ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම අර 28 වෙනිදා අපි කරපු භාවනාව මතකයි නේ ද? ඒකේ අපි බැලුවේ අර රූපයේ ඡන්දය, භාණ්ඩ වගේ දේවල්වලට, ඒක නිසා භය අගතියට එහෙම යනවා කියලා. ඊළඟට කයේ රිදීමක් තියෙනවා නම්, ඒ වේදනාවේ ඡන්දය කියන එක අපිට වැටහෙනවා කියන එක. ඊට පස්සේ අර දිට්ඨි ඕඝයෙන් මේ ජරා වෙච්ච සඤ්ඤාවෝ අල්ලාගෙන සිටිනවා කියලා පැවසුවා.
ඉතින් ඒකේ අපි අර පාරවල් තුන බැලුවා 50% පාර, 40% පාර, 10% පාර කියන එක. එතකොට ඒක බලලා, දැන් අපි 4.4 present moment එකේදි, ඒ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ වෙන්නා වූ කාරණා ටික අපි බැලුවා. ඒ භාවනාව ම කරලා අද භාවනාවෙදි කළේ, පෙර මෝහය දෝෂ සහගතව ජීවත් වීම, පාණාතිපාතය.
දැන් අපිට හොඳට වැටහෙනවා මේ “භය අගති සෝක කාම ආශ්‍රවය” කියන එක. මොකද දැන් අපි භය අගතියට ආවා නම්, එතන 4.4 සෝකය, ඊළඟට වේදනාව, දැන් රූපයට ඇඟිල්ල දික් කරනවා. එතකොට කාම ආශ්‍රවය කියලා කියන්නේ, සුඛ යැයි රූපයට පැවරීමෙන් අනතුරුව වන දෙයින් පසු සඤ්ඤාව. එතකොට ඒ රේඛාවෙන් ම ඒක හොඳට පේනවා.
ඉතින් ඔතන අද භාවනාවෙදි මට තවත් ආපු දෙයක් තමයි, දැන් අපි මෝහ පාර කීවා ම 40% ඒකෙන් නේ අපේ මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා.
එතකොට ඊළඟට ආපහු එනවා දෙවෙනි කාරණාවට, දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාදානය. අන්න ඒක අපි බලන්න ඕනෑ අර “වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව.” ඉතින් ඒක කෙනෙකුට පේනවා, අර වේදනාව, ඊට පස්සේ තණ්හාව ලකුණු කරන තැන දන්නවා. ඉතින් චේතනාවෙන් අපි පල්ලෙහාට ඒ දිට්ඨි ආශ්‍රව කියන එක. ඒකෙන් දිට්ඨි ආශ්‍රවයට ආවා නම් අපි කාම ආශ්‍රවය කියන එකට එනවා. අන්න එහෙම වුණා නම් අර ජාතියේ ඉඳන් යන රේඛාව, වේදනාවේ දක්වා රාග අනුසය. එතකොට දැන් ඔතන පේනවා එහෙම නම් දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය වීමෙන්, නංවන ලද කාම ආශ්‍රවය ම නැවතත් ස්ථීර කිරීම කියන එක සිදු වෙන බැවින්, නිත්‍යභාවය ද, රාග අනුසය පැවැත්වීම කියන එක සිදු වෙනවා.
ඒක හරියට, කවුරු හරි කෙනෙක් ඔටුන්නක් පළන්දන්න හදනකොට මිනිස්සු කැමතියි. පැළඳුනාට පස්සේ, ආයෙත් කැමතියි. ඔන්න ඔය වගේ එකක් තියෙන්නේ. ඒ කියන්නේ කාම ආශ්‍රවය, අර පළවෙනි එකේදි කාම ආශ්‍රවය ඇති වුණා නේ, භය අගතිය සෝක කාම ආශ්‍රවය. අන්න ඔටුන්න දමන්න ලෑස්ති වෙලා ඉන්න එක, දැන් මෙතන මේ දෙවෙනි කාරණාවෙ දී දැන් අවිද්‍යා, දාගෙන ඉන්න එක හොඳයි. ඉතින් ඕක හැම ධර්මයට ම යනවා අදත්තාදානයත් එක්ක.
ඊළඟට තුන් වෙනි කාරණාවට කාමයේ වරදවා හැසිරීම, කාම සඤ්ඤා, එහි ඇලීම අභිනිවේසය. එතකොට ඒක පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව. එතකොට දැන් ඔතන අපිට පේනවා, කාම සඤ්ඤාව කියන එක මේ “ජරා වේදනා අසම්පජාන” තියෙන රේඛාවේ තමයි එතන කාම සඤ්ඤාව ඔතන තියෙන්නේ උඩ. එතකොට ඒකෙන් අපිට එනවා කාම සඤ්ඤාවෙන් අත්තා. ඒකේ පසු සඤ්ඤාව තමයි අවිද්‍යා ආශ්‍රව.
එතකොට කාම සඤ්ඤාවේ උණුසුම තියෙනවා පරාමාසය තුළ. එම සඤ්ඤාවන් උපදවන කාමයේ වරදවා හැසිරීම වැනි සංස්කාරයන්ගේ ඇලීම මගින් අත්තා වන අවිද්‍යා ආශ්‍රව වීම තියෙනවා. දැන් අර ආනෙඤ්ජ සප්පායේ කාරණා තුන හොඳට තමන්ට පැහැදිලි වෙනවා.
ඒක තමයි මම කළ භාවනාව.