ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම අරි අට මඟ භාවනාවෙන් පටන් ගත්තා. එහි දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, නිරෝධගාමිනී පටිපදාව සිහි කළා. කතමඤ්ච භික්ඛවෙ සම්මා දිට්ඨි කියලා.
එතකොට දුක්ඛය සිහි කළා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණංපි දුක්ඛා.
දැන් බලන්න අපි මේ රූපය අභිනන්දති නම්, එම රූපයන් ස්පර්ශය පෙර මෙන් පවත්වන්න බෑ. එය නොහැකි නිසා අපි ලෙඩ වෙනවා.
ඉතින් අන්න ඒ අවස්ථාව අර විවෙකදස්සි ඵස්සෙසූ විදිහට හිතන්න ඕනෑ. එසේ ම නම් ව්‍යාධිය අපි අභිනන්දනය. රූපය අභිනන්දති නම්, ව්‍යාධිය අපි අභිනන්දනා කරනවා.
ඉතින් ඕක කෙනෙක් කල්පනා කරන්න ඕනෑ, නිකන් අසනීප වෙලා, අපි හිතමු, වයසට ගිහිල්ලා, මහලු නිවාසයක ආන්න ඒ වගේ ව්‍යාධිය සහගත ස්වභාවයක ඉන්නවා කියලා. අන්න ඒවා ටිකක් බලලා තමයි කල්පනා කරන්න ඕනෑ.
ඊළඟට අපිට ආපහු එනවා, වේදනාව අභිවදති නම්, එම වේදනා සඳහා හදන ඒ චිත්ත සංස්කාර බිඳෙන නිසා, පරිදේව වී සෝක වෙනවා. එහෙම නම් අපි සෝකය අභිවදති. ඉතින් ඕක, “පරිදෙවසොකො සහමච්ඡරා ච” කියලා ගාථාවක් අපි බලලත් තියෙනවා.
ඊළඟට අපිට පේනවා මේ චේතනාව අජ්ඣොසාය තිට්ඨති. එතකොට චේතනා විසින් රූප ධර්මයෝ සහ වේදනා ධර්මයෝ coordinate කරනවා. ඒක කරන නිසා එහි ප්‍රතිඵලය වූ ව්‍යාධි, සෝක යන ධර්මයන් ම අප්පියෙහි සම්පයොග වී, අප්පියෙහි සම්පයොගය අජ්ඣොසාය තිට්ඨති.
එතකොට මේ ධර්මය වටහා ගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා. කෙසේ ද? මෙම ධර්මයන් සඳහා චේතනා නොකළ යුතු බව වටහා ගැනීමෙන්, අපි රූප ධර්මයන් සහ ඒ වේදනා ධර්මයන්, කියන ඒවා.
ඒක තමයි මං කරපු භාවනාව.