ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට ගත්තේ, “සීමාතිගො බ්‍රාහ්මණො තස්ස නත්ථි, ඤත්වා ච දිස්වා ච සමුග්ගහීතං. න රාගරාගී න විරාගරත්තො, තස්සීධ නත්ථි පරමුග්ගහීතං,” කියන ගාථාව.
ඉතින් ඒකේ අපි ඉගෙන ගත්තා මේ සීමාවන් කියන එක. අර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා පළවෙනි සීමාව, ඊළඟට කාමරාග සංයෝජන, පටිඝ සංයෝජන, ලාමක කාමරාග අනුසය, පටිඝානුසය, ඒකට එකතු වෙන කෙලෙස් දහම් දෙවැනි සීමාව කියලා. මුල් බැස ගත් කාමරාග සංයෝජන, පටිඝ සංයෝජන, මුල් බැස ගත් කාමරාග අනුසය, පටිඝානුසය, ඒකට එකතු වෙන තවත් කෙලෙස් තුන් වෙනි සීමාවයි. ඊළඟට හතර වෙනි සීමාව රූප රාගය, අරූපරාගය, මාන, උද්ධච්ච, අවිද්‍යාව, මාන අනුසය, භවරාග අනුසය ආදී වශයෙන් අපි සාකච්ඡා කළා.
ඒ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත්, ඵලයන්ගෙන් ඇති වන්නා වූ ඒ ටික තමයි මේ පෙන්වන්නේ. ඒවායේ අනිත් පැත්ත සීමා වෙනවා කියලා.
එතකොට දැන් මේ ගාථාවෙ අපිට පේනවා, අපි සාකච්ඡා කළා, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ඒක දුක්ඛ table එකේ 5.5 විදිහට බලනවා කියලා. කාමරාග අනුසය, පටිඝානුසය වේදනාව නිසා රූප සෙවීම නොකිරීම ලෙසත්, ඒ වගේ ම අනු සහගත වූ ඒ රාග අනුසය, පටිඝානුසය කියන එක, එතන දිට්ඨි අනුසය නිසා වන කාමයන් කියලා සාකච්ඡා කළා.
ඉතින් එතැනින් ආවා පෝතලිය සූත්‍රයේ 6.6 විදිහට මේක බලන්න ඕනයි කියලා. දැන් මෙතෙන්දි දිට්ඨි අනුසයෙන් ඇඟිල්ල දික් කරලා කබලිංකාර ආහාරයට ඒ සුඛයි කියලා එහෙම කියන්නේ. ඉතින් දිට්ඨි අනුසය වෙන්න නම්, K කාම උපාදානය වෙලා තියෙන්න ඕන. අපි දන්නවා ඔය, අපි AKDS කියලා බලලා තියෙනවා. A අත්තවාද උපාදානය K කාම උපාදානය D දිට්ඨි උපාදානය S සීලබ්බත උපාදානය. දිට්ඨි අනුසය වෙන්න නම් අපි දන්නවා කාම උපාදානය, අපි දන්නවා පරාමාස භය අගතිය අතර ලකුණු කරනවා, එහෙනම් ඒක සිද්ධ වෙන්න ඕන. කාම උපාදානය වෙන්න නම් අත්තවාද උපාදානය වෙලා තියෙන්න ඕන.
එතකොට මේක 5.5 අත්තා. පළවෙනි සීමාවෙන් පටන් ගන්නා ලදී. ඒ දෙවෙනි සීමාවේ දී ස්ථීර වී එයට ම බැඳීම තුන් වෙනි සීමාවේ දී ඇති වේ. දැන් සසරේ සැරිසරයි. මෙය නැති වීමට 5.5, 6.4, 7.2, 8.4 සියලු බැඳීම් නැති වෙන්න ඕන.
ඒ සඳහා දුක්ඛය දත යුතුයි. “මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍යය දෙයාකාර වේ.” මට ඒ විදිහට ඇසුණා. “දුක්ඛ ආර්ය සත්‍යය නොදන්නා වූ පුද්ගලයාට ඉපදීම ඇත. දන්නා වූ පුද්ගලයාට නිර්වාණය ඇත.”
දුක යැයි දන්නේ නම් සියලු සීමා ඉක්මවයි. සමුග්ගහීතං කියලා කිව්වේ. නොදන්නේ නම් සංසාරයේ සැරිසරයි. නන්දි නොවන්නේ සුඛ වන්නේ ද, දුක වන්නේ ද? යන්නෙහි තේරුම මෙයයි.
ඉතින් මේක තමයි කරපු භාවනාව. ඉතින් මේක කළහම සියලු ඵල චිත්තයෝ සමාකාරව පවතිනවා. ඒ වගේ ම තේරුණා මේ පළවෙනි සීමාවේ දී, නිත්‍යභාවය නිසා සක්කාය දිට්ඨිය ප්‍රමුඛ වෙනවා කියලා. මම කල්පනා කළේ ඇයි මේ බුදුහාමුදුරුවෝ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස තුනෙන් මේක පෙන්නුවේ කියන එක.
ඊළඟට පේනවා මේ දෙවෙනි සීමාවේ දී වේදනාව නිසා S සීලබ්බත උපාදානය ප්‍රමුඛ වෙනවා, prominent කියන එකයි මේ පෙන්වන්නේ. තුන් වෙනි සීමාවේ දී, උපාදාන නිසා අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීමට “සැකය” prominent වෙනවා. ප්‍රමුඛ වෙනවා. මෙසේ සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා වටහා ගත හැකියි කියන එක පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.