ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට ගත්තේ, අර සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”
ඒ රූපයේ ඡන්දය, රාගය, නන්දිය, ඔය විදිහට මෙනෙහි කළා. ඒ විදිහට විඤ්ඤාණයේ ඡන්දය, රාගය, නන්දිය, තණ්හාව, උපාදාන, අධිට්ඨාන, අභිනිවේස, අනුසය කියන එක සිහි කළා. මෙතැනදි අද මම සිහි කළේ සඤ්ඤාවේ ඡන්දය, රාගය, නන්දිය කියන එක.
එතකොට විඤ්ඤාණයේ නිත්‍යභාවය අනුසය ධර්මය සිහි කළ අවස්ථාවෙදි, ඒ කියන්නේ 15/10/2017 නිබ්බාන භාවනාවෙදි වටහා ගත්තා, ඔයගොල්ලෝ දන්නවා අර ජරා වේදනා අසම්පජාන රේඛාව. ඒකේ තමයි අවිද්‍යා අනුසය, පටිඝානුසය එහෙම තියෙන්නේ. ඒක කැරකිලා ජාති වේදනා චේතනා, රාග අනුසය සහිත රේඛාවට ආවා.
එතකොට ඒකේ නිත්‍යභාවය අවිද්‍යා අනුසය තුළ, විපල්ලාස ලෙස තැන්පත් වෙලා තියෙනවා කියන එක. ඒ වගේ ම අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. මාන අනුසය මගින් ඒකේ පහදිනවා, පසීදති. පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි කියලා පවසනවා.
අපි ඔතනදි සඳහන් කළා, අර උණුසුම සිහි කරලා බලන්නෙයි කියලා. ඒ වගේ මෙතන රාග සහිත වෙලා රාග අනුසය වෙයි. මේ ජරා වේදනා අසම්පජාන රේඛාව තණ්හාව මගින් කැරකීම මගින් සිද්ධ වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒක තමයි ඔය 15 වෙනිදා භාවනාවෙදි අපි සාකච්ඡා කළේ අවසානයේ දී.
අන්න එතැනින් අපි පටන් ගන්න ඕනෑ. දැන් අපි බලන්නේ අර සඤ්ඤාව ගැන. එතකොට අවිද්‍යා අනුසය මගින් ම ඒ සඤ්ඤා ඔසවනවා කියන සිද්ධ වෙනවා, ඒක අපි දන්නවා. මෙයින් ඡන්දය ඇති වෙනවා. මේක තමයි සඤ්ඤාවේ ඡන්දය. මාන අනුසය මගින් මෙහි සිත් පහදිනවා. එමනිසා සඤ්ඤාවේ රාගය ඇති වෙනවා. ජරා වේදනා අසම්පජාන රේඛාව තණ්හාව මගින් කරකැවීම නිසා, සඤ්ඤාවේ නන්දිය කියන එක ඇති වෙනවා. මෙසේ දිට්ඨි උපාදාන වී සඤ්ඤාවේ උපාදාන වීම කියන එක පේනවා.
දිට්ඨි ඕඝය සඤ්ඤාවේ අධිට්ඨානය ධර්මය ලෙස ගන්න පුළුවනි. දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරනවා. සුඛ යැයි කියලා පවසනවා. මෙතැනත් අපිට අභිජ්ඣා කියන එක ඇති වෙනවා. ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා එතැනින් අභිජ්ඣා. මෙම චිත්ත සංස්කාරවලට ඇලීම, ඒ කියන්නේ අභිජ්ඣාවලට ඇලීම සඤ්ඤාවේ අභිනිවේස වෙනවා.
සඤ්ඤාවේ අනුසය ධර්මය ලෙස අවිද්‍යා අනුසය ගත යුතුයි. මෙතෙන්දි සියලුම විපල්ලාසයන් ස්ථීර වී ඇත. ඉතින් මෙතන diagram එකක් වශයෙන් බැලුවොත්, කෙනෙකුට එනවා, දැන් අපිට පේනවා, භය අගති වේදනා ස්පර්ශ රූප, කියන රේඛාව. එතකොට ඔය දිට්ඨි ඕඝය ලකුණු වෙනවා පරාමාසයේ ඉඳන් භය අගතිය දක්වා. එතකොට එතන අපිට එනවා, සඤ්ඤාවේ අධිට්ඨානය, කියන එක එතන තියෙනවා.
ඊළඟට අභිජ්ඣා කියලා කිව්වහම අන්න සඤ්ඤාවේ අභිනිවේසය. ඒක ලකුණු කරගන්න පුළුවන් අර රූපයේ ඉඳන් අභිජ්ඣාවට සම්බන්ධ කරලා. ඊට පස්සේ අපිට පේනවා ජරා වේදනා අසම්පජාන, රේඛාවේ අපිට තියෙනවා අවිද්‍යා අනුසය. එතකොට ඒක එනවා අර රූපයයි, සඤ්ඤාවයි ලකුණු කරන තැන. එතන ලකුණු කරගන්න පුළුවන් ඒ සඤ්ඤාවේ අනුසය ධර්මය කියලා, අවිද්‍යා අනුසය. එතකොට රූපය වටේට ඔන්න ඔය කාරණා තුන දැන් කෙනෙකුට පැහැදිලි වෙලා පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.