ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට ගත්තේ අර reverse K සලකුණ අපි බැලුවා නේ. ඒක නැවතත් පැහැදිලි කරනවා නම්, අපි දන්නවා ඒ ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චයට, ඉදංසච්චය ඉඳන් පරිදේවයට අර K අකුර reflect වෙලා එන කෑල්ල වගේ තියෙනවා.
ඊට පස්සේ උඩ ඉඳන් අපිට එනවා, විඤ්ඤාණ නිත්‍ය ඉදංසච්චය අවිද්‍යා ආශ්‍රව. එතකොට අර K අකුරේ අර bar එක වාගේ තියෙන vertical bar එක අපිට පේනවා. ඉතින් අපි ඕකේ සඳහන් කරගත්තා, ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චයට විඤ්ඤාණ පච්චයා නාමරූපං. ඊට පස්සේ ඒක එන්නේ ඔය චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එන දැන් අගයයි, විඤ්ඤාණයේ ඉඳන් එන පෙර අගයයි, ඒක සසඳලා තමයි මේ ගැලීම කියන එකක් මේ විදිහට සිද්ධ වන්නේ. එතකොට ඒ විඤ්ඤාණ පච්චයා නාමරූපං කියලා ඉදංසච්චයට ආවා ම, ඒක line 5 එක හරහා පරිදේවයට එනවා.
අනිත් අතට ගත්තහම ඔය line 6 එකෙන් එන්නේ, ඒ මිච්ඡාදිට්ඨික මාන අගය. ඉතින් ඒක කෙනෙකුට හිතන්න පුළුවන්, දැන් මේ අපේ මේ ශරීරය, භාවනා කරනවා, මැස්සෙක් වහනවා කියලා හිතන්න. එතකොට අපි ගන්නේ අපේ මේ පවතින ශරීරය. මේ ශරීරය “පවතිනවා” කියලා. ඉතින් ඒකට අපි අර, මේකේ වහන්න ඕනෑ නැති අර්ථයෙන් එහෙම උද්ධච්චයත් එක්ක ඒ මිච්ඡාදිට්ඨික මාන අගය ගලනවා.
එතකොට දැන් මේ line 6 එක අපි දික් කළා ම, අපි දන්නවා ඒ සඤ්ඤාව කරා ගමන් කරනවා කියලා. ඉතින් පරාමාසයේ තියෙන්නේ සුඛ යැයි වරදවා වටහා ගත් අගය. එතකොට පරිදේව වූ සංස්කාරයන් මගින් සඤ්ඤාව සුඛ වශයෙන් ඉදිරි පත් කිරීමක් සිද්ධ වෙනවා. මොකද line 5, line 6 වලින් ඇවිල්ලා, පරිදේව හරහා අර පරාමාසයේ තියෙන සුඛයි කියන අගය එයා ඉදිරි පත් කරනවා, ඒ සඤ්ඤාව සුඛ වශයෙන්.
එතකොට ජීවිත ඉන්ද්‍රියේ උණුසුම, පරිදේව වූ සංස්කාරය තුළ තියෙනවා. හරියට පොළොවේ වලක් හාරලා තියෙනවා කියලා දැක්කහම, එහෙම නැත්නම් ඇඳක රෙදි ඇතිරිලි පොඩි වෙලා තියෙනවා දැක්කහම කවුරු හරි එතන නිදාගෙන හිටියා. පෙර සංස්කාරයන් තිබූ බව විද්‍යාමාන වූවක් විදිහට තමයි මේක පෙනෙන්නේ.
එතකොට දැන් මේ භාවනාවෙදි රූපයේ උණුසුම කියන එක සිහි කරලා බැලුවා. දැන් අපි පෙන්නුවා නේ ජීවිත ඉන්ද්‍රියේ උණුසුම තමයි, මේ පරිදේවය තුළ.
එතකොට ඒ වගේ ම රූපයේ උණුසුම කියන එක සිහි කළා. එතකොට ඕක අපි දන්නවා, ඔය advanced program එකේදි අපි සාකච්ඡා කරලා තියෙනවා මතක ඇති අර විඤ්ඤාණයේ ඉඳන් පරාමාසකායගන්ථයට එන පදුට්ඨමනසඞ්කප්පය ඒක කොළ පාටින් ලකුණු කරගත්තා ඒ රේඛාව. ඒක දික් කළා ම, අර රතු පාට රේඛාවක් ජරාව දක්වා යන, සබ්බාසව diagram 2 වෙනි set එකේ තියෙනවා.
එතකොට ඒකෙ අපි අර විඤ්ඤාණයේ හටගැනීම කියලා A, B, C කියලා curve එක ලකුණු කරලත් තියෙනවා. එතකොට අපි දන්නවා ඔය B වල ඉඳන් Cවලට යනවා කියන එක ජරාව. A වල ඉඳන් B දක්වා යෑම ජාතිය. ඒ කියන්නේ විඤ්ඤාණයේ යම් නැංවීමක් වේ ද, එය වේදනාව නිසා ම තමයි මේක සිද්ධ වන්නේ.
එතකොට එම වේදනාවට අනුකූලව, නංවන ලද විඤ්ඤාණයේ පැවැත්මක් නොමැති බව වැටහී ජරාව කියන එක ඇති වෙනවා. එනම් නිත්‍යභාවයක් නොමැති බව පදුට්ඨමනසඞ්කප්පය තුළ ඇති වීමෙන් ම ජරාව ඇති වෙනවා.
යම් රූපයක් තමාට වේදනා ගෙන නොදෙන්නේ නම් එහි වෙනස දැරිය හැකි ය. එය ප්‍රශ්නයක් නෙවෙයි. යම් වේදනා උණුසුමක් ලබා දෙන රූපය, එම වේදනාව නොපවතින බව දැන ජරා වෙනවා.
මේ විදිහට තමයි රූපයේ උණුසුම කියන එක වටහා ගන්න ඕනෑ. එතකොට මේ විදිහට ගත්තහම අපිට එහෙම නම් ඒ භාවනාව සම්පූර්ණ වෙලා පේනවා අර විඤ්ඤාණ ජීවිත ඉන්ද්‍රිය පරාමාස සෝක ජරා.
ඉතින් ඒක තමයි මම මේ කරපු භාවනාව
.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්