ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට ගත්තේ, 17/04/2017 නිබ්බාන භාවනාව, අපි කරපු භාවනාව තමයි සිහි කළේ. ඒකේ තියෙන්නේ මේ දුක්ඛ table එකේ 2 වෙනි slide එක.
ඒකේ තියෙනවා මහානිදාන සූත්‍රය. “ආනන්දය, මෙසේ වේදනාව ප්‍රත්‍ය කොටගෙන තණ්හාව වෙයි. තණ්හාව ප්‍රත්‍ය කොටගෙන රූපාදී අරමුණු සෙවීම (පර්යේෂණ) ඇති වෙන්නේ ය. සෙවීම ඇති කළ රූපාදී අරමුණු ලැබීම වේ. රූප ආදි අරමුණු ලැබීම ඇති කළ හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇති කළ (ඡන්දරාගය) දුර්වල රාගය, බලවත් රාගය උපදී. ඡන්දරාගය ඇති කළ මම ය, මාගේ ය යන අදහස උපදී “කියලා.
එතකොට ඔතන අපි ඉගෙන ගත්තා ඒ තණ්හාව කියන්නේ කාම තණ්හාව. ඒ වගේ ම සමාධිභාවනා සූත්‍රයේ දී අපි රූප අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති කියලා ගත්තහම, එතන අපි දන්නවා, ඒ දිට්ඨි උපාදානය. මේ විදිහට රූප සෙවීම, ඒ මගින් ලැබීම. ඉතින් ඔතන diagram එක අපි බලලා තියෙනවා අර චේතනාවේ ඉඳන් පරාමාසය එන එක, ඒ වගේ ම භය අගති ඉඳන් වේදනා එන එක, ඒ දිට්ඨි උපාදානය කියලා. ඒ රේඛාව දික් කළා ම අපි යන්නේ රූපයට, දිට්ඨි අනුසය පාර. ඉතින් ඕක තමයි හොයන්නේ.
ඉතින් එතන උඩ රූපයේ ඉඳන් ගිද්ධිලෝභයට “ඡන්දය.” ගිද්ධිලෝභය ඉඳන් ජාතියට ඒක “රාගය.” එතකොට “ඡන්දරාගය.”
ඊට පස්සේ අපි එනවා 3 වෙනි slide එකට, දුක්ඛ table එකේ. ඒකෙ තියෙනවා දිට්ඨි උපාදානය උණාට පස්සේ අපිට සීලබ්බත උපාදානය කියන එක ඇති වෙනවා. ඉතින් ඔය 3 වෙනි slide එකේ අපි දන්නවා, අර සීලබ්බත පරාමාසයයි විඤ්ඤාණයයි එක line එකකට එනවා. එතකොට 5.5 අත්තා මැද්දට එනවා, චේතනා වම් පැත්තට එනවා.
එතකොට ඔතන අපි නන්දියේ ඉඳන් පටන් ගත්තොත්, නන්දියේ ඉඳන් ජාතිය වේදනා, වේදනා චේතනා, චේතනා පරාමාස, “සීලබ්බත උපාදාන.” එතකොට ඕක අපි දන්නවා අර torch එක ගහනවා වගේ නිත්‍යයි කියලා යනවා කියලා. එතකොට සීලබ්බත පරාමාසය විඤ්ඤාණය තුළ බැසගෙන තියෙනවා. ලැබුණා වූ රූපය නිසා ඇති වුණු වේදනාව නැවත නැවතත් උපදවා, නිත්‍යභාවයට පත් කරගෙන තියෙනවා. මෙහි දී සුඛය යන මතය පරාමාසය තුළට කා වදින්නේ සීලබ්බත පරාමාස වීම නිත්‍ය යන සංකල්පය වීමෙන් අනතුරුව ඇති වෙනවා කියලා අපි ඉගෙන ගත්තා.
ඉතින් අපි දන්නවා ඕකේ අපි AKDS, A අත්තවාද උපාදානය, K කාම උපාදානය, ඒකෙන් D දිට්ඨි උපාදානය, ඒකෙන් S සීලබ්බත උපාදානය.
ඉතින් සීලබ්බත උපාදානයට ආවා නම්, නැවතත් කාම උපාදානය ඇති වෙනවා. අන්න ඒ වේලාවෙදි මට ඇහුණා, “ඉමෙ සාලී ඉමෙ මුග්ගා,” මේ කෙස් මේ ලොම් මේ නිය, මේ දත්. ඉතින් හොයාගෙන ගිහිල්ලා හම්බවෙලා තියෙන්නේ මොකක් ද? කෙස්, ලොම්, නිය, දත් කියලා අසූචි ගොඩක් තමයි හම්බවෙලා තියෙන්නේ. එතකොට මේක අසූචි ගොඩක් නිසා නැවත නැවතත් අපි ඉපදීම ද, අපායේ පවා ඉපදීම් වන බව හොඳින් සිහි කළා ම ආකිඤ්චන විමුක්තිය කියන එක ඇති වෙනවා. ඒකේ අර තිත් තිත් වගේ හොඳට ඒක වන ස්වභාවයක් තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්