ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
කිමත්ථිය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා, අපි අර 18 නොවැම්බර් 2017 කළ සූත්‍රයට පස්සෙ සූත්‍ර දේශනාව, ඒ වේදනා සංයුත්තයේ නව පුරාණ වර්ගයේ, පිටුව 277, ඒකෙ පෙන්නනවා,
“මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වසනු ලැබේ ද?” යි මෙසේ තොපි පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ යැයි මෙසේ පවසව්. මහණෙනි, ඉදින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ, ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ නම් ඒ දුක කවරේ ද? යි මෙසේ තොප පුළුවුස්නා නම්, මහණෙනි එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ හෙලි කරවු.
ඇවැත්නි, ඇස දුක ය, එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ. රූපය දුක ය, ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ. චක්ඛු විඤ්ඤාණය දුක ය, එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ. චක්ඛු සම්‌ඵස්‌සය දුක ය, එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ. චක්ඛු සම්‌ඵස්‌සය නිසා ඇති වන්නා වූ සුඛ, දුක, අදුක්ඛම සුඛ වේදනාවෝ දුක ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ. කියලා භාග්‍යවතුන් වහන්සේ පවසනවා.
එතකොට මේ ධර්මය තේරුම් ගන්න සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. එතකොට ඒකෙ ධර්මයේ ඡන්දය, නන්දිය මෙනෙහි කළා. එතන ධම්මමච්ඡරියට ආවා. අපි දන්නවා වේදනාවයි මනොසඤ්‌චෙතනා ආහාර පාර අතර ධම්මමච්ඡරිය කියන එක ලකුණු කරනවා. එතකොට ධර්මය දීමට ධර්මය අවශ්‍යයි.
එතකොට එහෙම නම් ඉහත ගාථාවේ ඇසේ ස්පර්ශය නිසා සුඛ, දුක, අදුක්ඛම සුඛ වේදනාවෝ උපදී නම්, ඒ දුක ය. අන්න එතනට අවධානය යොමු වෙනවා. වේදනා කොටසට මනස යොමු වුණා. මෙය 50% සංකප්ප පාර හරහා සිදුවීමත් එමගින් ධම්මමච්ඡරිය වීමත් සිහි කළා. 50% පාර ඇති වෙන කාරණා සිහි කළා. පළවෙනි එක අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව එසවීම. දෙවෙනි එක මාන අනුසය මගින් එහි පැහැදීම. තුන් වෙනි එක පටිඝානුසය මගින් අසම්පජානය සුඛ යැයි පැවසීම.
තථාගතයන් වහන්සේ පවසලා තියෙන්නේ මේකයි. කළින් භාවනාවේ ඒ කියන්නේ 18/11/2017 නිබ්බාන භාවනාවේ කෙළවරින් පටන් ගන්න ඕනෑ. මෙතනදි පෙන්නලා දීලා තියෙන්නේ මේ ජාතිය, වේදනාවේ ජාතිය දුකයි, දිට්ඨි අනුසය හරහා හෝ රාග අනුසය හරහා හෝ අවිද්‍යා අනුසය හරහා හෝ ඒක සිදු වෙනවා. මේක දුකයි. ඒ කියන්නේ අර රේඛාව කැරකිලා ඇවිල්ලා, ඒ කියන්නේ අනුසය, ජාති වීම ම දුකයි. රාග අනුසය වූ ආකාරය විමසන්න ඕනෑ. ඒක අර ඉස්සෙල්ලා භාවනාවේ අපි දන්නවා ඔය රේඛාව, ඒ පටිඝානුසය තියෙන රේඛාව කැරකිලා ඇවිල්ලා තමයි අපි ආවේ රාග අනුසය කියන එකට. මේකේ උණුසුම මගින් තමයි තණ්හාව, අන්න ඒක ජාතිය වෙනවා. ඇස ජාති වීම දුකයි. මේ විදිහට විමසන්න ඕන. කැරකීමෙන් සිද්ධ වුණා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.