Date: 22/09/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා, “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”

සත්තො කිව්වා ම ඒකේ ඡන්දය, රාගය, නන්දිය, තණ්හාව, උපාදාන, ඒ විදිහට දීර්ඝ වශයෙන් ඒක බැලුවා, බලලා ඒ ඇලීම සත්වයා.

මේකේ උපාදානවලට මනස යොමු කළා. ඒවා අතර සම්බන්ධතාවය බැලුවා. එතකොට අපි දන්නවා අර diagram එකක් හදාගත්තා, A අත්තවාද උපාදානය, K කාම උපාදානය, D දිට්ඨි උපාදානය, S සීලබ්බත උපාදානය, එහෙම ලකුණු කරන, මතකයි, ඒ වේදනා ඉඳන් චේතනා, ඊට පස්සේ චේතනා පරාමාස, එතන අර S සීලබ්බත උපාදානය ඊළඟට චේතනා පරාමාස ඒ වගේ ම භය අගති වේදනා D දිට්ඨි උපාදානය. ඊළඟට පරාමාස ඉඳන් භය අගතියට අපි ලකුණු කරගත්තා K කාම උපාදානය. ඊළඟට ආපහු සෝකය ඉඳන් වේදනාව, වේදනාවේ ඉඳන් පරාමාසය දක්වා අත්තවාද උපාදානය කියලා අපි ලකුණු කරගත්තා.

එතකොට අපි ඕකේ සාකච්ඡා කළා යම් වේදනාවක්, පරාමාසගත වුණා ද, එමගින් අත්තා යන්න සෑදීම සිදු වෙනවා. ඒක පැහැදිලියි, එහෙම නම් K කාම උපාදානය වෙනවා කියලා. ඉතින් ඒක හොඳට පේනවා මේ diagram එකේ. දැන් අපි Q කියල නේ ලකුණු කරන්නේ වේදනාව පරාමාසය. ඉතින් එතැනින් අත්තවාද උපාදානය නම්, පරාමාස ඉඳන් භය අගතියට K කාම උපාදානය. එතකොට කාම උපාදානය වුණා නම් ඊළඟට අපි යනවා, භය අගති ඉඳන් වේදනාව දක්වා D දිට්ඨි උපාදානය. ඊළඟට දිට්ඨි උපාදාන වුණා නම් වේදනා ඉඳන් චේතනාව දක්වා අර නාමරූප සහගතව, එතන අර S සීලබ්බත උපාදානය. මේ diagram එකේ අනුපිළිවෙළට වෙන එක හොඳට බලන්න ඕනෑ.

ඒක බැලුවාට පස්සේ, අනතුරුව මම කළා 20/09/2017 නිබ්බාන භාවනාව. ඒකේ අවසාන කොටසට මනස යොමු කළා. ඒ චේතනාව තිබෙන තැන මේ tent එකක රිට වගේ ඉස්සීම තියෙනවා. එනම් ඒ නාමරූප නිසා විඤ්ඤාණයේ හටගැනීම. මෙහි සියලු උපාදානයෝ අඩංගුයි. මෙහි දිට්ඨි උපාදානය ප්‍රධානයි. මෙමගින් නාමරූප ඇති වෙනවා. 6.4 දිට්ඨි උපාදානයෙන් සීලබ්බත උපාදානය. මෙය විඤ්ඤාණය නිසා නාමරූප වීම ලෙස සිතිය හැකියි. මේ අපි කතා කරන්නේ අර චේතනාව දෙපැත්තෙන්, diamond දෙකක් අපි ලකුණු කරගත්තා, දකුණු පැත්තට 5.5, වම් පැත්තේ 6.4. එතකොට දැන් රිට නිසා tent එක පේනවා. Tent එක නිසා, ඉස්සී ඇති බවක්, රිටක් වැනි දෙයක්, ඇතුළත තිබෙන බව පේනවා. මෙම කාරණා දෙක නිසා ම ඇති වෙන්නේ දුක්ඛය බව, ද්වේෂ පාර බව අපි සාකච්ඡා කළා ඒ භාවනාවෙදි.

යායත්වා ඒවා තණ්හාය අසෙස විරාග නිරොධො කියලා සිහි වුණා. තණ්හාව නොවන්නේ නම් සියල්ල නැති වෙනවා. ඒ සිදු වන්නේ දුක්ඛ table එකේ “අනිච්ච නම්, දුක නම්, මගේ යැයි ගන්න වටිනවා ද? මගේ යැයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේ ද? නන්දි වීම නොවටින්නේ දුක වන්නේ ද, සුඛ වන්නේ ද?” රාග සල්ලයෙන් කරකවලා, නැවත රූප කරා යෑම, යන්න වටිනවා ද? “තස්සීධ නත්ථි පරමුග්ගහීතං.”

අන්න ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_CulaSihanada_diagrams/s_CulaSihanada_diagrams-02.jpg


DukkaChakraya/DukkaChakraya-07.jpg