ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ඔයගොල්ලන්ට මතකයි අපි 10 වෙනිදා කරපු භාවනාව. ඒකේ අපි අර ආයතන භාවනාවේ එකොළොස් වෙනි slide එකත් එක්ක මෙනෙහි කළා. ඒ ආයතන ඇස, කන, නාසය, දිව, ශරීරය, ඒ රූප කොටස නාභිනන්දති, ඊට පස්සේ වේදනාව නාභිවදති, මනස, නාම කොටස නාජ්ඣොසාය තිට්ඨති කියලා.
ඒක බලලා අපි ඒ භාවනාව දීර්ඝ වශයෙන් කළා. ඉතින් ඒ වේදනාවට තණ්හා වෙනවා නම්, ඒකෙදි අපි බැලුවා වේදනාව කියන එක පරාමාසගත වෙනවා කියලා. මොකක් නිසා ද? ඒ වේදනාව අල්ලාගෙන ඉන්න නිසා. පරාමාසගත වුණා නම් ජරා වෙච්ච සඤ්ඤාවන් අල්ලාගෙන ඉන්නවා කියලා සාකච්ඡා කළා.
ඊට පස්සේ අද භාවනාවෙදි මෙනෙහි කළේ, ඔය 10/11/2017 භාවනාවෙදි සාකච්ඡා කළ ඒ වේදනාව අල්ලාගෙන සිටීම කියන එක සිහි කළා. වේදනාව අල්ලාගෙන සිටිනවා නම් ඒක පරාමාසගත වෙනවා.
එතකොට මේක මේ සත්තො ගුහායං ගාථාවත් එක්ක සිහි කළා ම, ඒකේ අපි දන්නවා ඔය දූරේ විවෙකා හි තථාවිධො සො, ඒ නීවරණවලින් වෙන් වීම කියන එක. ඉතින් අහං සහ මමං එකට සිටින, කුක්කුච්ච අවස්ථාවට පැමිණිලා මේ දෙන්නා එකට හිටියොත්, පරාමාස ඉදංසච්ච, ඉදංසච්ච පරාමාස, මේක සිද්ධ වෙනවා.
එතකොට පරාමාසයේ ඉඳන් අපි දන්නවා ජීවිත ඉන්ද්‍රිය, ඒ ව්‍යාපාද සඤ්ඤා මගින් මේක පවත්වන්න හැකියයි කියලා සිතනවා. මේක කළ නොහැකි වුවත් ඒ ඉදංසච්චය තුළට කා වැදුණ නිසා දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානය, ඒ ධර්මයන් reverse වෙලා පැමිණෙනවා, දෙවෙනි රවුමේ.
එතකොට මේක සම්බන්ධ වෙනවා දැන් 18/08/2017 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කළා, “උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්දං, ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො. යද් අත්තගරහී තද් අකුබ්බමානො, න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො.” කියන ගාථාව. ඒකේ පෙන්නනවා මේ අන්ත දෙක. ස්පර්ශය එක අන්තයක්, ස්පර්ශ සමුදය තව අන්තයක් කියලා.
එතකොට ඒකෙ අපි බලලා තියෙනවා පරාමාස, භය අගතිය ඒ රේඛාවේ දිට්ඨි ආශ්‍රවය. ඊළඟට භය අගතිය වේදනා, එතන දිට්ඨි අනුසය. එතැනින් වේදනාවෙන් ස්පර්ශයට එනවා කියන එක. ඉතින් පරාමාසයට යමක් ඇතුල් වුණා ද, දිට්ඨි ආශ්‍රවය, දිට්ඨි අනුසය වෙලා ස්පර්ශ සමුදය ඇති වෙනවා. ඉතින් දැන් අපි එතන සාකච්ඡා කළා අන්ත දෙක. උඩින් ස්පර්ශය. වේදනාවට යටින් ස්පර්ශ සමුදයයි කියලා. ඒ සුඛ වේදනාව එක අන්තයක්, දුක වේදනාව තව අන්තයක් කියලා එතන බලලා තියෙනවා.
දැන් අපි ඉස්සර වෙලා කිව්ව වේදනා ධර්මයෝ reverse වෙලා පැමිණියා නම් නැවතත් තණ්හාව ම ඇති වෙනවා. ගැලවීමක් නෑ. මේක දන්නා ධීරයා, ප්‍රඥාවන්තයා මේ ඇලීම කියන එක සංසිඳවලා ඒ දුටු දේ නොඇලෙනවා, ඇසූ දේ නොඇලෙනවා, න ලිප්පති. පේනවද පටන් ගත්තේ ආයතනවලින්, කැරකිලා ආපහු ආයතනවලට නේ එන්නේ? එතකොට ඒක තමයි ලස්සනට පේනවා. මේක කළා ම mind එක glow වෙනවා, තමන්ගේ බබලනවා.
අන්න ඒක තමයි මං කරපු භාවනාව.