Date: 07/11/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට කළේ, අපි 4 වෙනිදා කරපු භාවනාව, ඒක ම මම කරගෙන ගියා ඉස්සරහට. අර “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.” ගාථාවෙන් පටන් ගත්තා ගිහිල්ලා ඒකේ විඤ්ඤාණයේ අනුසය ධර්මය දක්වා බැලුවා.

ඒ විඤ්ඤාණයේ අනුසය, මතක ඇති අපි බැලුවා. අර අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. මානය මගින් ඒකේ පැහැදෙනවා, පසීදති. ඊට පස්සේ පටිඝානුසය අසම්පජානකාරීත්වය සුඛ යැයි පවසනවා. එතකොට විඤ්ඤාණයේ අනුසය, තණ්හාව මගින් කැරකැවීමෙන් ඇති වුණා කියලා. එහෙම නම් විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඤ්ඤාණං කියලා ඉගෙන ගත්තා.

විඤ්ඤාණය තුළ අනුසය ධර්මය කියන එක තියෙන්නේ. එහි උණුසුම මගින් තණ්හාව ඇති වුණා. තණ්හාව මගින් ඒ උණුසුම නැවත පවත්වනවා. ඉතින් අර, ජීවිත ඉන්ද්‍රියේ උණුසුම කියන එක සිහි කළා.

එතකොට මේ විඤ්ඤාණයේ අනුසය ධර්මය මෙහෙම සිහි කළා ම ඒකෙන් තණ්හාව, තණ්හාව මගින් එම උණුසුම නැවත පවත්වනවා.

එතකොට මේකෙන් අනතුරුව අර repair භාවනාව කියන එක මම කළා එදා. ඒ repair භාවනාව කරනකොට ඕගොල්ලෝ දන්නවා, ඔය ජීවිත ඉන්ද්‍රිය කියන්නේ සංස්කාරවල උණුසුම, ඒ වාගේ ම පරාමාසය කියන්නේ සඤ්ඤාවේ උණුසුම, සෝකය කියන්නේ වේදනාවේ උණුසුම, රූපයේ උණුසුම තමයි ජරාව.

අන්න ඒ විදිහට දැන් අපිට පේනවා තණ්හාවේ උණුසුම තමයි විඤ්ඤාණය. එතකොට මේ උණුසුම පවත්වා ගැනීම සඳහා අපි උත්සාහ කළාට අපිට ඒක කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ.

ඉතින් තණ්හාවේ උණුසුම විඤ්ඤාණය විදිහට වටහා ගත්තහම, ඒ තථාගතයන් වහන්සේ කුතුහල සූත්‍රයේ වච්චගොත්තට කිව්ව දේ සිහි වෙනවා. ඒකේ වච්චගොත්ත අහනවා, “භවත් ගෞතමයාණෙනි, යම් කලෙක මේ කයත් බහා තබා ද, සත්වයා එක්තරා කයකට නොපැමිණියේ වේ ද, භවත් ගෞතම තෙමේ ඔහුට කිමෙක් උපාදානයයි පනවා ද?”

“වච්චය, යම් කලෙක මේ කයත් බහා තබා ද, සත්වයාත් එක්තරා කයකට නොපැමිණියේ වේ ද, එයට මම තණ්හා උපාදානයයි කියමි. ඒ සමයේ ඔහුට තණ්හාව උපාදානය වෙයි.” කියලා.

එතකොට අපිට පේනවා එහෙම නම්, ඒ තණ්හාවේ උණුසුම අල්ලාගෙන තමයි එයා ඒක පවතින්නේ කියලා. ඉතින් ඒක දැක්කහම තමන්ට ධර්ම ප්‍රීතිය එහෙම ඇති වෙනවා.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව.