivadhaSutta_Diagrams2/s_KalahaVivivadhaSutta_Diagrams2-05.jpg