ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට ගත්තේ, අර සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”
ඒකේ අපි සත්තො කිව්වහම මේ රූපයේ ඡන්දය, රාගය, නන්දිය, එතකොට ඒ වගේ ම දැන් බැලුවා විඤ්ඤාණයේ ඡන්දය, රාගය, නන්දිය, තණ්හාව, උපාදාන, අධිට්ඨාන, අභිනිවේස, අනුසය. මෙතැනදි සිහි කළේ අර විඤ්ඤාණය තුළ ඇති නිත්‍යභාවය ඡන්දය, රාගය, නන්දිය. මෙතෙන්දි ප්‍රඥා ඉන්ද්‍රිය ඇති වෙනවා. දකුණු කෙළවර පත්තු වෙනවා.
ඒකේ අධිට්ඨාන කියන එක සිහි කළා. එතකොට, ඒකේ අර අපි දන්නවා ඕඝ, එතකොට කාම ඕඝවලින් අර පෙර නිත්‍යභාවය පැවතුණා ද, දැනුත් මෙය ම පැවතීම. භව ඕඝ නිසා ස්ථීර වී පැවතුණා ද, දැනුත් නිත්‍යභාවය ස්ථීර වී පැවතීම, දිට්ඨි ඕඝවලින් තමා යැයි බැසගෙන පැවතුණා ද, දැනුත් එය බැසගෙන පැවතීම. අවිද්‍යා ඕඝවලින් ආස්වාද වශයෙන් පැවතුණා ද, අපි දන්නවා ඔය කැරකීමෙන් ඇති වෙන ආස්වාදය අවිද්‍යා ආශ්‍රවයට යනවා කියලා, දැනුත් නිත්‍යයි ආස්වාද වශයෙන් පැවතීම. මේක සිහි කළා. ප්‍රඥා ඉන්ද්‍රිය නොසැලී පවතිනවා මෙහෙම කළා ම.
ඊට පස්සේ අභිනිවේසය සිහි කළා. විඤ්ඤාණයේ නිත්‍යභාවය අභිනිවේසය. දැන් අදත්තාදානය අපි දන්නවා, පෙර හොරකම් කර පවතිනවා යැයි ජීවත් වුණා ද, එහි ඇලීම මගින්, නිත්‍යභාවය දැනුත් පැවැත්වීම. මේ විදිහට මුසා වාද, පරුෂා වාචා ඒවාත් සිහි කළා ම සති ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. හොඳට තේරිච්ච දෙයක් තමයි, ඒ මුසා වාද, පරුෂා වාචා ඒවා අත හැරීමෙන්, සතිය කියන එක තමන්ට පවතිනවා. හොඳට සතිය ඇති වෙනවා. එතකොට සාමාන්‍ය ජීවිතයේත් භාවිතා කළ යුතු දෙයක්.
එතකොට විඤ්ඤාණයේ නිත්‍යභාවය අනුසය ධර්මයෝ කියන එක සිහි කළා. ඉතින් ඕගොල්ලො දන්නවා, අර ජරා වේදනා අසම්පජාන රේඛාව. ඉතින් ඕකේ අවිද්‍යා අනුසය, පටිඝානුසය දෙකට ම වැටෙනවා. ඉතින් ඕක කැරකුණොත් අපි දන්නවා, ජාති වේදනා චේතනා, ඒකේ එනවා රාග අනුසය කියන එක ජාතියේ ඉඳන් ඒ වේදනාව දක්වා. එතකොට ඔය නිත්‍යභාවය කියන එක අවිද්‍යා අනුසය තුළ, විපල්ලාස ලෙස තැන්පත් වෙලා තියෙනවා. අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. මාන අනුසය මගින් ඒකේ පැහැදෙනවා, පසීදති. පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි කියලා පවසනවා. ඔන්න ඔතන හිතන්න ඕනෑ, උණුසුම. සිහි කරලා බලන්න. ඒකේ තියෙන්නේ අර, අපි දන්නවා, ජරාව කියලා කීවා ම, රූපයේ උණුසුම. එතකොට අර වේදනාවටත් අපි හිතනවා නේ ඒ විදිහට. ඒ සෝකයේ අවස්ථාවේ දී අපි කීවේ. ඒකත් එක්ක හොඳට බලන්න ඕනෑ.
එතකොට මේ විදිහට, රාග සහිත වී රාග අනුසය වෙයි. මේ ජරා වේදනා අසම්පජාන රේඛාව, තණ්හාව මගින් කැරකවීම සමඟ සිද්ධ වෙනවා. මෙහි දී සමාධි ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. ඉතින් ඕක අර සබ්බාසව diagram 3 විදිහට ඒක එන්න ඕනෑ.
ඉතින් මේක කරලා මෙතැනින් පස්සේ, කෙනෙක් සඤ්ඤාවටත් ඔය විදිහට බැලුවොත් හරි පුදුමාකාර දේවල් වෙනවා. ඒ කියන්නේ තමන්ට, කැමති කැමති විදිහට තමන්ට කැමති නම් ඇහේ සුඛය, ඇහේ සුඛය තියෙනවා. කම්මුලේ සුඛය, කම්මුලේ සුඛය තියෙනවා. ඒ කියන්නේ මුදිතා චෙතො විමුක්තියේ සුඛය කැමති නම් ඒක. ප්‍රීතියෙ සුඛය යන කෙනෙක් ප්‍රීතියෙ සුඛය. ඒ කැමති කැමති විදිහට ඉන්න පුළුවන් ඒ භාවනාව කළොත් එහෙම.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්