ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට කළේ ඊයේ භාවනාව ම තවදුරටත් කරගෙන ගියා. ඒකේ මතක ඇති අපි බැලුවා, අර සත්තො ගුහායං බහුනාභිඡන්නො ගාථාවෙන් පටන් ගත්තේ, “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”
ඒකේ අපි අර රූපයේ ඡන්දය, රාගය, නන්දිය අපි මෙනෙහි කළා. එතකොට ඒකේ පළවෙනි කාරණාවට අපි පෙන්නුවා, ඒ රූපයේ ඡන්දය, කියලා කීවා ම, ඒ භාණ්ඩ, මුදල් වැනි දේ නිසා, භය අගති යෑම සිද්ධ වෙනවා කියලා. එතකොට ඡන්දය පෙරයි, භය අගතිය පසුවයි කියලා. ඉතින් එතන මතක තියා ගත යුතු කාරණාවක් තමයි, අපි ඔය අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය කරා ගමන් කරනවා. එතකොට ඒකේ සංකප්ප පාර, 50% පාර එතන වැදගත් වෙනවා.
ඊළඟට දෙවෙනි කාරණාවට අපි පෙන්නුවා, ඒ කයේ රිදීමක් වගේ දෙයක් තියෙනවා නම්, ඒ කියන්නේ වේදනාවේ ඡන්දය කියන එක වැටහෙනවා. ඕගොල්ලන්ගේ පපුව එහෙම රිදෙනවා නම් නේ ද, ඒ වේදනාවත් එක්ක එකපාරට ම තමන් ඉතින් බය වෙනවා heart attack එකක් හැදෙන්න එනවා ද ආදී වශයෙන්.
එතකොට ඒ රිදීම මේ ජරාව නිසයි අපිට පේන්නේ. ඒකෙදි මේක මගිනුත් අපි භය අගතිය සිද්ධ වෙනවා. ඉතින් මෙතනදි අපි ඉගෙන ගත්තා මේ නාමරූප කියන ඒවා විශේෂිතයි කියලා. ඒ කුමක් නිසා ද? ජරා වූ සඤ්ඤා අගය වේදනා අගයට එකතු වී ඇති නිසායි.
අන්න ඒ වෙලාවේදි ඕගොල්ලෝ කල්පනා කරන්න ඕනෑ, වේදනාව ඉඳන් චේතනාව දක්වා තිබෙන්නා වූ ඒ කොටස ගැනයි මෙනෙහි කරන්න ඕන. අර ඉස්සෙල්ලා සංකප්ප කොටස දැන් වේදනාවෙන් එහා පැත්තට. සඤ්ඤා කොටසත් එකතු වෙලා.
තුන් වෙනි එකට අධිට්ඨාන, දිට්ඨි ඕඝය, ජරා වූ සඤ්ඤාව අල්ලාගෙන සිටිනවා, ඒ පැවැත්මක් නැති නිසා. ව්‍යාපාද සඤ්ඤාවෝ ඇති වෙනවා කියලා. එතකොට අපි නිතර ම දෝෂ අගතියේ හරි, භය අගතිය වෙනවා කියන එක වැටහෙනවා. අපි නිතර ම ඉන්නේ ඔය දෙකේ.
එතකොට ඉස්සෙල්ලා සිදු වෙන්නේ මොකක් ද? භය අගතිය ද දෝෂ අගතිය ද? කියන එක මම මෙනෙහි කළා. විඤ්ඤාණ පැත්තෙන් එනකොට භය අගතිය පළමුව සිදු වෙන බවත්, රූපය පැත්තෙන් එනකොට දෝෂ අගතිය වෙන බවත් වැටහුණා. “Excellent” කියලා රහතන් වහන්සේ පැවැසුවා.
තව ටිකක් අපි විමසගෙන යනකොට රූපයක් ස්පර්ශ වුණා ම, අවිද්‍යා අනුසය මගින්, ඒ සඤ්ඤාව කියන එක උස්සනවා, එසේ නම් මැරුණු විඤ්ඤාණය මගින් මේක සිදු කරනවා. මැරිච්ච විඤ්ඤාණය මගින් මේක සිද්ධ කරනවා, 4.2 පරිදේවය. එනම් line 8න් පටන් ගන්න ඕනෑ. අට වෙනි line එකෙන් තමයි ඒක පටන් ගන්නේ.
එහෙම නම් ඕගොල්ලන්ට diagram එකක් එනවා. ඒකෙ පේන්නෙ මොකක් ද? පරාමාසය ඉඳන් ඉදංසච්චයට සුභයි කියන එක. ඉදංසච්චයෙ ඉඳන් පහළට නිත්‍ය කියන එක. එතකොට අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට යන රේඛාව පරිදේවය හරහා ලකුණු කරගත්තොත්, එතන එනවා line 5, line 6, ඒ line 7 එනවා. පරිදේවයේ සිට line 8 එනවා භය අගතියට. එතන 4.2. භය අගතිය යටින් ලියාගන්න 4.3 වේදනාවේ ජරාව. එතන අර ව්‍යාධිය තියෙන්නේ. 4.4 අර සෝකය තියෙන තැන ලකුණු කරගන්නවා. එතකොට ඒක දිට්ඨි අනුසය පාර.
එතකොට එතෙන්දි අපිට පේනවා 4.4 කියන්නේ begging the feelings කියලා. ඔන්න ඔය අවස්ථාවට අපි ඇවිල්ලා තියෙන්නේ, එතකොට present moment එකේ තියෙන අවස්ථාව, ඒ 4.4 වේදනාව නැවත අපි උපද්දවනවා. කුමක් අනුකරණය කර, කුමක් ආධාර කර ඉපදවීම සිදු වන්නේ ද? භය අගතියේ සිට පැමිණීම විමසන්නේ, නැති වූ නාමරූප කොටස් ම නැවත උපද්දවයි. මෙසේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප සිද්ධ වෙනවා.
එතකොට මේක පටලවා නොගැනීම පිණිස මිය ගියා වූ විඤ්ඤාණ ධාරාව, ඒ කියන්නේ 4.2 අර විඤ්ඤාණ පච්චයා නාමරූප ලෙස ගන්න ඕනෑ. දැන් අපි දන්නවා bell shaped curve එකේ අපි 1, A කියලා ලකුණු කර ගත්තේ, එතන සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං, උඩ විඤ්ඤාණ පච්චයා නාමරූපං. ඊට පස්සේ අර 3 ඒක අමතක කරන්න කෝ. ඒක එහෙම තිබිච්චා වේ. පහළට එනවා 4.2. ආපහු 4.2 එනවා විඤ්ඤාණං පච්චයා නාමරූපං. ආපහු 4.4 අර top එක. ඒකත් විඤ්ඤාණං පච්චයා නාමරූපං. මේ curve එකේ ගත්තහම මේ පැත්තට ගත්තයි අනිත් පැත්තට ගත්තයි කියලා ඕකේ වෙනසක් නෑ නේ. උඩින් බැලුව ද යටින් බැලුව ද කියන එකයි. එතකොට එහෙම නම් අපිට පේනවා විඤ්ඤාණ පච්චයා නාමරූපං., ආපහු විඤ්ඤාණ පච්චයා නාමරූපං, උඩට ගියහම ඒ කතාව. මැද්දේ තමයි අර සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන කතාව තියෙන්නෙ.
ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නුවා නේ අර මෙච්චරයි කියලා එක සූත්‍රයක තියෙන්නේ, විඤ්ඤාණයෙන් නාමරූපය, නාමරූපයෙන් විඤ්ඤාණය, ආපහු දෙපැත්තයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නුවා.
ඉතින් මේ භාවනාව තව ටිකක් කරගෙන ගියා ම, අපිට අන්තිමට පේනවා, අර බුදුහාමුදුරුවෝ ඇයි මේ තණ්හාව නිසායි මේක ඇති වෙන්නේ, කියලා කිව්වෙ කියන එක. ඔය 4.4 අවස්ථාවේ ඉඳන් ඒක හිතන්න. එතන ඉඳන් තමයි, present moment එකේ. ඔතන ඉඳන් අපි සිතන්න පටන් ගන්නේ. 4.4ට ඇවිල්ලා, එතන ඉඳන් යන්නේ. හරි ගැඹුරට ඒක තේරෙනවා. ඒක අපි හෙට තව ටිකක් සාකච්ඡා කරමු.
හොඳයි ඒක තමයි මං කරපු භාවනාව.