ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද පූජාවෙන් පස්සේ භාවනාවට, අර සත්තො ගුහායං ගාථාව ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”
ඒ සත්තො, කියලා කිව්වම අපි දන්නවා, අපි ඇලෙනවා, ඔයගොල්ලෝ දන්නවා අර හාලිද්දිකානි සූත්‍රයේ අපි ගන්නවා ඒ ඡන්දය, රාගය, නන්දිය, ඔය විදිහට උපාදාන, අධිට්ඨාන, අභිනිවේස, අනුසය. ඒ ඇලිච්ච පුද්ගලයා, සත්වයා කියලා කියනවා. දැන් තථාගතයන් වහන්සේ සත්වයෙක් නෙවෙයි, ඇලිලා නෑ. එතකොට ගුහා කියලා කියන්නේ මේ කයට අධිවචනයක්.
ඊළඟට බහුනාභිඡන්නො, නිර්වාණය කියන එක අපිට විවිධාකාරයෙන් ඔය විදිහට වැහිලා තියෙනවා. තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. තිට්ඨං කියලා කියන්නේ ඉන්නවා, සිටියා. රාග වශයෙන් රත් වුණහම ඉන්නවා. ද්වේෂ වශයෙන් අපි දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා, නානා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා.
එතකොට ඊළඟට. තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො, ඒ කියන්නේ අපි පංචනීවරණවලින් වැහිලා එහෙම ඉන්නවා. ඊළඟට ආපහු පෙන්නනවා දූරේ විවෙකා හි තථාවිධො සො කියලා. දැන් විවේකය කිව්වා ම ප්‍රථමධ්‍යානයට ගිය පුද්ගලයාට පංචනීවරණවලින් විවේකය කියන එක තියෙනවා.
ද්විතීය ධ්‍යානයට ගියා නම් විතක්ක විචාරයන්ගෙන් විවේකය කියන එක තියෙනවා. ඔය විදිහට පෙන්නනවා මගඵල ලාභියට, එයාට තියෙනවා, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ඒවායෙන් විවේකය කියන එක තියෙනවා. අන්තිමට, නිර්වාණයට ගිය මනුස්සයාට සියලු උපධීන්ගෙන් විවේකය තියෙනවා කියලා.
එතකොට අපි කරන්නේ මොන ක්‍රමයකින් හරි විවේකයෙන් ඈත් වෙනවා. මොකක් හරි වැඩක් යොදාගෙන හරි ඒකේ වෙන් වීම කියන එක තියෙනවා. එතකොට ඊට පස්සේ පෙන්නනවා, කාමා හි ලොකෙ න හි සුප්පහායා කියලා. දැන් සාමාන්‍ය කෙනෙක් කාමය කියලා ගන්නේ ඇහෙන් රූප බලලා ඇති වෙන්නා වූ කාමය කියන එක. නමුත් තථාගතයන් වහන්සේ කාමය කියන එක හඳුන්වා දුන්නේ, සංකප්පරාගො පුරිසස්ස කාමො. සංකප්පය කියලා කියන්නේ අපි දන්නවා, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතන වෙමියි කියලා සංකප්පයක් තියෙනවා ද. අන්න ඒකට රාගය වුණත් ඒක කාමය වෙනවා.
එතකොට මේ ගාථාව අපි කලින් විස්තර වශයෙන් භාවනා කරලා තියෙනවා. මගේ භාවනාවෙදි අද කළේ, ඔය රූපයේ ඡන්දය, අපි දන්නවා ඔය භාණ්ඩ, මුදල් ආදී දේවල්වලට, මිනිස්සු භය අගතියට යනවා. එතකොට ඒ ඡන්දය පෙරයි, භය අගතිය පසුවයි කියන එක තියෙනවා.
ඉතින් අපි දන්නවා ඔය area 1 වලින් area 6 කියන එක ඇති වෙනවා කියලා. Area 6 වලට ආවා නම්, අපි දන්නවා, අපි අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව කරා ගමන් කරනවා. එතකොට ඒකේ සංකප්ප පාර තියෙනවා නේ, ඒ 50% පාරේ චේතනාවට ගිහිල්ලා භය අගතියට යනවා.
ඊළඟට කයේ රිදීමක් වැනි දේ ඇති වෙනවා නම් අපිට අර වේදනා ඡන්දය කියන එක වැටහෙනවා. ඒ රිදීම ජරාව නිසා. ඊළඟට මේක මගිනුත් භය අගතියට යෑම සිද්ධ වෙනවා. මේ අවස්ථාවේ දී නාමරූප කියන එක විශේෂිතයි. මොකක් නිසා ද? ජරා වූ සඤ්ඤා අගය වේදනා අගයට එකතු වී ඇති නිසායි. එතකොට අපිට ඔය ක්‍රම දෙකෙනුත් අපිට පේනවා අපි මේ භය අගතිය කරා ගමන් කරනවා.
ඊළඟට අදිට්ඨාන. එතකොට එකේ දිට්ඨි ඕඝය, අර කලින් භාවනාවත් එක්ක සම්බන්ධ වෙලා මේක කියන්නේ. ජරා වූ සඤ්ඤාවෝ අල්ලාගෙන ඉන්නවා. පැවතීමක් නැති නිසා ව්‍යාපාද සඤ්ඤාවෝ අපිට ඇති වෙනවා.
දැන් අන්න ව්‍යාපාද සඤ්ඤාව මගින් ජීවිත ඉන්ද්‍රිය පැවැත්විය නොහැකියි කියලා කෙනෙකුට පේනවා. තව කෙනෙක් සිතනවා මේ සිත ව්‍යාපාදයත් සමඟ නැංවුණොත් ඒක පවතිනවා කියලා, දැන් මගේ සීයාත් ඒ වගේ නේ සිතන්නේ, ආහාර ගන්න ගිහිල්ලා තරහ ගිහිල්ලා නේ. අන්න අපි හිතන්නා වූ දෙයක්.
ඉතින් ඕක අපි සාකච්ඡා කරලා තියෙන භාවනාවක් තියෙනවා, උපෙක්ඛා අප්‍රමාණ භාවනාව. අන්න ඒකේ ඕගොල්ලන්ට මතක ඇති, පරාමාසය ඉඳන් ජීවිත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රියෙන් ඉදංසච්චය කියලා. අපි ආවා පරාමාසය ඉඳන් ජීවිත ඉන්ද්‍රියට ව්‍යාපාද සඤ්ඤා, ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චයට විහිංසා සඤ්ඤා, එතකොට උපෙක්ඛා අප්‍රමාණ භාවනාවත් එක්ක සැසඳුවොත්, ව්‍යාපාද චිත්තය පහ කිරීමට ඇති හැකියාව, තමයි සාධාරණ ධර්මය වෙන්නේ.
අපි මොකෙකින් හරි සිත නැංවුවොත්, ව්‍යාපාද චිත්තයෙන් හරි මේක පවත්වන්න පුළුවන් වේවි කියලා, ඔන්න ඕක තමයි අපේ ප්‍රශ්නය. එතකොට අපේ යම්කිසි හැකියාවක් තියෙනවා ද, ඒ ව්‍යාපාද චිත්තය කියන එක, පහ කරන්න, අත හැරීමේ හැකියාව, අන්න ඒක තමයි අර, ability to give up, කියන එක. එතකොට විහිංසා සඤ්ඤාව, සම්පප්‍රලාපවලිනුත් ඕක පවත්වන්න බැහැයි කියන එක තියෙනවා.
ඊළඟට ඕගොල්ලෝ දන්නවා ඉදංසච්චයෙන් පරිදේවයට යනවා, එතනත් විහිංසා සඤ්ඤාව තියෙනවා. එතකොට “විහිංසා සඤ්ඤාව මගින් පැවතීමක් නොමැත” කියන එක තමන්ට වැටහෙනවා නම්, අන්න එතෙන්දි අපිට මේ රාග, දෝෂ මෝහ උපසමය කියන එක වැටහෙනවා.
ඒ මොකක් ද ඒ පෙන්නන්නේ? ඕගොල්ලන්ට මතකයි, “දදතො පුඤ්ඤං පවඩ්ඪති” ගාථාවෙ අපි මුලින් ම පෙන්නනවා ඒ සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව ඔය, සංයමතො වෙරං න චීයති, කියන එකෙන් කිව්වා කියලා. ඊට පස්සේ පෙන්නනවා, කුසලොති ජහාති පාපකං, කිව්වා ම, ලෝභයාගේ ද, මෝහයාගේ ද, ව්‍යාපාදයාගේ ද ප්‍රහාණය වදාළා කියලා.
තවත් වාක්‍යයක් කියනවා. රාග දෝෂ මොහක්ඛයා සනිබ්බුතොති කීවා ම, ලෝභයාගේ ද, මෝහයාගේ ද, ව්‍යාපාදයාගේ ද ඡන්ද රාග විනය, වදාළා කියලා. දැන් මෙන්න මේ කාරණාව අපිට තේරෙනවා, ලෝභයාගේ ද, මෝහයාගේ ද, ව්‍යාපාදයාගේ ද ප්‍රහාණය. වදාළා කියලා කියන්නේ, අපි දන්නවා මේ කාමච්ඡන්දය සමඟ පටිඝානුසය අපිට ඇති උණා. මේ සඤ්ඤාවේ විශේෂිත අවස්ථාවක් කියලා රහතන් වහන්සේ පෙන්නනවා, turning point එකක්.
ඒ කියන්නේ, ව්‍යාපාද සඤ්ඤාවට මේක තුඩු දෙනවා. එහෙම නම් අපි ඔය කතා කරන්නේ ද්වේෂය කියන එක. කැරකැවීමෙන් රාග අනුසය වෙනවා. අන්න ඒකයි රාගය. ඒක මතක ඇති පෙන්වූවා පසුගිය දවස්වල ඔය පටිඝ සඤ්ඤාව අපි දන්නවා අර ජරා, වේදනා, අසම්පජාන රේඛාව. එතකොට ඒක පෙන්නුවා ඔය ජාති, වේදනා, චේතනා රේඛාව බවට පත් වෙනවා. කැරකැවීම, කොහොම ද ඒක වෙන්නේ? අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. මාන අනුසය මගින් ඒකේ පැහැදෙනවා, පසීදති. පටිඝානුසය අසම්පජානය සුඛ යැයි පවසනවා. එතකොට විඤ්ඤාණයේ අනුසය කැරකැවීම මගින් ඇති වුණා, ඒක රාග අනුසයයි, කියලා කිව්වා.
පහළින් රාග අනුසයට යනකොට, උඩ පැත්තෙන් වෙන්නේ මොකක් ද? අපි පෙන්නුවා මේ සඤ්ඤාවේ නන්දිය කියන එක. එතකොට මේක ම ආපහු මෙහෙම කැරකැවීමෙන් අපිට පේනවා, අර වේදනා, අසම්පජාන රේඛාව අන්න සඤ්ඤා, චේතනා රේඛාවට එනවා. ධම්මමච්ඡරිය තියෙන ඒ රේඛාවට එනවා කියන එක තියෙනවා. කාරණා දෙකක්, මෙතැනින් රාග අනුසය වෙනවා, අතන සඤ්ඤාවේ නන්දිය වෙනවා කියලා.
දැන් මෙතනදි අවිද්‍යාව තමයි ප්‍රත්‍ය වුණේ මේ ක්‍රියාවලියට, අන්න මෝහය. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ, ලෝභයාගේ ද, මෝහයාගේ ද, ව්‍යාපාදයාගේ ද ප්‍රහාණය, වදාළා කියලා.
ඊට පස්සේ කියනවා, රාග දෝෂ මොහක්ඛයා ස නිබ්බුතොති කීවා ම, ලෝභයාගේ ද, මෝහයාගේ ද, ව්‍යාපාදයාගේ ද ඡන්ද රාග විනය. අන්න ඒක තමයි අපි පෙන්නුවෙ උපෙක්ඛා අප්‍රමාණ භාවනාව සමඟ කොටසක් පෙන්වූයේ, අර පැහැදිලි කළේ ව්‍යාපාදය එහෙම පහ කිරීමට ඇති හැකියාවයි කියලා. අන්න ඒ කොටසට මනස යොමු වෙන්න ඕන.
ඒ කියන්නේ, පරාමාස, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චය, අර විහිංසා සඤ්ඤා, ව්‍යාපාද සඤ්ඤා. අර උපෙක්ඛා අප්‍රමාණ භාවනාවත් එක්ක බලන්න ඕන. බොහොම ගැඹුරුයි. අරක කරලා මේක කළහම තමයි තමන්ට තේරෙන්නේ.
ඉතින් මේ භාවනාව කළාට පස්සේ අපිට පේන්නේ මොකක් ද? අපි භය අගතියට නිතර ම යනවා. මොන කාරණාවකින් හරි. ඕගොල්ලන්ගේ ශරීරයේ අසනීපයක් උණා ද, පපුව රිදුණා ද, භය අගතියට තමයි හැම තිස්සේ ම යන්නේ.
එතකොට අපිට පේනවා අපි මේ කරකවන්න හදන්නේ මොකක් ද? අර ජරා, වේදනා අසම්පජාන රේඛාව කැරකැවීම තමයි අපි කරන්න හදන්නේ නිතර ම.
ඉතින් කරකවා ගැනීමට නොහැකි වන්නේ ය කියලා යමෙක් සිතනවා නම්, අන්න තමන්ට ප්‍රීතිය ගලනවා. ඒ වගේ ම ජීවිත ඉන්ද්‍රිය නොපවතින බව සිතන්නේත් ප්‍රීතිය ගලනවා. අර කොටස් දෙක, දෙපැත්තක් පෙන්නුවා නේ. අන්න මේක තමයි ධර්ම ප්‍රීතිය කියන එක.
මේක තමයි මං කරපු භාවනාව.