Date: 28/11/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

“සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.” ගාථාවෙන් පටන් ගත්තා.

රූපයේ ඡන්දය, රාගය, නන්දිය. ඒ රූපයේ ඡන්දය, භාණ්ඩ, මුදල් වැනි දේ නිසා, භය අගති යෑම සිද්ධ වෙලා, ඡන්දය පෙරයි, භය අගතිය පසුවයි කියලා, අපි සාකච්ඡා කරලා තියෙනවා. ඔය area 1 වලින් area 6 කියන එක ඇති වෙනවා කියලා. කයේ රිදීමක් වැනි දේ ඇති වෙනවා නම් අපිට අර වේදනා ඡන්දය, ඒක අපි දන්නවා මේ මගිනුත් භය අගතිය සිද්ධ වෙනවා. මේ අවස්ථාවේ දී නාමරූප විශේෂිතයි. අර ඉස්සෙල්ලා සංකප්පය නම්, මෙතන උඩ, නාමරූප කොටසින් තමයි මේක සිදු වන්නේ. කුමක් නිසා ද? ජරා වූ සඤ්ඤා අගය වේදනා අගයට එකතු වී ඇති නිසායි කියලා, අපි සාකච්ඡා කරලා තියෙනවා.

ඊළඟට අධිට්ඨාන, දිට්ඨි ඕඝ ජරා වූ සඤ්ඤාවෝ අල්ලාගෙන සිටිනවා. ඒ පැවැත්මක් නැති නිසා, ව්‍යාපාද සඤ්ඤාවෝ ඇති වෙනවා කියලා. එතැනින් පස්සේ, 07/11/2017 නිබ්බාන භාවනාවෙදි, වටහා ගත් ධර්මයක් තියෙනවා, අන්න ඒකට පැමිණියා. ඒකෙ ඕගොල්ලො දන්නවා, අර පරාමාසයෙන් සුභයි කියලා ඉදංසච්චයට ගිහිල්ලා, ඉදංසච්චයෙන් නිත්‍ය අවිද්‍යා ආශ්‍රව, පරිදේවය හරහා අපි එනවා 4.4 ජාතිය අර සෝකය තියෙන තැනට. ඒක මතක ඇති පරිදේවය 4.2. ලියාගත්තා. එතකොට 4.3 වේදනාවේ ජරාව, ඒක භය අගතිය. ඊළඟට 4.4 ජාතිය. දැන් එහෙනම් අපි ඇවිල්ලා තියෙන්නේ දිට්ඨි අනුසය පාරේ එතන සෝකයට.

ඉතින් ඔය ඊයේ ඔය කිමත්ථිය සූත්‍රය භාවනාවට පස්සේ, සිහි කළ කාරණාවක් මතු වුණා, ඒ වේදනාවට එන පාරවල් තුන ගැන. 50% පාර රාග අනුසය හා සම්බන්ධයි, 40% පාර දිට්ඨි අනුසය හා සම්බන්ධයි, 10% පාර කුමක් හා සම්බන්ධ වන්නේ ද?

මේ present moment එකේ, 4.4. හතර වන රවුම මානයට අයිති වන්නේ ය. එසේ නම් මෙය මාන අනුසය හා සම්බන්ධ වන්නේ ය. සරසඞ්කප්පයට සුදුසු වූ, හිත වූ, අකුසල් දහම්, රූප ස්පර්ශ වීමෙන් අපිට ඇති වෙනවා. තමාට ලැබී ඇති රූප පලාස කරමින් 4.4දි මෙය සිදු කරනවා.

ඉතින් මේක අපි සාකච්ඡා කළා. ඕගොල්ලන්ට මතක ඇති, අර අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව එසවීම, අන්න එතන සුභයි කියන කතාව. දෙවෙනි කාරණය මානය මගින් එහි පැහැදීම, පසීදති, අන්න එතන නිත්‍ය කතාව. තුන් වෙනියට පටිඝානුසය මගින් අසම්පජානය සුඛ යැයි පැවසීම, ඉතින් මෙම ධර්මයන් පරාමාසගත වීම 4.4. මේක කැරකැවීමෙන් අපි දන්නවා රාග අනුසය එහෙම ඇති වෙනවා කියන එක.

එතකොට 4.4 present moment එක. මෙහි දී, ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ පරාමාසය ඉදංසච්චගත වීම අපි දන්නවා. අපි ඉගෙන ගත්තා, පෙර මෝහය, ද්වේෂ සහිත ජීවත් වීම, පාණාතිපාතය. මේක දකුණු පැත්තේ සිදු වෙන 40% ධර්මය. අපි දන්නවා 4.4 සෝකය. අර දිට්ඨි අනුසය පාර, අපි දැන් ටිකකට ඉස්සෙල්ලා සාකච්ඡා කළා එතෙන්ට ආවා කියලා. රූපයට ඇඟිල්ල දික් කරලා trigger කරනවා, 40% ධර්මය මගින්, දිට්ඨි අනුසය හා බැඳෙනවා.

දැන් අවිද්‍යාව, ලෝභ සහිත ජීවත් වීම, අදත්තාදානය, රාග අනුසය සහිතව 50% පාර සමඟ විමසිය යුතුයි. එය රාග අනුසය හා බැඳෙනවා. මෙහි දී දදතො පුඤ්ඤං ගාථාවේ රාග, විරාග චෙතො විමුක්ති, අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය කියන එක වැටහෙනවා. “අන්න ඔබට වැටහුණා” කියලා බුදුපියා පැවසුවා. රාග, විරාග චෙතො විමුක්තිය 50% පාර, රාග අනුසය මගින් කරන ක්‍රියාවලිය නැවතීම. මේ දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාදානය නැවතීම.

ඊළඟට අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය 40% පාරේ දිට්ඨි අනුසය මගින් කරන ක්‍රියාවලිය නැවතීම, පෙර මෝහය දෝෂ සහිතව ජීවත් වීම, පාණාතිපාතය නැවතීම. ඊළඟට 4.4 සුඛය පරාමාස වී ඇත. Present moment එකේ මානය මගින් කෙරීම, කාමයෙහි වරදවා හැසිරීම, කාම සඤ්ඤා එහි ඇලීම, අභිනිවේසය. මේ පටිඝානුසයේ බලපෑම සහිතව වෙන් කරමින්, සුඛ වන රූප ම සොයනවා. මතක ඇති කාම සඤ්ඤාව අපි ලකුණු කරගන්නවා ජරා, වේදනා, අසම්පජාන රේඛාවේ, ඒ රේඛාවේ වේදනාවේ ඉඳන් අසම්පජානය දක්වා ඒ කාම සඤ්ඤාව කියලා. එතකොට ඒක ජරා, වේදනා, පටිඝානුසය රේඛාව.

ඒක තමයි මං කරපු භාවනාව.