Date: 12/10/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට ගත්තේ අපි පසුගිය දවස්වල සාකච්ඡා කළා reverse K කියන sign එක. ඒක යන්තන් සඳහන් කරනවා නම්, ඒ ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චයට, ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට, ඒ වගේ ම K අකුරේ අර bar එක වාගේ කෑල්ල පේනවා “විඤ්ඤාණ නිත්‍ය ඉදංසච්චය අවිද්‍යා ආශ්‍රව” කියලා. එතකොට ඒ ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට එන්නේ අර චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට දැන් අගයක් එනවා, විඤ්ඤාණයේ ඉඳන් ඒ ජීවිත ඉන්ද්‍රියට පෙර අගය එනවා. ඉතින් ඒක හින්ද විඤ්ඤාණ ධාරාව ගලලා, ඒ විඤ්ඤාණ පච්චයා නාමරූපං කියලා ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට එනවා කියලා.

ඉතින් අපි මේ භාවනාව කලින් සාකච්ඡා කළා. ඒකෙ ජීවිත ඉන්ද්‍රියේ උණුසුම පරිදේව වූ සංස්කාරය තුළ තියෙනවා. හරියට පොළොවේ වලක් හාරලා, ඒක ඇති බව දන්නේ, එහෙම නැත්නම් රෙදි ඇතිරිලි පොඩි වී තියෙනකොට කවුරු හරි මෙතන නිදාගෙන හිටියා කියලා හැඟීම් ඇති වෙන්නේ, අන්න ඒ වාගේ පෙර සංස්කාරයෝ තිබූ බව විද්‍යාමාන වූවක් විදිහට වටහා ගන්නේ කියලා.

මේකේ පෙර සංස්කාරයන් මගින් ජීවිත ඉන්ද්‍රියේ සිට පහළ පරිදේවය දක්වා, ඉදංසච්චය හරහා සඤ්ඤා අගයෝ ගැලීම සිදු කරන බව අපි දන්නවා. මෙසේ ගැලීමට බලපාන්නා වූ තව කාරණයක් තියෙනවා. මේක තමයි මේ reverse K අකුරේ නිත්‍ය සිට අවිද්‍යා ආශ්‍රවය දක්වා ගලන්නා වූ ධර්මයෝ.

මෙතෙන්දි වැටහෙනවා තථාගතයන් වහන්සේ, “සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරොධනා” කියලා පැවසුවේ මොකක් ද කියන එක. නිත්‍ය යන සඤ්ඤාව නැවතිය යුතුයි. මෙය විඤ්ඤාණය තුළ පවතින්නා වූ නිත්‍ය අගය වන්නේ ය. විඤ්ඤාණය සකස් කිරීමට තුඩු දෙන චේතනාවට වම් පැත්තේ ලකුණු කරන සඤ්ඤාව නොවේ. විඤ්ඤාණය ඇතුළේ බැසගෙන තියෙන මේ නිත්‍ය කියන සඤ්ඤාව.

ඉතින් මේක වටහා ගැනීම සඳහා, ඔය 23/07/2017 නිබ්බාන භාවනාවෙදි අපි සාකච්ඡා කරන කාරණා හොඳින් මතක තියෙනවා කියන එක උදව් උපකාර වෙනවා.

s_AvitakkaAvicara.jpg

ඒ භාවනාවේ ඕගොල්ලන්ට මතක ඇති “ජරා වේදනා අසම්පජාන,” ඒකෙ වේදනාවේ ඉඳන් අසම්පජානයට ඒ කාම සඤ්ඤාව කියන එක. අර මෙත්තා, රූපයේ ජරා බව දැනගෙන ඉක්මවීමෙන් කාම සඤ්ඤාව ඉවතලනවා. ඊළඟට, අපි දන්නවා “පරාමාස ජීවිත ඉන්ද්‍රිය” ඒක දික් කළා ම යන්නේ විඤ්ඤාණයට. එතකොට එතන ව්‍යාපාද සඤ්ඤාව කියන එක මේ.

අන්න එතන බොහොම වැදගත් ඒක. භවයේ යන විතක්කය නැති වීමෙන් ව්‍යාපාද සඤ්ඤාව නැති වෙනවා. එතකොට උපෙක්ඛා නිමිත්ත ඇති වෙලා තමයි භවයේ යන විතක්කය එහෙම නැති වන්නේ. එතකොට එතැන දී අර විඤ්ඤාණයට ඇඟිල්ල දික් කරනවා කියන එක, අන්න විඤ්ඤාණයට ඇතුල් වන නිත්‍ය ස්වභාවය අන්න එතැනින් හුඟක් භාවනාවට ගන්න ඕනෑ.

ඊට පස්සේ අපි දන්නවා ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච, “විහිංසා සඤ්ඤාව.” ඒකෙන් ඇති වෙනවා විහිංසා විතක්කය. දැන් අපි ඉස්සෙල්ලා කිව්ව කාරණා දෙකෙන් නවත්වලා, කාම සඤ්ඤා ව්‍යාපාද සඤ්ඤා අයින් කරලා, අමෝහ පාරේ යන නිසා සංස්කාර ඉවත ලා අපි විහිංසා සඤ්ඤාවෝ මඟ හරිනවා කියලා. එතනින් විහිංසා සඤ්ඤාව මඟ හැරලා, විහිංසා විතක්කය කියන එක ඉක්මවනවා.

එතැනින් අපි එනවා, ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට එන රේඛාව, ඒකේ විහිංසා සඤ්ඤාව කියලා ලකුණු කරගත්තා. ඒකෙන් විහිංසා විචාරයෝ තමයි ඒකෙන් නැති කරගන්නේ. ඒ කියන්නේ විහිංසා සඤ්ඤාව මඟ හරින්නේ, විහිංසා විතක්කය ඉක්මවීමට දක්ෂ වෙන්නේ, ඉදංසච්චය තුළට මෙය ම සත්‍යයයි ගන්නා මුසාව බැස නොගන්නේ, මිච්ඡා දිට්ඨි නිසා වන චිත්ත සංස්කාර, ඒ කියන්නේ අභිජ්ඣා, ඒවා ඉවතලනවා. ඒකෙන් පග්ගහ නිමිත්ත තුළ සම්මා දිට්ඨිය නිසා අනභිජ්ඣාව වෙනවා. මේකෙන් අවිතක්ක විචාරමාත්‍ර සමාධිය නිර්වාණය ම සොයයි කියන එක අපි බැලුවා. අධිප්‍රඥා ශික්ෂාව, ඒ උදව් උපකාර වෙනවා.

එතකොට ඊළඟට අපි පෙන්නුවා ඒකෙ, දැන් අපිට පේනවා ඊළඟට මේ පරිදේවයේ ඉඳන් පරාමාසයට එන්නා වූ රේඛාව. ඒක අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවය දිට්ඨි ආශ්‍රව නොවේ නම්, පග්ගහ නිමිත්ත සම්පූර්ණ වන්නේ චතුරාර්ය සත්‍යයේ මනා කොට බැස ගැනීම නිසා පරාමාසය පිරිසිදු වෙනවා කියලා.

ඉතින් මේක පිරිසිදු වීම ඒ දවසෙත් පෙන්නුවා. මේකේ යට පැත්ත, මේ පරිදේවයේ ඉඳන් එන එක නැති වෙලායි මේක සිද්ධ වන්නේ කියලා. ඉතින් මේ විදිහට අපි ඒක සාකච්ඡා කළා.

ඒකේ පෙන්නුවා මේ අවසානයට, මේ විදිහට ප්‍රඥාවන්ත වෙනවා නම් මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් පථය ඔස්සේ අභිජ්ඣා දුරලන්නේ, පග්ගහ නිමිත්ත සම්පූර්ණ කරනවා. කුමක් නිසා ද? යම් භවයක පැවැත්වීමට කැමැත්තක් නැති නිසායි කියලා. ඉහළ ම සම්මා දිට්ඨියට පැමිණෙනවා කියලා.

ඉතින් මේ භාවනාව කළහම කෙනෙකුට පේනවා මේ ජීවිත ඉන්ද්‍රිය ද සකස් කරන බව වැටහෙනවා. ඒ කියන්නේ එතැන දී ප්‍රීතිය හිටන් ගලනවා ඕක තේරුම් ගත්තහම. ජීවිත ඉන්ද්‍රිය කරා යමක් පැමිණීම නොවන්නේ නම්, එය නොපවතී. ඒ කියන්නේ දැන් නාමරූප චේතනා, චේතනා ඉඳන් ජීවිත ඉන්ද්‍රිය අන්න ඒ පථය නැති වෙන්න ඕනෑ. චේතනාවෙ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එන එක. අනිත් අතට නාමරූප පරාමාස, පරාමාසයෙන් ජීවිත ඉන්ද්‍රිය. එතකොට පරාමාස ඉඳන් ජීවිත ඉන්ද්‍රිය එන එක, ඒකත් නැති වෙන්න ඕනෑ.

අපිට පේනවා මේ මනෝමය කායෙන් ඉන්නා පුද්ගලයාගේ පථය, අර චේතනා ජීවිත ඉන්ද්‍රිය. එහෙම නැත්නම් ජීවත්ව ඉන්න පුද්ගලයාගේ ඔය පථ දෙක ම අයිතියි. චේතනා ජීවිත ඉන්ද්‍රිය, පරාමාස ජීවිත ඉන්ද්‍රිය. අන්න ඒ දෙක ම ධාරාව ගලාගෙන තමයි ජීවිත ඉන්ද්‍රිය කියන එක සකස් වෙනවා කියන එක තියෙන්නේ.

එතකොට මේකේ, මම කීවා ඉස්සෙල්ලත් මේ පරාමාස ජීවිත ඉන්ද්‍රියේ කතාව, වැඩිය අවධානයක් යොමුවන්න ඕනෑ එතැනට. ව්‍යාපාද සඤ්ඤාව කියන එකට. ඒකෙන් තමයි අර නිත්‍ය කතාවට ගිහිල්ලා, ඒ නිත්‍යභාවය තමයි අපිව ගෙනියන්නේ. එතකොට ගැඹුරු ධර්මයක්.

ඒක තමයි මං කරපු භාවනාව.