ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාව පටන් ගත්තේ, “මමායිතෙ පස්සථ ඵන්දමානෙ, මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ. එතම්පි දිස්වා අමමො චරෙය්‍ය, භවෙසු ආසත්තිං අකුබ්බමානො.” කියන ගාථාවෙන්.
ඉතින් මේක අපි කලින් සාකච්ඡා කළා. ඒ සැලෙනවා කියලා “ඵන්දමානෙ” කියන්නේ මේ රාගයෙන් සැලෙනවා, ද්වේෂයෙන් සැලෙනවා, මෝහයෙන් සැලෙනවා. මමායිතෙ කීවා ම තෘෂ්ණා මම, දිට්ඨි මම කියලා. එතකොට ඒ මගේ කියලා ගත්තහම, මෙච්චරකට මගේ ය, කියලා ආදි වශයෙන් අපි සාකච්ඡා කළා.
මේ විදිහට තේරුම් අරගෙන, අර එතම්පි දිස්වා අමමො චරෙය්‍ය, ඒ මගේ කියලා ගන්නේ නැතිව, භවෙසු ආසත්තිං අකුබ්බමානො. එතකොට මෙතන මේක පැහැදිලි කළා ඒ විසිවස්තුක සක්කාය දිට්ඨියේ ග්‍රහණයට පත් වුණා ද, ඒ සියලු අනුසය ධර්මයෝ නොදන්නවා කියලා. තව ද, තණ්හාව නිසා තෙත බරිත වූයේ, එම අනුසය ධර්මයන්ගෙන් ගැලවීමක් ද නැත. ඒ වගේ සත්වයෝ සැලෙනවා. කොහොම ද සැලෙන්නේ? රාග වශයෙන් රත් වුණා ම සැලෙනවා, ද්වේෂ වශයෙන් දුෂ්ට වුණා සැලෙනවා, මෝහ වශයෙන් මූඪ වුණා ම සැලෙනවා, දිට්ඨි වශයෙන් පරාමාස වුණා ම සැලෙනවා, මාන වශයෙන් නානාලම්බන වෙලා සැලෙනවා, අනුසය වශයෙන් ස්ථිර වෙලා සැලෙනවා කියලා.
ඉතින් මේක අපි ලකුණු කරගත්තා diagram එකක. අර රූපවන්තං වා අත්තානං කියලා අර මමායිතෙ, මනොසඤ්‌චෙතනාවේ ඉඳන් භය අගති රේඛාව. ඒකෙ වම් පැත්තට අපි දන්නවා diamond එකක් තියෙනවා වේදනා, නාමරූප, පරාමාස, සෝකය. දකුණු පැත්තට තියෙනවා පරාමාසය, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චය එතනින් පරිදේවය. වම් පැත්ත තණ්හා මම දකුණු පැත්ත දිට්ඨි මම කියලා සැලකුවා.
එතකොට මේකෙ සැලීම තමයි මේ මුළු අනුසය ධර්මයන් ම සැලෙනවා කියලා පෙන්නුවේ. එතකොට මේ ගාථාව බලලා, ඒ ගාථාව කළාට පස්සේ, අපිට පේනවා, ඔය දුක්ඛ table එකේ චේතනාවෙන් දකුණු පැත්තට තමයි 5.5 කියන එක එන්නේ, round 5, step 5 කියන එක. ඊළඟට චේතනාවෙන් වම් පැත්තට තමයි නාමරූප, 6.4. එතකොට එහෙම නම් යම් පැද්දීමක් වෙනවා ද, දිට්ඨි වශයෙන් දකුණු පැත්ත, 5.5 අත්තා කියලා පැද්දෙනවා. නන්දි වශයෙන් 6.4, වම් පැත්ත. මේක මෙහෙම සිදු වුණායින් පස්සේ මේකේ අවසාන ප්‍රතිඵලය, ඒ පැද්දීම නතර වෙන්නේ දෝෂය ලකුණු කරන තැන බව වැටහුණා. මොකක් නිසා ද? සෑම මච්ඡරියක් ම වේදනාව වටේ. අන්න ඒ නිසායි.
එයින් අනතුරුව සිහි කළා, “සීමාතිගො බ්‍රාහ්මණො තස්ස නත්ථි, ඤත්වා ච දිස්වා ච සමුග්ගහීතං. න රාගරාගී න විරාගරත්තො, තස්සීධ නත්ථි පරමුග්ගහීතං.” කියන ගාථාව.
මේකේ සීමා දෙක බැලුවේ, 5.5 ඒ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟට වම් පැත්ත 6.4. එතකොට එතන අපි දන්නවා අර වේදනාව නිසා රූප සොයනවා කියන එක. දැන් නන්දිය වේදනාවත් ඉක්මවලා ඇවිල්ලා, මේක මෙනෙහි කළ ගමන් සිත නතර වුණා. මොකක් නිසා ද?
මේ සීමාවලින් ඇති වෙන්නේ, දුක්ඛ දුක්ඛතාවය ඇති කරන දෙවෙනි, ද්වේෂ පාර පමණි. ඊළඟට න රාගරාගී න විරාගරත්තො කාමයන් නිසා රාගයෙන් රත් වූවත්, ධ්‍යාන මගින් රත් වී සිටියත්, අවසාන ප්‍රතිඵලය ද්වේෂ පමණි. දුක්ඛ දුක්ඛතාවයට ම පත් වෙනවා.
ඉතින් මෙතෙන්දි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වීමත් සිද්ධ වෙනවා. “තස්සීධ නත්ථි පරමුග්ගහීතං” මේ විදිහට දැනගෙන කිසිදු උපාදානයක් අල්ලා නොගනී. එහෙම නම් අපි අර AKDS කියලා බලලා තියෙනවා. A අත්තවාද උපාදානය, K කාම උපාදානය, D දිට්ඨි උපාදානය, S සීලබ්බත උපාදානය,. ඒකෙන් මේ සීලබ්බත උපාදානය කියන එක හොඳින් වැටහෙනවා. අත්තවාද උපාදානයෙන් පටන් ගත්තත්, අවසාන වන්නේ සීලබ්බත උපාදානයෙන්, නැවතත් අපි KDS වූවොත්, කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය ඒකත් අවසන් වෙන්නේ සීලබ්බත උපාදානයෙන් නේ. අපි දන්නවා මේක AKDS වුණා ම, අන්තිමට S වලින් එන්නේ K වලට. ආවා ම කාම උපාදානය. අවසානයේ ද්වේෂ සහගත වූ දෙවෙනි පාරට ම තමයි වැටෙන්නේ.
ඉතින් මේ භාවනාවේ අපිට පේනවා දුක්ඛ table එකේ තියෙන ධර්මය තමයි මෙතන පෙනෙන්නේ. දැන් අපි දන්නවා ඒ 5.5 චේතනාවෙන් දකුණු පැත්තට තියෙන එක, ඒ දිට්ඨිය මගේ යැයි ගැනීම, ඉතින් එතන පේනවා අපිට අර භාවනාවෙදි අපි ගත්ත “අනිච්ච නම්, දුක නම්, මගේ යැයි ගන්න වටිනවා ද?” එහෙම නම් ඔය දිට්ඨීන් ගන්නේ නෑ. එහෙම නම් 5.5 පැත්ත යනවා. ඊළඟට අපිට එනවා “මගේ යැයි ගන්න නොවටින්නේ නම්” නන්දි වීම වටින්නේ ද? එතකොට එහෙම නම් අපි මේ කතා කරන්නේ 6.4, අර නන්දි වෙලා ඒක වෙන්නේ නැහැයි කියන එක. එහෙම නම් පැද්දීම නවතී.
ඊළඟට පෙන්නනවා “නන්දි වීම නොවටින්නේ දුක වන්නේ ද, සුඛ වන්නේ ද?” රාග සල්ලයෙන් කරකවලා, නැවතත් රූප කරා යෑම වටිනවා ද? අන්න “තස්සීධ නත්ථි පරමුග්ගහීතං.”
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්