ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”
සත්වයා, ඡන්දය, රාගය, නන්දිය, තණ්හාව, උපාදාන, අධිට්ඨාන, අභිනිවේස, අනුසය කියන ධර්මයන්ට ඇලිච්ච පුද්ගලයා සත්වයා කියලා කියනවා. එතකොට මේ අනුසය වුණා නම්, තණ්හාවට ම නැවත යන බව සිහි කළා. උදාහරණ වශයෙන් පටිඝානුසය බලන්න පුළුවන්, ජරා, වේදනා, අසම්පජාන රේඛාව. දූරේ විවෙකා, සෝවාන් ඵල චිත්තය මගින් පළවෙනි සීමාව ඉක්මවනවා. මෙසේ ඵල චිත්ත තුන සිහි කළා.
ඊයේ භාවනාව සමඟ සම්බන්ධ වුණා. 5.5 අත්තා, මේ මගින් සීමාව ආරම්භ වේ. විඤ්ඤාණ ධාරාව අත්තා සිට නිත්‍යභාවයට පත් වීම සමඟ, නිත්‍ය යන පුහු සංකල්පයෙන් සීමාවේ. 6.4 නන්දි වීමේ දී, පෙර අනුමත කළා වූ යම් දහමක් වේ ද, එය ම එම රූප මගින්, පැවැත්විය හැකියයි සීලබ්බත උපාදානය මගින් නැවතත් ස්ථීර කරන්නේ දෙවෙනි සීමාවේ දී ස්ථීර වේ. මෙසේ දෙකෙළවරකින් පවත්නා වූ ධර්මයට, ඒ කියන්නේ විඤ්ඤාණ කෙළවරයි, වේදනා කෙළවරයි, ඒ ධර්මයට අහංකාර වුණා.
මෙතෙන්දි මම දැක්කා, සරසුලක්, tuning fork, කියලා කියන්නේ, ඒ කියන්නේ 5.5, අපිට පේනවා එතන රේඛාවක් එනවා, ඊළඟට 6.4 කියලා උඩ තව රේඛාවක් එනවා.
ඊළඟට අපිට පේනවා 7.4 පහළ ලකුණු කරන්න පුළුවන් අහංකාරය, පරාමාසයෙන් පහළට. එතකොට එහෙම නම් පරාමාසයේ සිට දකුණු අත පැත්තට 5.5 වම් පැත්තට 6.4.
මේක හරියට අර සරසුල වාගේ. කෑලි තුනට ලියාගත්තා නම්. එතකොට දකුණු අත පැත්තේ තියෙන, 5.5 කෑල්ල, විඤ්ඤාණය පැත්තට යනවා. ඊළඟට 6.4 පැත්ත රූපයට යනවා. විඤ්ඤාණය සහ රූපය දෙසට resonance වෙනවා කියන එක වැටහෙනවා. ඉතින් මේ වෙලාවෙ “Excellent” කියලත් ඇහුණා.
දුක්ඛය දන්නේ නම් නිර්වාණය ඇත. ඒ resonance නවතා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මෙතන අපිට පේනවා, ඔය 5.5 කියන එක ගත්තොත්, එතන අත්තා සිට නිත්‍යයට යනවා. ඒකේ පසු සඤ්ඤාව හැටියට අවිද්‍යා ආශ්‍රවය, අත්තා එකෙන් ඇති වෙනවා. ඊළඟට 5.5 ඉඳන් චේතනාව කියන පැත්තට ආවොත්, අපි දන්නවා, විඤ්ඤාණ ධාරාව දකුණට ගිහිල්ලා ආපහු වමට එන අවස්ථාව. එතන අත්තා කියන එක තියෙනවා, චේතනාවයි පරාමාසකායගන්ථයයි අතර.
එතකොට ඒ අත්තාගේ පසු සඤ්ඤාව භව ආශ්‍රවය. වම් පැත්තේ එහෙනම් 6.4 කියන එක තියෙනවා. එතකොට 5.5 සිට 6.4 දක්වා පැමිණෙනවා නම්, අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව දක්වා යෑම ආරම්භ වෙලා තියෙනවා. 6.4 දක්වා පැමිණ ඇත්තේ, නන්දිය මගින් හෝ පැවතුණායි සතුටු වෙනවා. දිට්ඨිය බිඳුණත් අපි ඒකෙන් සතුටු වෙනවා.
දුක්ඛ table එකත් එක්ක මේක සිහි කරන්න ඕන. මේ නිසා භව ආශ්‍රවය පසු සඤ්ඤාවක් ලෙස පැවතීම පමණක් නොව, ඒ ස්ථීර වීම, firm වීම, කියන එක සිදු වෙලා තියෙනවා. එවැනි භව ආශ්‍රව මගින් අවිද්‍යා ආශ්‍රවයට එකතු කිරීම කියන එක සිද්ධ වෙනවා.
අපි දන්නවා අර මැද්දේ hub එක කැරකිලා පාත්තරයේ, ඒකෙන් එකතු වෙනවා කියලා අවිද්‍යා ආශ්‍රවයට. දැන් වේදනා සහ විඤ්ඤාණ යන ධර්ම දෙක ම රූපය නිසා පවතිනවා යන හැඟීම ඇත්තේ, අහංකාරය සමඟ ම අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීම, රාග සල්ලයෙන් රූප ස්පර්ශ කිරීම සිදු කරනවා. මේ විදිහට මේ සරසුල vibrate වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.