ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ඊයේ භාවනාවෙදි බැලුවා, මේ නාමයත් රූපයත් නිසා, විඤ්ඤාණය හටගන්නවා, විඤ්ඤාණය නිසා නාමරූප හටගන්නවා කියලා, ඊයේ සාකච්ඡා කළා, අර bell shaped curve එකත් එක්ක. Bell shaped curve එකෙන්, ඊට පස්සේ wave එක වගේ යන එක.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, මේ present moment එකේ, 4.4 දි, වේදනීය ධර්මයන් නිසා තණ්හාව ඇති වීමයි.
තථාගතයන් වහන්සේ තණ්හාව නිසා දුක්ඛය ඇති වෙන බව පවසන්නේ, එතැනින් පටන් ගන්නේ, මේ present moment එකේ අර begging the feelings. මතක නේ සුඛයි වේදනාව, ඒ පැත්තෙන් අර සංස්කාරයන් නිත්‍යයි කියලා එනවා. ඒක ඇති වුණේ අර සුභය, නිත්‍ය, ඒකෙන් තමයි ඒ කතාව. එතකොට ඒ අවස්ථාව නේ ද කියන එක සිහි කළා.
වේදනීය ධර්මයෝ දෙයාකාර වෙනවා, ස්පර්ශය නිසා හටගන්නා වූ රූප ඇසුරු කොට පවත්වන්නා වූ ධර්මයෝ එක් කොටසක් වෙනවා. සඤ්ඤා මනසිකාරයන් නිසා සංස්කාර විෂයයෙහි හටගන්නා වූ ධර්මයෝ තව කොටසක්.
මෙහි දී සංස්කාර නිසා හටගන්නා වූ ධර්ම කොටස විශේෂිතයි. කුමක් නිසා ද? මිය ගියා වූ පරිදේව වූ විඤ්ඤාණය මගින් පවත්වන්නා වූ, පොළඹ වන ලබන්නා වූ ධර්මයෝ රූප විෂයයෙහි, රූප ස්පර්ශයෙන් හටගන්නා වූ, ධර්මයන් ඉක්මවනු ලබන නිසා ය.
වඩේ, උදාහරණය ඒකට බොහොම හොඳයි. එක කටක් කාපු පමණින් ම විසි කර නොදමයි. කටවල් කීපයක් ම කා බලා නොසුදුසුයි කියලා විසි කරනවා.
විඤ්ඤාණය විසින් මෙසේ රූපය අභිබවා නාම කොටස ඉදිරිපත් කරනවා. මෙම නාම කොටස තුළ තණ්හාව ඇතුළත් වේ. සඤ්ඤා අගයන්, වේදනා අගයන් එහි ඇතුළත් වන බැවින් මේක වටහා ගත හැකි වූවත්, අපි දන්නවා වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දීල නේ තණ්හා වෙනවා කියන්නේ. ඒ වුණත් ධර්ම කාරණා වශයෙන් ජරා, වේදනා, අසම්පජාන රේඛාව කැරකැවීමෙන් වන්නා වූ සඤ්ඤාවේ නන්දිය ම බලපානවා. මෙය ම රාග අනුසයේ බලපෑමට යටත් ව, සියුම් වූ තණ්හාවක් බවට පත් වෙනවා.
ඉතින් ඒක තේරුම් ගන්න ඕගොල්ලෝ බලන්න ඕන, මතක ද අපි පෙන්නුවා අර ජරා, වේදනා, අසම්පජාන රේඛාව එතකොට අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. ඊට පස්සේ මානය මගින් ඒකේ පැහැදෙනවා, පසීදති. ඊළඟට තුන් වෙනි කාරණයට කිව්වා, ඒ පටිඝානුසය අසම්පජානකාරීත්වය සුඛ යැයි පවසනවා. විඤ්ඤාණයේ අනුසය තණ්හාව මගින් කැරකැවීම ඇති වුණා කියලා.
ඒ කියන්නේ අර මෙහෙම තිබුණ රේඛාව, කැරකිලා රාග අනුසය අර ජාති, වේදනා, චේතනා කියන රේඛාවට එනවා. ඕක කැරකෙනකොට අර අසම්පජානයේ සිට, අපි දන්නවා, වේදනා, අසම්පජාන රේඛා කොටස ආපහු ඇවිල්ලා නේ තියෙන්නේ, මේ වේදනා, චේතනා කොටසට. එතකොට එතන සඤ්ඤාවේ නන්දිය වෙනවා කියලා, ඒකත් අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා.
දැන් අපිට තේරෙනවා එහෙනම් විඤ්ඤාණයේ අනුසය කැරකැවීමෙන් ඇති වුණේ. තණ්හාවෙන් කරකවලා තමයි ඒක ඇති වුණේ නේ ද. අන්න ඒ කෑල්ල වැදගත් වෙනවා. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප, ආපහු නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ. දැන් එතකොට අපිට තේරෙනවා, අර රාග අනුසය කියන එක තියෙනවා, විඤ්ඤාණය තුළ රාග අනුසය. ඒකේ උණුසුම තියෙනවා. ඒකේ උණුසුම නිසා, තණ්හාව කියන එක ඇති වෙනවා. තණ්හාව මගින් ඒ උණුසුම නැවතත් පවත්වනවා.
ආපහු අර පරාමාස, ජීවිත ඉන්ද්‍රිය ඒ පැත්තෙන් එන්නේ. දැන් අර කියන්නේ ජීවිත ඉන්ද්‍රිය ඇති වෙන්නේ උණුසුම නිසායි, උණුසුම ඇති වෙන්නේ ජීවිත ඉන්ද්‍රිය නිසයි කියලා නේ ද? අන්න ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඒ දෙක එනවා. එතකොට ඒ බොහොම සියුම් අවස්ථාවක්. ඉතින්, බුදුහාමුදුරුවෝ පොඩි දෙයක් නොවේ අවබෝධ කරගෙන තියෙන්නේ. මේ තණ්හාව නිසා තමයි මේ දුක්ඛය ඇති වෙනවා, කියන එක. අර present moment එකේ, ඒකේ අවබෝධය.
ඒක තමයි මං කරපු භාවනාව.