Date: 02/12/2017 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට කළේ, දැන් ඊයේ භාවනාව මතකයි නේ, නේ ද? ඊයේ භාවනාවෙදි මතක ද අපි ඉගෙන ගත්තා කාරණාවන් තුනක්. ඒ කියන්නේ භය අගතිය, සෝක, කාම ආශ්‍රවය කියන එක. එතකොට ඒ භය අගතිය සෝක කාම ආශ්‍රවය,

ඊළඟට අපි ආපහු ආවා වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව කියලා. එතකොට දැන් ඔතන අපි පෙන්නුව, දැන් අපි දන්නවා ඉතින් වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව වුණහම, අපි ආපහු කාම ආශ්‍රවයට එන්නේ.

දැන් අර ඉස්සෙල්ලා භය අගති, සෝක, කාම ආශ්‍රවය කියන එක මෙතන අපි ස්ථීර කිරීම සිද්ධ වෙනවා, නිත්‍යභාවය කියන එක එතන ඇති වෙනවා කියලා. අර ඉස්සෙල්ලා සුඛය ම අර දෙවෙනි එකේ ම ඒක පෙන්නුවා. එතකොට ඒ රාග අනුසය පැවැත්වීම සිද්ධ වෙනවා කියලා. දැන් ඔය ඕක, ඔය අදහස මතක තියාගෙන, ඊට පස්සේ බලමු රහතන් වහන්සේ මට කීවා “සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගන්න” කියලයි කිව්වේ.

එතකොට සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්ත ගමන්, දැන් ඕකේ තියෙනවා “දූරේ විවෙකා හි තථාවිධො සො.” එතකොට එතන පංචනීවරණයන්ගේ විවේකය ප්‍රථමධ්‍යානයට ගියා ම. එතකොට ප්‍රථමධ්‍යානය තුළ කාමච්ඡන්දය කියන එක අපේ අයින් වෙන්න ඕනෑ පංචනීවරණයන්ගේ. දැන් අපි දන්නවා, ඊයෙත් ඉගෙන ගත්තා, මේ කාමච්ඡන්දය, “මහණෙනි, සුභ නිමිත්තක් ඇත. එහි නුසුදුසු ලෙස, වැරදි ලෙස සිතීම බහුල බව. එතකොට මේ වැරදි ලෙස සිතනවා කියන්නේ සුභයි කියලා. දැන් ඉස්සෙල්ලා කාරණාවෙන් වුණේ මොකක් ද? සුභයි කියන එක පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට ඇදෙන්නේ, එතකොට ඒ එක්ක ම අපිට පේනවා, දැන් භය අගති, සෝක, කාම ආශ්‍රව කියලා කියන්නේ, කාම ආශ්‍රවය කියලා කියන්නේ සුඛ යි කියන එකේ පසු සඤ්ඤාව.

එහෙම නම් දැන් අපි ඉස්සෙල්ලා නිත්‍යභාවයත් එක්ක බලන්න ඕනෑ. කොහොම ද සුඛය ඇති වුණේ? සුභයට නිත්‍ය එක්කහු කරලා. එහෙම නම් පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට ඇදෙනකොට මේ කාරණා දෙක ම සිද්ධ වෙලා තියෙනවා. සුභයි, නිත්‍යයි, දෙක ම සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් තමයි මෙතන මේ කාමච්ඡන්දය කියන කතාව. එතකොට ඒක දැන් පළවෙනි කාරණාව.

දැන් ඊළඟට ආපහු එනවා අපිට, අපි වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව කීවහම, අපි ආපහු ආවේ කාම ආශ්‍රවයට. දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට. අන්න සුඛයි කියන එක ආපහු අතන පසු සඤ්ඤාවක් එතනත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක මේ දැන් double වෙලා නේ. කරලා තියෙන්නේ මොකක් ද? අර සුභයි කියන කතාවයි නිත්‍යයි දෙක ම එකට දාලා රූපයට.

ඊළඟට අපිට පේනවා පරාමාසය, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව කිව්වහම, ඉතින් මේ පරාමාසය ඉඳන් අපි අභිනිවේස වෙන්නේ මොනවා ද? මේ පරිදේව වෙච්ච සංස්කාර. දැන් මෙතනදි කාමයේ වරදවා හැසිරීම, කාම සඤ්ඤා, එහි ඇලීම, අභිනිවේසය. එතකොට ඒවා නේ මෙතන මේ කතා කරන්නේ. ඉතින් මව් කුසට යන අවස්ථාව වේවා, එතන ඉඳන් ම ගන්න.

එතකොට එතන තමන්ට පේනවා, මේ ආපහු වෙලා තියෙන්නෙත් අර කතාව ම නේ. ඉතින් ඔතන අවිද්‍යා ආශ්‍රව කියන එකේ අර නිත්‍යභාවය කියන එක දැන් අපිට පේනවා අත්තා කියන එකේ පසු සඤ්ඤාව, දැන් අර ඉදංසච්චය කියන එක ඉස්සෙල්ලා කාරණා දෙක මගින් පරාමාසය ඉදංසච්චයට යෑමක් සිද්ධ වුණා ද, ඉතින් එහෙනම් මෙයා අනුමත කරනවා නේ, stamp කරනවා නේ, නේ ද? එතකොට ඒකත් එක්ක තියෙනවා අර නිත්‍යභාවය ම කියන එක. අර පදුට්ඨමනසඞ්කප්පයේ කතාව වාගේ මේක ලස්සනට පේනවා.

මේක තමයි මං කරපු භාවනාව.