ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද මම භාවනාවට ගත්තේ, අර ආයතන භාවනාවේ එකොළොස් වන slide එකේ, ඒ කියන්නේ අවසාන slide එක, ඒක සිහි කළා. ඒකේ තියෙනවා මේ රූපය නාභිනන්දති, කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, ඊළඟට වේදනාව නාභිවදති, මනස නාම කොටස, නාජ්ඣොසාය තිට්ඨති. එතකොට ඇස, කන, නාභිනන්දති, වේදනාව නාභිවදති, මනස නාජ්ඣොසාය තිට්ඨති කියලා කල්පනා කළොත්, ඇස අභිනන්දනා නොකරයි නම් ඇස ශුන්‍ය වෙනවා. වේදනාව නාභිවදති නම් වේදනාවට තණ්හා වීම කියන එක වළකිනවා.
ඒ කියන්නේ 4.4 විදිහට මේක සිතන්න ඕන. Present moment එකේ ඇති වන විදිහ. ඊළඟට මනස නාජ්ඣොසාය තිට්ඨති නම්, අරූප ධ්‍යාන වැනි දේ පවා අල්ලාගෙන ඉන්නේ නෑ. එතකොට මේකේ අනිත් පැත්ත, අජ්ඣොසාය තිට්ඨති නම් උපාදාන වෙනවා. අජ්ඣොසාය කීවා ම උපාදාන වෙනවා. එතකොට මෙතෙන්දි දිට්ඨි උපාදානය. එතකොට එහෙම නම් මේ වෙලාවෙදි, අරූප ධ්‍යාන වැනි දේ පවා අල්ලා ගැනීම කියන එක තියෙනවා දිට්ඨි උපාදානයත් එක්ක.
දැන් ඕගොල්ලන්ට පේනවා එහෙම නම්, වේදනා, චේතනා, පරාමාස, එතකොට වේදනාවෙන් අපිට තණ්හාව. චේතනාවෙන් අපි පහළට එනවා දිට්ඨි උපාදානය. එතකොට එහෙම නම් පේනවා කැරකවීමක් තියෙනවා කියලා. වේදනා, තණ්හා, දිට්ඨි උපාදානය කිව්වා ම. දැන් එතකොට අපි දන්නවා අර උපාදාන හතර අතර සම්බන්ධතාවය, අර AKDS කියලා බලලා තියෙන්නේ, A අත්තවාද උපාදානය K කාම උපාදානය, ඒකෙන් D දිට්ඨි උපාදානය, ඒකෙන් S සීලබ්බත උපාදානය.
ඉතින් ඕක අපි ලකුණු කරනවා, චේතනාවේ ඉඳන් පරාමාසයටයි, භය අගතියේ ඉඳන් වේදනාව දක්වාත් ලකුණු කරනවා දිට්ඨි උපාදානය කියන එක. අපි ඉස්සෙල්ලා පෙන්නුවේ, වේදනා, තණ්හා, දිට්ඨි උපාදානය කිව්වා ම, චේතනාවෙ ඉඳන් පරාමාස දක්වා තියෙන කොටස, ආපහු ඒ දිට්ඨි උපාදානය නිරූපණය කරනවා භය අගති වේදනා. දැන් එහෙම නම් අර පහළ කොටසින් පටන් ගන්න භය අගති වේදනා. එතකොට එතනින් අපි එනවා, ඒ දිට්ඨි උපාදානයෙන් සීලබ්බත උපාදානයට. එහෙම නම් අපි ආපහු ආවා අර තණ්හාවට. ආපහු කැරකැවීමක් තියෙනවා. දැන් උඩින් කැරකැවීමක් තියෙනවා වේදනා චේතනා පරාමාස කියලා. පහළින් ආපහු දිට්ඨි උපාදානය, වේදනා S සීලබ්බත උපාදානය කියලා.
එහෙම නම් වෙන්නේ මොකක් ද? අපි ආයතන භාවනාවේදි බැලුවා ඒ කාරණා තුන, ඒ කියන්නේ අර රූප, නාභිනන්දති, වේදනාව නාභිවදති, මනස නාජ්ඣොසාය තිට්ඨති කියලා ලකුණු කර ගත්ත එක, දැන් ඕකේ අනිත් පැත්ත බැලුවේ අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති කිව්වෙ. දැන් අපිට පේන්නේ මේක පෙරළෙනවා.
මේක පෙරලුණා ම, ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ 5 වෙනි slide එක කියන එක හැදෙනවා. ඉතින් ඒකේ ඕගොල්ලො දන්නවා, පෙර මෝහය, ද්වේෂ සහිතව ජීවත් වීම, පාණාතිපාතය. දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාදානය. මම රස්සාවක් කරගෙන හරි ජීවත් වෙනවා, කියන එක.
එතකොට ඔය සංස්කාරවල උණුසුම කියන එක, ජීවිත ඉන්ද්‍රියයි කියලා අපි සාකච්ඡා කළා. එහෙම නම් පාණාතිපාතය වැනි සංස්කාරයන්ගේ උණුසුම ජීවිත ඉන්ද්‍රිය තුළ තියෙනවා. එතකොට දැන් වේදනාව පරාමාසගත වෙනවා. කුමක් නිසා ද? එම වේදනාව අල්ලාගෙන සිටීම නිසායි. පරාමාසගත වුණා නම්, ජරා වූ සඤ්ඤාවන් අල්ලාගෙන සිටිනවා.
අන්න එතෙන්ට එනවා අර අධිට්ඨාන කොටස. ඒ කියන්නේ අධිට්ඨානය ඇති වෙනවා, දිට්ඨි ඕඝය ඇති වෙනවා. පැවැත්මක් නැති නිසා, ව්‍යාපාද සඤ්ඤාවෝ ඇති වෙනවා. ව්‍යාපාද සඤ්ඤා මගින් ජීවිත ඉන්ද්‍රිය පවත්වන්න බැහැයි කියන එක අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා.
අපි සිත ව්‍යාපාදය සමඟ නැංවුවොත්, පවතිනවා කියලා වැරදි විදිහට අපි හිතනවා. ඉතින් ඔතන අර උපෙක්ඛා භාවනා කොටස සම්බන්ධ වෙනවා.
එතකොට විහිංසා සඤ්ඤා මගින් පැවැත්මකුත් නැත. එතකොට මේ විදිහට රාග, දෝෂ, මෝහ උපසමයට පැමිණෙනවා.
මෙතැන දී අපි අර “දදතො පුඤ්ඤං පවඩ්ඪති” ගාථාවෙ ඉගෙන ගත්තා. ලෝභයාගේ ද, මෝහයාගේ ද, ව්‍යාපාදයාගේ ද, ඡන්ද රාග විනය පවත්වනවා කියලා. කුමක් නිසා ද? පරාමාසගත වූවා නම්, ජීවිත ඉන්ද්‍රියට හානි වන බව දන්නා, දක්නා නිසා ය. කුමන ජීවිත ඉන්ද්‍රියක් ද? සියලු ඉන්ද්‍රියන් නිවනට යොමු කරන්නා වූ ජීවිත ඉන්ද්‍රිය.
අන්න ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්