Date: 04/10/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

29 වෙනිදා භාවනාව මතකයි, ඒ කියන්නේ අර සරසුලක් ගැන අපි සාකච්ඡා කළා. ඒ 5.5 අත්තා, ඒකේ පසු සඤ්ඤාව අවිද්‍යා ආශ්‍රව වෙනවා. එතන අත්තා සිට නිත්‍යයට යනවා නම් සරසුලය එක පැත්තකින් විඤ්ඤාණය කරා ගමන් කරනවා. අනිත් පැත්ත 6.4, එතන වේදනාව, ඉතින් මේ දෙකෙළවරින් ස්ථීර වීමක් කියන එක සිද්ධ වුණා මේ ධර්ම දෙක මගින්, ඒකෙන් දැන් 6.4 ඉඳන් අපි දන්නවා රූපය කරා ගමන් කිරීමක් කියන එක සිද්ධ වෙනවා කියලා.

එතකොට ඒක කළහම මේකේ පේනවා, මේ සරසුල නිසා, මේ චලනයක් විතරයි, vibration එකක් විතරයි තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි, ඇති වෙන්නේ දුක්ඛය.

ඉතින් දැන් මේ vibration එක ගැන පෙන්නනවා නම්, දැන් දළදා මාලිගාවට ගියා ම ධාතු සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ධර්මය දුන්නා. ජීවත්ව සිටි කාලයේ එම බුදුපියා යමක් මට පැවරුවා. එම ධර්මය මමත් නිවැරදිව දෙනවා යැයි සිතන්නේ, ඒ එසේ බව දන්නේ, දක්නේ, ධාතු සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

ඉතින් ධර්මය දෙන ඕනෑ ම ගුරුවරයකුට ඒ විදිහට පුළුවන්කම තියෙනවා සම්බන්ධ වෙන්න.

ඊළඟට ඒ මගේ resonance සරසුල මගින් ධර්මය දීම ගැන සිතුවා ද, දීම ගැන ඇති වූවා ද, තථාගතයන් වහන්සේ පෙර කළෙත් ධර්මය දීම හා සමඟ resonance එකක්. ඊළඟට යමෙක් පෙර යම් ආහාරයක්, පොල් ගෙඩියක්, පිළියෙළ කිරීමක් ඒ හා සම්බන්ධ සිතිවිලි තිබුණා ද, දැන් බොහෝ කාලයකට පසුව, එම ආහාරය දන්නේ ද, resonance ඇති වෙනවා. ඒ වගේ ම දුශ්චරිත පුද්ගලයකු සිහි කරන්නේ, ඔහුගේ දෝෂ සහගත වූ දේ සිහි කරන්නේ, තමා තුළ ද දෝෂ සහගත ස්වභාවය ඇති නම්, resonance ඇති වෙනවා. මේ සියල්ල ම චලිතය නිසා ය.

ඉතින් මේ වෙලාවේ මම කල්පනා කළා මේ තථාගතයන් වහන්සේ දේශනා කළා ද මේ සරසුල ගැන කියන එක. අන්න එතෙන්දි මට සිහි වුණා, ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාවක්.

“යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ඉඤ්ජිත පච්චයා. ඉඤ්ජිතානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.” මේ පවසලා තියෙන්නේ සරසුල නේ ද? රහතන් වහන්සේ “ඒ එසේ ය” යි කියලා පැවසුවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Sarasula.jpg