ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම කළේ අපි ගාථාවක් සාකච්ඡා කළා නේ. “සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං,” කියලා. එතකොට ඒ ගාථාව අපි සාකච්ඡා කළා.
සඤ්ඤාව සීල සූත්‍රයේ විදිහට බලනවා. සබ්බ ලෝකෙ අනභිරත සඤ්ඤා, සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤා ඒ විදිහට මෙනෙහි කරනවා කියලා. ඊට පස්සේ පරිග්ගහය, තණ්හා පරිග්ගහය, දිට්ඨි පරිග්ගහය කියන දෙක බැලුවා, තණ්හා මම, දිට්ඨි මම වශයෙන්.
ඊට පස්සේ අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ කීවා ම අපි සාකච්ඡා කළා ඒ දිට්ඨි සල්ලය නොවන්නේ නම් සඤ්ඤා, සංස්කාර දෙකෙළවර අත් අරින්නේ, අත්තා සිට නිත්‍ය නොවෙනවා කියලා. නිත්‍ය නොවෙනවා නම් අත්තවාද උපාදානය නොවේ. මෙසේ මෝහ සල්ලය අත් ඇරීමට තුඩු දෙයි. මෝහ සල්ලය අත් ඇරීමට තුඩු දෙන්නේ, එමගින් කාම උපාදානය අත් ඇරීමට පදනම සකස් වේ කියලා.
ඉතින් මම ඊයේ කීව නේ ඕක හිතන්න ඉඩ දුන්නා කියලා. ඔතන තියෙන්නේ මොකක් ද? ඔය උපාදාන අතර සම්බන්ධතාවය කෙනෙක් බලනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඒ වේදනා චේතනා, පරාමාස, භය අගති, වේදනා කියලා අපි හදා ගන්නවා. ඒකෙ මතක ඇති අපි දිට්ඨි උපාදානය කියන එක ලකුණු කළා චේතනා පරාමාස, භය අගති වේදනා. ඒ අත්තවාද උපාදානයට P, Q කියලා එහෙම දාගත්තා, එතන සෝකය ඉඳන් වේදනාව, වේදනාවේ ඉඳන් පරාමාසයට. එතකොට කාම තණ්හා කියන එක තමයි වේදනාව සිට පරාමාසයට. එතකොට පරාමාස ඉඳන් භය අගතියට අපි ලකුණු කරගත්තා භව තණ්හාව, ඒ වගේ ම කාම උපාදානය. එතකොට සීලබ්බත උපාදානය වේදනා චේතනා, චේතනා පරාමාස කියලා ඕගොල්ලො දන්නවා.
දැන් බලන්න මෝහ සල්ලය වුණොත් මොකද වෙන්නේ? ඒ මගින් අපිට දිට්ඨි සල්ලය ඇති වෙනවා. අවිද්‍යා ආශ්‍රව හරහා දිට්ඨි ආශ්‍රව, ඒකෙන් දිට්ඨි සල්ලය කියන එකට එනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? සඤ්ඤාව කියන එක සනාථ කරනවා. දැන් එතකොට අපිට ලස්සනට පේනවා, ඒක කරන්නේ නැත්නම් අබ්‌බූළ්‌හසල්‌ලො කියන එක හොඳට වෙනවා, අරක සනාථ කරන්න බෑ. දෙකෙළවර අත ඇරිය. සඤ්ඤාව සනාථ කරගන්න බෑ කියන එක තියෙනවා.
ඉතින් ඔතන අපි සාකච්ඡා කළා ඔය 12/02/2016 උපාදාන භාවනාවෙදි, ඒ යම් වේදනාවක් පරාමාසගත වූවා ද, ඒ කියන්නේ Q කියලා අපි දැම්මේ වේදනා පරාමාස, එහෙම නම් එමගින් අත්තා යන්න සෑදීම වෙන බව පැහැදිලියි. එහෙම නම් කාම උපාදානය වෙනවා. අර පරාමාසගත වීම නිසා තමයි එතන ඒ කාම උපාදානය කියන එක සිද්ධ වෙන්නේ. ඒ කාම උපාදානය එතකොට එතන පරාමාස භය අගතිය රේඛාවේ ලකුණු වෙනවා. එතකොට මේක නේ මේ සනාථ කරන එක. දැන් ඒ කියන්නේ මොකක් ද මේ අයින් කළේ? නිත්‍යභාවය.
අතන නිත්‍යභාවය නැති නිසා තමයි අපි එන්නේ නෑ. එහෙම නම් දිට්ඨි සල්ලය සඤ්ඤාව අල්ලාගෙන කරකැවෙන්න දෙන්නේ නෑ කියන එක. ඒ කියන්නේ විඤ්ඤාණයේ තිබුණා වූ දෙය නේ මේ ආපහු එවන්නෙ නිත්‍යභාවයට.
එතකොට දැන් ඊළඟට ආපහු කාම උපාදානය අත්හැරීමට පදනම සකස් වෙන්නේ රාග සල්ලයන් අත් ඇරීමට තුඩු දෙනවා. එතකොට එතැනින් රාග සල්ලයන් අත් අරිනවා නම් කාම උපාදානය අත්හැරීම කියන එක එනවා. එහෙම වෙනවා නම් කාමය නිසා වන දිට්ඨි උපාදානයන් කියන ඒවා අත අරිනවා, කාමය නිසා වූ දිට්ඨි උපාදානය. මොකක් ද මේ අයින් කරන්න යන්නේ? අන්න අර නිත්‍යභාවයත් එක්ක තිබෙන්නා වූ කතාව තමයි මෙතෙන්දි අයින් කිරීම කියන එක තියෙන්නේ.
එතකොට දැන් අපි පෙන්නුවා දිට්ඨි සල්ලය සාකච්ඡා කළා. ඒකයි, දිට්ඨි උපාදානය දෙක ම අත අරිනවා නම් අර භව ආශ්‍රව ඉවත් වීම හරහා භවෙසන ප්‍රහාණයට තුඩු දෙනවා. කියලා. ඒක කොහොම ද සිද්ධ වෙන්නේ?
දැන් බලන්න දිට්ඨි සල්ලය කතාව නැත්නම්, දිට්ඨි උපාදානය නැත්නම්, diagram එකේ පෙන්නුවා නේ අපි A කියන point එක චේතනා පරාමාස. ඒකේ පසු එක නේ මේ කතා කරන්නේ. පසු එක තමයි භව ආශ්‍රවයට වෙන්නේ නේ ද?
එතකොට එහෙම නම් අර වේදනාවේ නිත්‍යභාවය කියන එක ඉවත් වෙනවා. එතකොට ඒක ඉවත් වෙනවා නම්, සීලබ්බත උපාදානය ඒකෙන් ඉවත් වෙනවා. දැන් පේනවා ද සම්බන්ධතාවය? එතකොට එහෙම නම් ඉතින් පෙන්නනවා අර ද්වේෂ සල්ලය බැහැලා යනවා. ඇයි සල්ලයෙන් ආපහු නිත්‍යභාවය අපිට එනව නේ කරකවලා. එතකොට සීලබ්බත උපාදානය අත අරිනවා. ඉතින් දැන් පවතින වේදනා නිසා මෙලොව අගය, ඒ වගේ ම අනුසය නිසා ඇති වෙන පරලොව අත අරිනවා කියන එක. ඕක තමයි ඔය විසඳුම. හරි ලස්සනයි.
ඒක තමයි මම කළ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්