Date: 31/08/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද මම කළින් කළ ගාථාවක් බැලුවා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.” කියන ගාථාව

එතකොට මේකේ සත්වයා කියන එක අපි දන්නවා රූපයේ යම්කිසි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, තෘෂ්ණා දිට්ඨි උපායාසයන්, අදිට්ඨාන, අභිනිවේස, අනුසය, මේවා තියෙනවා නම් ඒ ඇලිච්ච එක්කෙනා, සත්වයා කියලා කියනවා.

ඒකෙන් අනතුරුව තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. එතන රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා සිටිනවා. මෝහ වශයෙන් මූඪ වෙලා සිටිනවා. නානාලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් අපි ස්ථීර වෙලා ඒ බවට පැමිණිලා සිටී.

එතකොට අනුසය වශයෙන් ස්ථීර වෙන්නේ විපල්ලාස. දිට්ඨි අනුසය මගින් ඒ රූපයට ඇඟිල්ල දික් කරලා “සුඛ,” යි කියලා පවසනවා. කාමරාග අනුසය සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා කියනවා. එතකොට අවිද්‍යා අනුසය සියලු විපල්ලාසයන් ම ස්ථීර වශයෙන් වරදවා වටහා ගන්නවා. ඉතින් මෙතන ම කෙනෙකුට පේනවා, ඉතින් මේ බොරු ගොඩක් ම නේ මේ පෙන්නුවේ සුඛයි කියන එක මේ දුක්ඛය කියන එක වෙනුවට.

ඉතින් මෙතෙන්දි මට සම්බන්ධ වුණා ඊයේ භාවනාවත් එක්ක. කාමරාග අනුසය මගින් ඒ සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි පැවසීම තීරණ පරිඤ්ඤාවෙන් නවතාලනවා. දැනට ම පේනවා නේ මේක බොරුවක් කියන එක.

ඊළඟට මුනිවරයාට සුදුසු නොවන්නා වූ පටිඝ සඤ්ඤාවෝ ඉවතලන්නේ නම් අසම්පජානකාරීත්වයට සුඛ වශයෙන් ගෙන නැවතත් සඤ්ඤා වීම නවතාලනවා. එමගින් සඤ්ඤාවන් සනාථ වීම නිත්‍යභාවය මගින් කළ නොහැක්කේ ය. කුමක් නිසා ද?

දුක් වූ දෙයක් මගේ යැයි නොගන්නා බැවින් අත්තා සිට නිත්‍ය නොවන්නේ ය. අර “අනිත්‍ය නම්, දුක නම් විපරිණාමයට පත් වෙන්නේ නම් මගේ කියලා ගන්න වටින්නේ නෑ,” කියන්නෙ. අන්න ඒ අර්ථය නේ. එතකොට නිත්‍ය නොවන්නේ ය. මෝහ සල්ලය මගින් ඒ දිට්ඨි සල්ලයට බලපෑම කළ නොහැකි වන්නේ ය. මෙසේ මේ කාම උපාදානය කියන එක බැහැලා යනවා.

එතැනින් එනවා ඊළඟ පදයට. දූරේ විවෙකා හි තථාවිධො සො කියන එකට. ප්‍රථමධ්‍යානයට සමවැදුණ පුද්ගලයාට ඒ නීවරණයන්ගෙන් වෙන් වෙනවා කියන එක. දැන් එතකොට අපිට මතක් වෙන්න ඕනෑ අර උපාදාන diagram එක. දැන් අපි කීව නේ කාම උපාදානය බැහැලා යනවා කියලා. ඉතින් ඔය කාම උපාදානය ලකුණු කරගන්නේ පරාමාස භය අගති. නේ ද? එතකොට වේදනා, පරාමාස, පරාමාස, භය අගති, භය අගති වේදනා. එතකොට පරාමාස භය අගතියට කාම උපාදානය ලකුණු කරගන්නේ. එතකොට කාම උපාදානය බැහැලා යනවා නම් කාමච්ඡන්දයෝ බැහැලා යනවා. එතකොට ඕලාරික වූ කිසිදු රූපයක් නොපතන්නේ ඒ ධ්‍යානයන්ට පදනම කියන එක සැලසෙනවා. ඒ විදිහට විවේකය කියන එක සිහි කළා.

දැන් ඒ විදිහට ගිහිල්ලා, ආකාසානඤ්චායතනයට සමවැදිච්ච පුද්ගලයාට රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤා වෙන්, වෙන් වීම කියන එක තියෙනවා. නානත්ත සඤ්ඤාව විඤ්ඤාණයේ ඇති අගයන් පැවරීම ලෙස අපි පෙර සාකච්ඡා කර තියෙනවා. විඤ්ඤාණයේ තියෙන එක තමයි ඔය නානත්ත සඤ්ඤාවට එන්නේ. ඒ කියන්නේ මොකක් ද? මෝහයේ සිට දිට්ඨි සල්ලය හරහා රූපය දක්වා පැමිණීමයි.

අපි ඊයේ සාකච්ඡා කළා නේ ඒක ලස්සනට නේ ද? එතකොට ඉහත සඳහන් අයුරින් කාම උපාදානය ඉවත් කරන ලද්දේ නම්, එම නානත්ත සඤ්ඤාවෝ බැස යයි. ඒ නිත්‍යභාවයක් නොවන බව දන්නා, දක්නා නිසා ය. අන්න අර රූපයේ අර නිත්‍ය කතාවට එන්නේ නෑ.

අත්තවාද උපාදානයෙන් අපි දන්නවා, කාම උපාදානය කියන එක, හැදෙනවා කියලා. ඒක වෙන්නේ නැති හැටි අපි බැලුවා. එතකොට මේක ආකාසානඤ්චායතනය වීමට තුඩු දෙනවා. තව ද, පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි, නොකියන්නේ පටිඝ සඤ්ඤාවෝ බැස යනවා. ආකාසානඤ්චායතනය ස්ථීර වෙනවා.

අන්න ඒකයි point එක. එහි බසියි, පහදියි. එහි නිශ්චයට බැස ගැනීම රූප සඤ්ඤා ඉවත් වීම සමඟ සිදු වෙනවා. මෙය දිට්ඨි උපාදානය බැස යෑම මගින් සිදු වෙනවා. මෙය සිදු වෙන්නේ රූපයට නිත්‍යභාවය සනාථ කරන රාග සල්ලය ඉවත් කිරීමෙන් අනතුරුවයි. මොකද, අර රාග සල්ලය තියෙනවා නම් අර කාමයත් එක්ක අල්ලලා කරකවනවා කියන එක තියෙනවා.

දැන් පේනවා නේ අර බුදුහාමුදුරුවෝ භාවිතා කරන්නේ ඔහුගේ සිත මේ ආකාසානඤ්චායතනයේ බසී, පහදී, නිශ්චයට යයි කියල නේ. ඒ කෑල්ලෙන් කෑල්ල දැන් පේනවා.

ඊළඟට විඤ්ඤාණඤ්චායතනයට සමවැදුණු අයකුට ආකාසානඤ්චායතන සඤ්ඤාවෙන් විවේකය ඇත. මෙය වීමට නම් වේදනා නිසා වන දිට්ඨි උපාදානයෝ බැස යා යුතුයි. ඒ සඳහා 50% පාරේ ඒ කියන්නේ, සංකප්ප පාර හරහා පැමිණෙන වේදනාවන් ඉවසිය යුතුයි. ඉතින් දැන් අපිට මේ වෙලාවේ පැහැදිලි වෙනවා, අර භය අගති, වේදනා, චේතනා රේඛාවන්ගේ කැපීම.

රහතන් වහන්සේ කීවේ විඤ්ඤාණඤ්චායතනයට යනකොට, මතක ද, ඒ කියන්නේ දැන් මෙතන diagram එකක් හැටියට එනවා නම්, භය අගතියෙන් වේදනාව, සංකප්ප පාරේ ජාතිය ඉඳන් වේදනාවට එන රේඛාව තියෙනවා. ඊට පස්සේ වේදනාව ඉඳන් චේතනාවට. දැන් “අර 50% පාරේ එන වේදනාවන් අපි ඉවසන්න ඕනෑ.” එතකොට ඉතින් ඔතන B කියලා ලකුණු කර ගත්තේ දිට්ඨි උපාදානයේ කොටස, මතක ද, ඒක කෑලි දෙකකට කැඩෙනවා නේ. භය අගති, වේදනා කෑල්ල එකක්. චේතනා, පරාමාස කෑල්ල තව එකක්. එතකොට අර, භය අගති, වේදනා, වේදනා, චේතනා කතාව නැති වෙන්න ඕනෑ.

ඊළඟට ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණු අයකුට විඤ්ඤාණඤ්චායතනයෙන් විවේකය ඇත. මෙය සිදු වන්නේ සීලබ්බත උපාදානය ඉවත් වීමෙන් අනතුරුවයි. ඒ කියන්නේ මොකක් ද? වේදනා චේතනා රේඛාව, චේතනා පරාමාස රේඛාව හරහා පරාවර්තනය නොවිය යුතුයි. අපිට පේනවා නේ සීලබ්බත උපාදානය කෑලි දෙකක් තියෙනවා නේ. වේදනා චේතනා, චේතනා පරාමාස කියලා. එතකොට අපිට වෙන්නේ මොකක් ද?

ඒ චේතනා පරාමාස රේඛාව ඔතන තියෙන්නේ දිට්ඨි උපාදානය. එතකොට අර සීලබ්බත උපාදානය තියෙන වේදනා චේතනා කෑල්ල, චේතනා පරාමාස හරහා පරාවර්තනය වුණොත් අන්න එනවා චේතනා ඉදංසච්චය කියන එකට. ඒක නොවෙන්න ඕනෑ.

ඉතින් මේ වෙලාවේ ඕගොල්ලන්ට පේනවා, පරාමාසයයි චේතනාවයි අතර අර අත්තා කියලා ගන්න එකේ පසු සඤ්ඤාව භව ආශ්‍රවය. ඉතින් ඒක තිබුණා නම් අපි ද්වේෂ සල්ලයට ගිහිල්ලා, ආපහු වේදනාව අල්ලලා කරකවනවා කියන කතාව තියෙනවා නේ. ඒක නේ අර වේදනාව ගැන සඤ්ඤා මනසිකාරයන් නැති වෙන්න ඕනෑ කියලා කියන්නේ.

මේ භාවනාව කළහම ඉතින් ඒ ඒ ධ්‍යානය තමන්ට ඉන්න පුළුවන් ආකාසානඤ්චායතනය ද, විඤ්ඤාණඤ්චායතනය ද ඒ ඒ විදිහට අර ingredients භාවිතා කරන්න විතරයි තියෙන්නේ.

ඒක තමයි මම කළ භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_upadana.jpg