Date: 13/10/2017 Name: Manomaya Kaya - mind made body

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම ඊයේ භාවනාව කරගෙන ගියා. එතකොට ඊයේ භාවනාවේ ඕගොල්ලෝ දන්නවා අර reverse K අකුර අපි සාකච්ඡා කළා කියලා. එතකොට ඒකේ අවසානයට අපි සඳහන් කළා, අර ඒ පථය දිගේ ගිහිල්ලා, මම නැවතත් කියන්නේ නෑ, දැන් අපි ජීවිත ඉන්ද්‍රිය සකස් කරන බව වැටහිලා එතන අපි පෙන්නුවා, ජීවිත ඉන්ද්‍රිය කරා යමක් පැවතීම පැමිණීම නොවන්නේ නම්, එය නොපවතී කියලා.

ඒ කියන්නේ අර අපි පෙන්නුවා මනෝමය කායෙන් සිටින පුද්ගලයගේ පථය කියලා අපි පෙන්නුවා, චේතනා ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එන එක. එතකොට ජීවත් වෙලා ඉන්න පුද්ගලය ඔය, චේතනා ජීවිත ඉන්ද්‍රිය, පරාමාස ජීවිත ඉන්ද්‍රිය, කියන දෙක ම යනවා.

නමුත් ඕක කෙනෙකුට සසඳලා බලන්න පුළුවන්, 01/04/2016 පරිග්ගහ භාවනාවත් එක්ක. ඒකේ පෙන්නනවා මනෝමය කායෙන් ඉන්න පුද්ගලයා ජීවත් වෙන විදිහ. ඒකෙන් අපිට පේනවා ඒ පරිග්ගහය, නාමරූපයේ ඉඳන් පරාමාසයට එනවා. පරාමාසයෙන් එයා යනවා ඉදංසච්චයට. ඉදංසච්චයන් එනවා භය අගතියට. භය අගතියෙන් එනවා වේදනාවට. වේදනාවෙන් තණ්හාව, තණ්හා වුණා නම් පරිග්ගහය. දැන් circle එක හරි.

එතකොට ඒකෙදි අපි සාකච්ඡා කළා, ඔය මනෝමය කායෙන් ඉන්නා පුද්ගලයා පරාමාසයේ දේවල් තමයි භාවිතා කරලා ජීවත් වෙන්නේ. විඤ්ඤාණ ආහාරය වළඳනවා. එතකොට මේක මගින් ජීවිත ඉන්ද්‍රියට තුඩු දෙනවා. මෙසේ පවත්වන ජීවිත ඉන්ද්‍රියක් වේ ද, එසේ සිටීමට චේතනා තිබිය යුතුයි. ඒ කියන්නේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණ වීම වෙන්න ඕනෑ. අර π අකුර මතක නේ, අන්න ඒක වෙන්න ඕනෑ. මෙන්න මේක නිසා තමයි අපි ඔය චේතනා ජීවිත ඉන්ද්‍රිය කියලා අර ඉස්සෙල්ලා අපි පෙන්නුවේ.

මේකේ reality එකක් නෑ. Reality එකක් නැහැයි කියලා කියන්නේ. ඇත්තෙන් ම කියනවා නම්, ජීවිත ඉන්ද්‍රියක් නැහැ වගේ නේ. අර නෙවසඤ්ඤනාසඤ්ඤා කියන්නේ, අන්න ඒ වගේ ජීවිත ඉන්ද්‍රියක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ වගේ එකක් මෙතන පේන්නේ.

මේකේ තියෙන්නේ මොකද? මේක simulation එකක්. ඇත්ත වශයෙන් ම සිද්ධ වෙනවා නම් වන්නේ මොකක් ද? පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට යනවා, චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට යනවා. මැද්දේ කෑල්ල නෑ. හරි අසරණ ජීවිතයක්.

ඒක මේ භාවනාව කළා ම තමයි පේන්නේ මේ මනෝමය කායෙන් ඉන්න මනුස්සයා කොයි තරමක් දුකකින් ඉන්නවා ද කියලා. ඒ කියන්නෙ, එයා කියන්නේ මම මේ කලින් කාපු, දැන් බලන්න කෝ අර ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන ඒ සංස්කාරයන්ගේ මාන පාර, කලින් කාපු රොටී, මෙන්න මෙහෙමයි ඒවා. කලින් කාපු ආප්ප, මෙන්න මෙහෙමයි ඒවා. කිසිම reality එකක් නැහැ, කිසිම reality එකක් නැතුව, මොකද අර කලින් තිබිච්ච එක ගැන මනසේ තිබෙන්නා වූ ස්වභාවය පමණයි. හරි අසරණයි නේ. මේ ඔක්කොම කියන්නේ, පරිදේව වූ සංස්කාරයන් මගින් නේ, තිබිලා මැරිච්ච ඒවා. එතකොට බලන්න, අර ඒ වගේ ම bell shaped curve එකේ සෝකය මගින් නේ අර රූපය සුඛයි කියන්නේ නේ ද?

ඒවා නේ මේ එයා කියන්නේ ඔක්කෝම. හිතන්න බලන්න මොන තරම් අසරණ එකක් ද කියලා. දැඩි ලෙස වෙහෙසක්, උපායාසයක්. මුකුත් reality එකක් නැතිව මේකේ ඇතුළේ තිබිච්ච එක, විඤ්ඤාණයේ තිබිච්ච එක, විඤ්ඤාණයෙන් එනවා අර නිත්‍ය කියන කතාව. K අකුරේ කතාව මතක තියාගන්න ඕනෑ. ඉතින් මේකෙ මේ ධාරාව තියෙනවා. Simulation එකක් විතරයි තියෙන්නෙ.

ඉතින් මේකෙ චේතනාවත් එක්ක ඔය සම්බන්ධය අපි පෙන්නුවා, චේතනාව විඤ්ඤාණය වීම වෙන්න ඕනෑ කියලා. මේක සිදු වෙන්නේ නැත්තන්, විඤ්ඤාණ ධාරාව කියන එක බිඳෙනවා. ඒක පවතින්නේ නැහැ. අර සඤ්ඤාව නැත්නම් බිඳෙනවා කීවේ. ඒ වාගේ තමයි මේ චේතනාව කියන එක තියෙන්න ඕනෑ. එතකොට ඒ පුද්ගලයා ඉන්නා වූ ස්වභාවය හරි ම අසරණ ස්වභාවයක් කියන එක ඒ භාවනාව කළහම තේරෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.