ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට මෙනෙහි කළේ, අර සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”
ඒ සත්තො කියන්නේ කෙනෙක් ඔය රූපයට ඡන්දයක්, රාගයක්, නන්දියක්, තණ්හාවක්, උපාදානයක්, ඒ විදිහට අධිට්ඨාන, අභිනිවේස, අනුසය, ඒවායේ ඇලිච්ච පුද්ගලයාට සත්වයා කියලා කියනවා.
ඒක මෙනෙහි කරලා අපි පසුගිය දවස්වල ඉගෙන ගත්තා මේ සරසුල කියන එක. ඒ සරසුල කියන එක ගත්තහම රූපය නිසාවත්, කිසිම එකක්වත් නිසාවත්, චලනයක් නොවන විදිහට පවත්වන්න පුළුවන් මනස. ඉතින් ඔය වාහනයක යනකොට වුණත් ඉස්සරහින් රූප දැක්කා කියලා නොසැලී ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් ඒ භාවනාව අපි ඊයේ පෙරේදා පෙන්වා දුන්නා.
අද භාවනාවෙදි මම බැලුවේ වේදනාව නිසා නොසෙල්වී සිටීම කියන එක සිහි කළා. ලෝභ, දෝෂ, මෝහ diagram එකට අනුව, හැම වේදනාවක් ම දුකෙන් කෙළවර වෙන බව දන්නේ, දක්නේ, සුඛ වේදනාවක් ඇති වූ විට, ඒකේ නොඇලී ඉඳිනවා. අර abide detached කියන්නේ, නොඇලී වාසය කරනවා. දුක වේදනාවකටත් ඒ විදිහ ම යි, නොඇලී වාසය කරනවා. අදුක්ඛමසුඛ වේදනාවකටත් ඒ විදිහ ම යි, ඇති වෙන්නේ දුක්ඛය කියලා දැනගෙන නොඇලී වාසය කරනවා.
ඒ කියන්නේ දෙවෙනි ඵල චිත්තය මගින් වේදනා නිසා රූප නොසොයන්නේ, සරසුල, වේදනා නිසා vibrate වෙනවා, කියන එක චලනය, කියන එක නැති වෙනවා. තුන් වෙනි ඵල චිත්තය භාවිතා කරන්නේ සඤ්ඤා නිසා vibrate වෙනවා කියන එක නවතිනවා. කුමක් නිසා ද? වේදනාව නිසා ම ඇති වූ දිට්ඨි අනුසයේ කොටස් මගින් සෙලවීමක් නොපතන නිසා ය.
සංස්කාර නිසා සෙලවීම සිහි කළා. මෙතෙන්දි line 5, line 6, හරහා ධාරාව ගැලීම නැති වීම, නැවතීම, සබ්බාසව, 3, 8 වෙනි slide එකේ සඳහන් අයුරින්, උපෙක්ඛා ඉන්ද්‍රිය, ඕගොල්ලන්ට මතකයි අර 1, 2, 3 කියලා කාරණා 3ක්, බලලා තියෙනවා. ඒ වගේ ම සමාධි ඉන්ද්‍රිය මගින්, නැවතීම line 6 එක, හරහා ශ්‍රද්ධාව තියෙනවා නම් අපිට උද්ධච්චය නෑ, එහෙම නම් උද්ධච්ච, මාන අගය අර line 6 එක, හරහා ගලන එක නවතිනවා.
ඊළඟට මෙනෙහි කළා, line 7 හරහා ගැලීම, පරාමාසයේ ඉඳන් එන එක. කුමක් අවබෝධ වූ විට line 7 නවතී ද? වේදනාව නිසා යම් දහමක් පෙර පැවතුණා ද, ඒ එක වරක, අපිට ඒ කියන්නේ, උදාහරණයක් වශයෙන් ගතහොත්, යමක් ලැබීම නිසා පවතී යැයි ගැනීමෙන් ඇති වෙනවා. එතෙන්දි අපි දන්නවා අර පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා අත්තා නිත්‍ය කතාව ඇති වෙලා, ඒකෙන් නිත්‍යයි කියන එකත් එක්ක, ඇති වන්නා වූ තත්වය. ඉතින් මේකේ පැවතීමක් නෑ. තව වරක මේකේ පැවතීමක් නෑ. උදාහරණයක් වශයෙන් යමක් නොලැබීම. එසේ නම් පෙර පරාමාස වූ අගයන් ඉවත් වන්නේ නිත්‍යයි ගැනීම පහ කිරීම මගිනි. එනම් මෙහි සෙලවීම පහ කිරීම මගිනි.
නිත්‍ය සඤ්ඤාව මගින් සංස්කාරයන්ගේ සෙලවීම සම්පූර්ණයෙන් නැවතීම සිදු වන්නේ නම් සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරොධනා කියන එක වැටහෙනවා. රූපය නිසා සෙලවීමක් මේ ඉඤ්ජිතය කියන එක පෙන්නන්නේ, වේදනා නිසා සෙලවීමක් දෙවෙනි ඵල චිත්තයෙන්, සඤ්ඤා නිසා සෙලවීමක් තුන් වෙනි ඵල චිත්තයෙන්, සංස්කාර නිසා සෙලවීමක් හතර වෙනි ඵල චිත්තයෙන් ඒ විදිහට නතර වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්