Date: 07/12/2017 Name: Vimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, රාගය, නන්දිය. රූපය තුළ ඡන්දයක්, රාගයක්, වැනි කිසිම දෙයක් නෑ. ඒක සිදු වන්නේ චලනයක් ඇති නම් පමණයි. ඒ කියන්නේ සංස්කාර නිසා. සංස්කාරවලින් අපි ඔය 02/12/2017 භාවනාවෙදි, අපි ඉගෙන ගත්තා අර පරාමාසයේ සිට ඉදංසච්ච දක්වා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා කියලා. ඒ භාවනාව මතක තියෙන්න ඕනෑ.

සෙලවීම සිදු වූවා නම් රූපය ගැන ඡන්ද, රාග, නන්දිය ඒවා ඇති වෙනවා. උදාහරණ වශයෙන්, යම්කිසි පුද්ගලයෙක්, එහෙම නැත්නම් සතෙක්, යම් තැනක් වේ ද, තමා වෙන තැනක යම් තැනක් වේ ද, එම පුද්ගලයා හෝ සතා ගැන හෝ රාග, නන්දි වෙන්නේ නෑ. ඒ පුද්ගලයා හෝ සතාගේ චලනය වන්නේ නම්, හැඟීම් ඇති වෙනවා. මේක තේරුම් ගන්න මේ යම් අයකු ස්පර්ශ වී සිත සිතා සිටින අවස්ථාවක්, දැන් මේ අපි කතා කරපු උදාහරණයට ඇතුළත් නොකළ යුතුයි.

ස්පර්ශයක් ඇති වෙන්න ඕනෑ. එසේ නම් සංස්කාර නිසා සුභ යන අදහස ඇති වෙනවා. අර බල්ලා මස් කට්ට දාපු ගමන් දුවලා ගියේ. ආන්න ඒ වාගේ ඒ සංස්කාර නිසා මේ කතාව ඇති වෙනවා. එතකොට මෙසේ ම වේදනාව සඳහා යම් ඉස්සීමක් චලනයක් ඒ කියන්නේ movement එකක් සිදු වෙන්න ඕනෑ. වේදනා සඳහා තමයි අපි චිත්ත සංස්කාර කියන ඒවා හදන්නේ. නමුත් සංස්කාර නිසා පැවතීමක් නෑ. දැන් සීයාගේ taste buds ගිහිල්ලා නේ. එතකොට ජරාවට පත් වෙලා තියෙන්නේ.

එහෙම නම් අපිට එනවා අර කාරණා තුන, 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය, 3 ජාතියේ ඉඳන් ජරාව. දැන් මේ සීයාගේ ජරා කතාව, එතන ගන්න. මොන සංස්කාර කළත් ඕක හරි යන්නේ නැහැයි කියන එක. ජරා ඇති නම් දෙවෙනි කාරණාව නොපවතිනවා. ඒ කියන්නේ නිත්‍ය කතාව නොපවතිනවා. එක ම සංස්කාරයක්වත් නොපවතිනවා.

මෙතනදි කම්මුල් දෙක ම, ඒ වගේ ම නිකට, ඒක සුඛයි, ඒ කියන්නේ වම් පැත්තෙන් මෙත්තා චෙතො විමුක්තිය, දකුණු පැත්තෙන් කරුණා චෙතො විමුක්තිය, මෙතන නිකට, මුදිතා චෙතො විමුක්තිය.

දැන් මේ වෙලාවේ මම සඤ්ඤාව සිහි කළා. සඤ්ඤාවෝ මෙම නොපවතින ධර්මයන් අල්ලාගෙන සිටිනවා. මෙතනදි විමුක්ති හතර ම ඇතිව, මෙත්තා චෙතො විමුක්තිය, කරුණා චෙතො විමුක්තිය, මුදිතා චෙතො විමුක්තිය, උපෙක්ඛා චෙතො විමුක්තිය අර නළලත් තියෙනවා. දැනිලා ඒක එනවා.

ඒක තමයි මං කරපු භාවනාව