ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම අර කළින් කළ ගාථාව ම නැවතත් කරගෙන ගියා. “සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.”
එතකොට ඒ සඤ්ඤාව කියන එක සීල සූත්‍රයේ විදිහට බැලුවා. සබ්බ ලෝකෙ අනභිරත සඤ්ඤා, සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤා ඒවා ඔක්කොම මෙනෙහි කළා.
ඊට පස්සේ අර පරිග්ගහය කියන එක, එතන අපි දන්නවා වේදනා තණ්හා, ඒ තණ්හාවෙන් පරිග්ගහය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ, බාහිර වස්තූන්ගේ පරිග්ගහය නිසා මමංකාරය කියන එක ඇති වෙනවා. එතකොට එහෙනම් තණ්හාවයි, පරිග්ගහයයි අතර අපිට ඇති වෙනවා අර තණ්හා මම කියන එක කතාව. ඊළඟට පරිග්ගහයෙන් ඇති වෙන මමංකාරය එතෙන්දි ගන්න ඕනෑ දිට්ඨි මම කියලා. අන්න ඒ විදිහට ඒ දෙක බලන්න පුළුවන්.
දැන් මේකෙ පෙන්නනවා අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ කියලා. එතකොට ඒ දිට්ඨි සල්ලය නොවෙනවා නම් ඒ සඤ්ඤා, සංස්කාර දෙකෙළවර අත හරින්නේ අත්තා සිට නිත්‍යයට යනවා කියන එකේ නැති වීම කියන එක තියෙනවා.
එතකොට නිත්‍ය කියන එක වෙන්නේ නැති නම් අත්තවාද උපාදානය කියන එක සිද්ධ වෙන්නේ නෑ. එතකොට මේ විදිහට මෝහ සල්ලය අත් ඇරීමට අපිට තුඩු දෙනවා. මෝහ සල්ලය අත් ඇරීමට තුඩු දෙන්නේ, එමගින් කාම උපාදානය කියන එක අත් ඇරීමට පදනම සකස් වෙනවා. ඔතන තියෙනවා කෙනෙකුට බොහොම ගැඹුරට බලන්න මේ භාවනාව, ඒක අපි තමන්ට ම බලන්න ඉතුරු කරමු.
එතකොට ඒ කාම උපාදාන අත් ඇරීමට පදනම සකස් වෙන්නේ ඒ රාග සල්ලයන් අත් ඇරීමට තුඩු දෙනවා. කාම උපාදාන අත් අරින්නේ නම් එම කාමයන් ම නිසා ඇති වූ දිට්ඨි උපාදාන කියන ඒවා අතහරිනවා. එතකොට ඉහත අපි පෙන්නුවා නේ, දිට්ඨි සල්ලයත්, ඒ දිට්ඨි උපාදානයත් අත අරිනවා නම් අර භව ආශ්‍රව ඉවත් වීම හරහා භවෙසන ප්‍රහාණයට තුඩු දෙනවා. එමගින් දෝෂ සල්ලය කියන එක බැස යනවා. සීලබ්බත උපාදානය අත අරිනවා. දැන් පවතින වේදනා නිසා මෙලොව අගයත්, ඒ වගේ ම අනුසය නිසා වූ පසු අගයෝ ද අත අරිනවා කියලා ඒ ගාථාව ඔය විදිහට සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ ගාථාව අපි සාකච්ඡා කළා. ඒ අනුව බලන්න ඕනෑ. උපාදාන අතර සම්බන්ධතාවය බොහොම ගැඹුරට තමන් ම කල්පනා කර බලන්න ඕනෑ.
ඒක තමයි මම කළ භාවනාව.