ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සත්තො ගුහායං ගාථාවෙන් මම පටන් ගත්තා, “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”
එතකොට ඒකේ සත්වයා කිව්වා ම අර ඡන්දය, රාගය, නන්දිය, තෘෂ්ණාව, තෘෂ්ණා දිට්ඨි, උපායාසය, අදිට්ඨාන, අභිනිවේස, අනුසය, කාරණා ටික ඒ විදිහට මෙනෙහි කළා. එතකොට ඒ ඇලිච්ච එක්කෙනා, සත්වයා. ගුහායං මේ ශරීරයට අධිවචනයක්. එතකොට අපිට නිර්වාණය වැහිලා. තිට්ඨං නරො එතෙන්දි සිහි කළා. රාග වශයෙන් රත් වෙලා ඉන්නවා, ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා, මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා, නානාලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර වෙලා ඉන්නවා. එතකොට අනුසය වශයෙන් ස්ථීර වෙන්නේ විපල්ලාස. දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. කාමරාග අනුසය සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි පවසනවා. පටිඝානුසය අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. අවිද්‍යා අනුසය සියලු විපල්ලාසයන් ම ස්ථීර වශයෙන් වරදවා වටහා ගන්නවා. ඉතින් මේ සියලු ධර්මයන් මගින් දුක ම ඇති කරන බව ඒකේ වැටහෙනවා.
ඊට පස්සේ මම ආවා මහා නිද්දේසයේ, පිටුව 138, සුද්‌ධට්‌ඨක නිර්දේශය තියෙනවා ගාථාවක්. “සීමාතිගො බ්‍රාහ්මණො තස්ස නත්ථි, ඤත්වා ච දිස්වා ච සමුග්ගහීතං. න රාගරාගී න විරාගරත්තො, තස්සීධ නත්ථි පරමුග්ගහීතං.”
ඒකේ පෙන්වන්නේ ඒ ක්ෂීණ ශ්‍රාවක තෙමේ, රහතන් වහන්සේ ඒ චතුර්විධ ක්ලේශ සීමාව ඉක්ම වූයේ, ඒක නිසා බ්‍රාහ්මණයි කියලා කියනවා. ඒ ක්ෂීණ ශ්‍රාවකයාට අනුන්ගේ සිත් දන්නා නුවණ, එහෙම නැත්නම්, පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණින් දැනගෙන, එහෙම නැත්නම් දිවසින් යමක් දැකගෙන එහෙම ගන්නා වූ දෙයක් නෑ. හෙතෙමේ කාමරාගයෙන් රාගවත් නොවෙයි, රූපරාග සංඛ්‍යාත විරාගයෙන් රක්ත වූයේ නොවෙයි. ඔහුට මෙලොව උතුම් යැයි දැඩිව ගන්නා ලද කිසිවක් නැත්තේ ය.
ඉතින් මේ ගාථාව පැහැදිලි කරනවා බ්‍රාහ්මණ තෙමේ කීවා ම සීමාව ඉක්මවා ගියේ, දැන ද, දැක ද, පිළිගත්තේ නැත. ඒකේ පළවෙනි පද දෙකේ අර්ථය සීමා කියනකොට පෙන්නනවා, ආත්ම දෘෂ්ටිය, සැකය, අන්‍ය වූ සීලවෘතයන් පිළිගැනීම, දිට්ඨානුසය, විචිකිච්ඡාව, එයට එකතු වෙන තවත් කෙලෙසුන් මේ පළවෙනි සීමාවයි කියලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස විදිහට පෙන්නනවා.
ඊළඟට දෙවැනි සීමාව ලාමක වූ කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, ලාමක කාමරාග අනුසය, පටිඝානුසය, ඒකට එකතු වෙන තවත් කෙලෙස්, ඒ තමයි දෙවැනි සීමාව. ඒක තමයි, අපි දන්නවා, ඔය සකෘදාගාමී ඵලයෙන් එහෙම නැති වෙන එක කියලා.
තුන් වෙනියට පෙන්නනවා මුල් බැස ගත් කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, මුල් බැස ගත් කාමරාග අනුසය, පටිඝානුසය, ඒකට එකතු වෙන තවත් කෙලෙස් තුන් වෙනි සීමාවයි කියලා.
හතර වෙනියට පෙන්නනවා රූප රාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව, මාන අනුසය, භවරාග අනුසය. ඒකට එකතු වෙන තවත් කෙලෙස් හතර වෙනි සීමාවයි කියලා.
එතකොට මේ ආර්ය මාර්ග හතරින් මේ සතර සීමාවන් ඉක්මවන්නේ ද, හෙතෙම සීමා ඉක්ම වූ තැනැත්තායි කියලා කියනවා.
ඊළඟට බ්‍රාහ්මණයි කියලා කියන්නේ ධර්ම සතක් දුරු කිරීමෙන් බ්‍රාහ්මණ වෙනවා. ඒ කියන්නේ, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දුරු කළා. රාගය මැඩ පවත්වනවා, ද්වේෂය මැඩ පවත්වනවා, මෝහය මැඩ පවත්වනවා, මානය මැඩ පවත්වනවා, අන්න ඒ කාරණා හත අයින් කළා නම් අන්න ඒ පුද්ගලයා එතන බ්‍රාහ්මණයි කියලා කියනවා.
එතකොට ඒ කියන්නේ ආශ්‍රවයන් දුරු කළ තෙමේ බ්‍රාහ්මණයි කියලා කියනවා. එතකොට මෙතන පෙන්නනවා මේ රහතන් වහන්සේට, දැන, කියලා කියන්නේ අනුන්ගේ සිත් දැනීම නුවණින් දැන, පෙර විසූ භවයන් සිහි කිරීම නුවණින් දැන, දැක කියලා කිව්වා ම ඇසෙන් දැකලා එහෙම නැත්නම් දිබ්බචක්ඛුවෙන් දැකලා, එහෙම පිළිගත්තා වූ දෙයක් ඔහුට නෑ. මේ උතුම් ය, මේ අග්‍ර ය, ශ්‍රේෂ්ඨ ය, ප්‍රමුඛය කියලා බැස ගැනීමෙක් නෑ. ඒවා සංසිඳෙනවා. ඉපදීමට නොසුදුසුයි. ඥානය නමැති ගින්නෙන් දවන ලද්දේ ය කියන එක.
ඊළඟට පෙන්නනවා රාගයෙන් රත් වූයේ නොවෙයි. විරාගයෙන් රත් වූයේ ද නොවෙයි. ඒක තමයි මේ න රාගරාගී න විරාග රත්‌තොති කියන්නේ. යම් කෙනෙක් පංචකාම ගුණයන්ගෙන් ඇලුණා ද, ගිජු වුණා ද, ඒ මුළා වුණා ද රාගයෙන් රත් වුණා කියනවා. යමෙක් රූප රාග, අරූප රාගාවචර සමාපත්තියෙන් ඇලුණා ද, ගිජු වුණා ද, මුළා වුණා ද, ඒ විරාගයේ ඇලුණා කියලා කියනවා. ඒකෙනුත් රත් වුණා කියන එක තමයි පෙන්වන්නේ. එතකොට රාගයෙන් රත් වූයේත් නොවෙයි. විරාගයෙන් රත් වූයේත් නොවෙයි.
එතකොට යම් හෙයකින් කාමරාග, රූප රාග, අරූප රාග ප්‍රහීණ වූවා වෙත් ද, මුලින් සිඳිනා ලද මුල් ඇත්තේ මුල හෝ අග සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ ඉපදීම නුසුදුසු කරන ලද්දේ ය. ඉතින් මේ විදිහට රාගයෙන් ඇලුණෙත් නෑ විරාගයෙන් ඇලුණෙත් නෑ කියලා කියනවා.
ඊළඟට අවසානයට පෙන්නනවා තස්සීධ නත්ථි පරමුග්ගහීතං ඒකේ තස්සාති කියලා කියන්නේ රහතන් වහන්සේට තමයි තස්සාති කියලා කියන්නේ. ඒ පුද්ගලයාට මේ පිළිගත්තා වූ දෙයක් නෑ. මේ උතුම්, මේ ශ්‍රේෂ්ඨයි කියලා ගන්නා වූ පරාමාස කරන ලද්දක් බැස ගන්නක් නෑ. විද්‍යාමාන වූ නොවෙත්. එතකොට ඥානය නමැති ගින්නෙන් දැවුණා කියන එක පෙන්නනවා.
ඉතින් මේ ගාථාවේ මම කළේ, අර සීමා කියන කොටස සිහි කළා. දැන් අපි අර දිට්ඨි අනුසය මගින්, ඒ තත්වයට අපි රූපය සුඛයි කියන තත්වයට එනවා කියන එක අපි මෙනෙහි කරලායි තිබුණේ, සත්තො ගුහායං ගාථාවෙන්. දැන් මෙතන සීමා කියන එක ඔය සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා, ඒක දුක්ඛ table එකේ 5.5, අන්න ඒ විදිහට සිහි කළා. ඒකෙන් සීමා වෙන හැටි. ඊළඟට කාමරාග අනුසයෙන්, පටිඝානුසයෙන් වේදනාව නිසා රූප සෙවීම නොකිරීම ලෙස සිහි කළා. එතෙන්දි අපි දන්නවා ඔය රූප, වේදනා, ගිද්ධිලෝභ belt එක වේදනාව නිසායි අපි මේ රූපයට මේක හොඳයි කියලා, ගිද්ධිලෝභ ඇති වෙලා යන්නේ.
ඊළඟට අනු සහගත, රාග අනුසය, පටිඝානුසය කියන කොටස, ඔය 17/05/2017 නිබ්බාන භාවනාවෙදි අපි සාකච්ඡා කළා. අනු සහගත වූ කාමයන්, දිට්ඨි අනුසය නිසා වන කාමයන් වන්නේ ය කියලා. තමා යැයි ගත් පමණින් ඒක සිදු නොවේ. නිත්‍ය සංකල්පය මගින් සීලබ්බත පරාමාස වීමට පසුව සිදු වෙනවා කියලා. අන්න එතෙන්දි මට සම්බන්ධ වුණා අර පෝතලිය සූත්‍රයේ 6.6. ඒකේ අපි දන්නවා ඔය area 1 කියලා අපි ගත්තා ගිද්ධිලෝභ, කබලිංකාර ආහාර, වේදනා. ඒකෙන් අපිට ඇති වෙනවා ගිද්ධිලෝභ, ජාති, වේදනා. ඒකේ shadow එක වාගේ. ඒ area 2 එකෙන් ඇති වෙනවා area 3 එක වේදනා, මනොසඤ්‌චෙතනා, පරාමාසකායගන්ථය. අන්න ඒකෙන් අපිට ඇති වෙනවා පහළ ඔය area 4, සුඛය පරාමාස වෙලා, අත්තා කියලා, දිට්ඨි අනුසය.
ඔය පෝතලිය සූත්‍රයේ දී අපි ඉගෙන ගත්තා, ඔය සීලබ්බත උපාදානය ලාභමච්ඡරිය වණ්ණ මච්ඡරියට පරාවර්තනය වෙලා ආවා, සංකප්පය කියන එක ධම්මමච්ඡරියට ආවා. ඉතින් මේකෙන් සීලබ්බත උපාදානය සකස් වෙනවා. වේදනා, මනොසඤ්‌චෙතනා, පරාමාසකායගන්ථය. එතනින් අර ටෝච් එක අල්ලනවා වගේ, අත්තා සිට නිත්‍යයට ගිහිල්ලා, එකේ පසු සඤ්ඤාව තමයි අර දිට්ඨි ආශ්‍රවය, ඒකෙන් දිට්ඨි අනුසය. දැන් එහෙනම් picture එක පේනවා. එතකොට මෙතෙන්දි මේ සීමා වීම සිද්ධ වෙනවා.
දැන් ඊළඟට මම කල්පනා කළා අර බ්‍රාහ්මණයා කියන අර්ථය. දැන් අපිට පේනවා ඉහත ධර්ම මගින් යමක් නැවැත්තුවා ද, තවමත් ඉතුරු වී පවතින්නා වූ සිත මැඩගෙන සිටින දහමක් වේ ද, මෙය බ්‍රාහ්මණයා විසින් ඉවතලනවා. කෙසේ ද? පූර්ව භවයන් මෙනෙහි කරන ඥානයෙන් නොවේ, මෙසේ දැන නොවේ, දිබ්බචක්ඛුවෙන් දැක නොවේ. ආසවක්ඛය ඥානයෙන් ම දැනගෙන ය.
රාග වශයෙන් රත් වීමත්, විරාග වශයෙන් රත් වීමත්, සිහි කළා. අර න රාගරාගී න විරාගරත්තො ති කියන පදය. මෙතෙන්දි අපිට පේනවා චේතනා, පරාමාස, භය අගති රේඛාව. මේ රේඛාවෙන් මේක බෙදෙනවා. ඒ කියන්නේ මේකේ වමයි, දකුණයි නේ ද මේ කතා කරන්නේ. වම් පැත්ත රාග වශයෙන් රත් වීම, මේ රේඛාවෙන් දකුණු පැත්ත විරාග වශයෙන් රත් වීම. මේවා එපා කියන එක. එතකොට කිසිදු කාමයක් මගින් පැවතීමක් නැත. කිසිදු සමාධියක් මගින් පැවතීමක් ද නැත.
මෙසේ දැක, දැන අන්න තමන්ට එනවා, අර තස්සීධ නත්ථි පරමුග්ගහීතං. ආශ්‍රවයන් ප්‍රහීණ කරනවා. ආසවක්ඛය ඥානයෙන් දවන ලදී කියන එක.
ඒක තමයි මම කරපු භාවනාව. මේ භාවනාව කළා ම, ඒ තමන්ගේ යම්කිසි ඥානයන් තියෙනවා ද ඒ සියලුම ඥානයන් සමතුලිත වීම සිදු වෙනවා. ඉන්ද්‍රියන් ප්‍රභාස්වර වෙලා ශාන්ත ස්වභාවයෙන් පවතිනවා. ඒ කියන්නේ එකිනෙකා නොඉක්මවයි. අන්න ඒ තත්වයට මනස පත්වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.