ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට මම කළේ, අපි පසුගිය දවස්වල භාවනා කළහම, හැමදා ම මම repair කරනවා. ඒ repair කරන අවස්ථාවේ දී පසුගිය භාවනාවක් එක්ක සම්බන්ධ වුණා. අර 6.4 නන්දි වීමේ දී පෙර අනුමත කළා වූ යම් දහමක් වේ ද, එය මෙම රූප මගින් පැවැත්විය හැකියයි සීලබ්බත උපාදානය මගින් නැවතත් ස්ථීර කරන්නේ, දෙවෙනි සීමාවේ දී ස්ථීර වේ කියලා, ඒ වාක්‍යයත් එක්ක මට සම්බන්ධ වුණා.
ඒ කියන්නේ මේ සෝකය මගින් තමයි රූපය සුඛ යැයි කියලා ප්‍රකාශ කරන්නේ. ඕගොල්ලන්ට මතකයි ඔය lightning sign repair එකේදි, අපි දන්නවා මේ පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛයි කියලා ගන්නවා. සෝකය මගින් රූපය සුඛයි කියලා කියනවා.
එතකොට දැන් බලන්න ඔය නන්දි අවස්ථාවත් එක්ක ඕක සසඳලා. දැන් අර bell shaped curve එකේ A, B, C. C කියන තැන සෝකය. එතකොට මේක මැරිලා ඉවරයි නේ. දැන් මට ආවා, පරිදේවය වෙනකොට සංස්කාර බිඳිලා. ගේ කඩාගෙන වැටිලා ඉවරයි. දැන් මේ සෝකය මොකක් ද කියන්නේ මේ? රූපය සුඛයි කියලා. එතකොට එතන එනවා, අර වේදනාවේ උණුසුම තියෙනවා.
ඒ කියන්නේ, මට මතකයි ඔය අපි meeting එකකට එහෙම ගියහම ඉන්න සිද්ධ වුණා අනිත් කට්ටියගේ meeting එක ඉවර වෙන කම්. එතකොට මමත් එක්ක ගිය එක් කෙනෙක් ගිහිල්ලා වාඩි වුණා, ඒ leader වාඩි වුණේ, අර තවත් පුද්ගලයෙක් වාඩි වෙලා සිටිය chair එකක. කාන්තාවක් වාඩි වෙලා හිටියේ. මේ පිරිමි එක්කෙනා කියනවා “warm” කියලා පුටුව. “warm” උණුසුම් කියලා. එතකොට දැන් බලන්න අර පුටුවේ කවුරුවත් නෑ, නමුත් රස්නය තියෙනවා.
ඒවාගේ තමයි අපේ මේ වේදනාව මැරිලා ඉවරයි. ඒ මැරිච්ච වේදනාවේ උණුසුම තියෙනවා. අන්න ඒ උණුසුම මගින් තමයි අර bell shaped curve එකේ සෝකය විසින් ඒ රූපය සුඛයි කියලා කියන්නේ. එතකොට ඉතින් අපි දන්නවා ඔය භාවනාවේ අපි එනවා ඔය විදිහට. දැන් ඉතින් පිරිසිදු විඤ්ඤාණය නොමඟ යැව්වා. පිරිසිදු විඤ්ඤාණය. දැන් අපි එනවා විඤ්ඤාණය ජීවිත ඉන්ද්රිය, ඊළඟට අපි එනවා සෝකය ජරාව ගිද්ධිලෝභ රූපය.
දැන් බලන්න ඔය path එක සම්පූර්ණයෙන් ම. දැන් අපි කීව නේ, දැන් විඤ්ඤාණය කියන එකේ තියෙනවා, විඤ්ඤාණයේ පෙර තිබුණා වූ අගය. එතකොට දැන් ඔන්න path එක ගන්න. විඤ්ඤාණය ජීවිත ඉන්ද්රිය පරාමාස සෝක ජරා. එහෙම නම් ජීවිත ඉන්ද්රිය කියන එකේ තියෙන්නේ සංස්කාරවල උණුසුම. පරාමාසයේ තියෙන්නේ සඤ්ඤාවේ උණුසුම. සෝකයේ තියෙන්නේ වේදනාවේ උණුසුම. ජරාවේ තියෙන්නේ රූපයේ උණුසුම.
එතකොට දැන් සංස්කාරවල උණුසුම කියන එක, ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රියේ කතාව, බොහොම ගැඹුරුයි. මොකද, නාමකායේ පටිඝසම්ඵස්ස අගයයි, ඊළඟට අපිට එනවා අර විඤ්ඤාණයේ පෙර තිබුණු අගයයි, විඤ්ඤාණ පච්චයා නාමරූපං කියලා එන්නේ, ඒ දෙක සසඳලා තමයි අපි යන්නේ ඉදංසච්චයට. ඉදංසච්චයෙන් තමයි line 5 එකේ එන්නේ.
දැන් පේනවද, මෙතන තියෙන අගය එනවා, “මම පවතිනවා, මම ජීවත් වෙලා ඉන්නවා” කියන එක. ඒ අර්ථය තියෙනවා. මැස්සෙක් වහනවා කියන්න කෝ. දැන් මැස්සා එලවලා අපි ඊට පස්සේ, අපි මේ මම, මම ඉන්න හින්දා මේ කතාව නේ ද?
එතකොට ජීවිත ඉන්ද්රිය. ඕක තවත් දරුණුයි. අතන තියෙනවා නිත්‍ය කියන එක. එතකොට නිත්‍යයෙන් එනවා අවිද්‍යා ආශ්‍රවයට. දැන් බලන්න මේක හරියට අර K අකුර අනිත් පැත්තට වගේ, නේ ද ඒ කෑල්ල? දැන් මේ දෙකෙන් ම ඇවිල්ලා තියෙනවා. දැන් එහෙනම් අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට යන්නත් කැමතියි. පරිදේව කියන තැන අන්න තියෙනවා අර “ජීවිත ඉන්ද්රිය පැවතුණා” කියන ඒ උණුසුම.
එතකොට ඊළඟට බලන්න ඒක එක්කහු වෙනවා නේ පරාමාස කතාවත් එක්ක. ඒක නේ සඤ්ඤාවට සුඛයි කියන්නේ. ඉතින් මේ බොරුව හැදි හැදී යන හැටි. එතකොට සෝකයේ තියෙනකොට වේදනාවේ උණුසුම.
ඉතින් ඒ විදිහට ම බලන්න රූපය කියලා ගත්තහම, ජරාව කියලා කීවා ම, රූපයේ උණුසුම කියලා. හොඳට lightning sign එක භාවිතා කරලා repair කරන්න පුළුවන්.
ඒක තමයි මම මේ කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්