ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.” ගාථාවෙන් පටන් ගත්තා.
රූපයේ ඡන්දය, රාගය, නන්දිය, එතකොට නන්දිය දක්වා සිහි කළාට පස්සේ, ඊයේ භාවනාවේ අපි බැලුවා නේ අර AKDS කියලා. අත්තවාද උපාදානය, කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය. ඒ සීලබ්බත උපාදානය වුණාට පස්සේ අපි නැවතත් කාම උපාදානය කියන එක සිහි කළා.
එතකොට ඒකේ අපි දන්නවා, diagram එක වශයෙන් ගත්තොත් රූප, වේදනා, ගිද්ධිලෝභ. ඊට පස්සේ, ගිද්ධිලෝභයෙන් ඉඳන් පල්ලෙහා ජාතිය. එතකොට උඩ එනවා අර ගිද්ධිලෝභයයි රූපයයි අතර කාම උපාදානය. ජාතියයි ගිද්ධිලෝභයයි අතර නන්දිය. එතකොට සංකප්ප පාර, අර චේතනාව දක්වා යන එක, 50% පාර.
එතකොට මේ වනකොට අපි දුක්ඛ table එකේ 6.4 දක්වා පැමිණිලා ඉන්නවා. එතකොට ඒකේ diagram එක හැටියට එතන එනවා, අපි දන්නවා නන්දිය ලකුණු කරන තැන, එතකොට ජාතිය ඉඳන් වේදනාව, ඒ රේඛාවේ තමයි රාග අනුසය ලකුණු කරන්නේ. ඊට පස්සේ වේදනා චේතනා, චේතනා පරාමාස. එතකොට අපි දන්නවා, සීලබ්බත උපාදානය, වේදනා චේතනා, චේතනා පරාමාස. එතකොට අපි torch එක අල්ලනවා වගේ, දැන් ඇඟිල්ල දික් කරනවා, අර විඤ්ඤාණය පැත්තට නිත්‍යයි කියලා.
දැන් බලන්න ඔතෙන්ට එන්න ඉස්සෙල්ලා 5.5 දි ඒ සක්කාය දිට්ඨිය චේතනාව දක්වා පෙළ ගැසිලා තියෙන්නේ. එතකොට සීලබ්බත පරාමාස වීම නිත්‍ය යන සංකල්පය වීමෙන් අනතුරුව සිදු වූ බවත් අපි අමතක නොකළ යුතුයි. දැන් නන්දිරාගයේ ආරම්භය අපිට හොඳට වැටහෙනවා. නන්දිය ද, සක්කාය දිට්ඨිය තුළ සුඛ යන මතය ද ඇත. ඒකට රාග වෙනවා.
අර diagram එකත් එක්ක බලන්න ඕනෑ. නන්දි ජාති චේතනා පරාමාස ඒකත් එක්ක. රාග අනුසය මෙහෙම තියෙන්නේ අරකට ඇඟිල්ල දික් කරලා නේ ද? 6.4 වෙනකොට, ඒ කියන්නේ දුක්ඛ table එකේ slide 4, 5 නන්දි අගය වේදනාව ඉක්මවලා පැමිණිලා ඉන්නවා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා.
ඒක නැවතත් මතක් කරනවා නම් අපිට පේනවා අර වේදනාව, නාමරූප, ඒක අතර අර රතු පාට රේඛාවක් අපි ලකුණු කරගත්තා ඒ “නන්දියේ අගය” කියලා වේදනාවයි නාමරූපයයි අතර. එතකොට සඤ්ඤාවේ ඉඳන් නාමරූප පැත්තට arrow එකක් තියෙනවා, ඒ නිත්‍ය සඤ්ඤාව පසු දිසාවට යෑම නිසා වන බලපෑම කියලා. ඔතන දිට්ඨි අනුසයේ උපකාරයෙන් නන්දිය පරාමාසගත වීම කියන එක තියෙනවා, පරාමාසයට එන එක.
එතකොට නන්දිය පරාමාස වෙන විට නිත්‍යභාවයේ අඩු වුණත් සුඛය නිසා වන ධර්ම කොටස් මගින්, සීලබ්බත පරාමාස පෝෂණය කරනු ලබනවා. මේක අපි ඉගෙන ගත්තා අර ධර්ම කොටස් කීවා ම, චේතනා “දොළ දුකත්” එක්ක අපි සාකච්ඡා කළේ. එතකොට මේක මගින් දිට්ඨි අනුසය ප්‍රබල වෙනවා, ඒ දිට්ඨි උපාදානය පෙරටත් වඩා ගාම්භීර වෙනවා කියලා අපි බලලා තියෙනවා.
දැන් මේ අවස්ථාව වෙනකොට වෙන්නේ මොකක් ද? ඔය නන්දි අගය ලකුණු කරලා තියෙන රතු රේඛාවක් පෙන්නුව නේ වේදනාවෙන් නාමරූප දක්වා, අන්න ඒ රේඛාව anticlockwise කැරකීම සිද්ධ වෙනවා. අපි පටන් ගත්තේ ජරා, වේදනා, අසම්පජාන රේඛාව. ඒක දැන් කැරකිලා ගියා චේතනාව දක්වා. රාග අනුසය කියන එක තියෙනවා ඔය ජාති, වේදනා රේඛාවේ. ඒක ම තමයි නාමරූප කියන එක තියෙන්නේ දැන්. දැන් මොකද වෙන්නේ, මේක කැරකෙන්න පටන් ගන්නවා අනිත් පැත්තට, anticlockwise. දැන් අපි යන්නේ කොහාට ද? ජරා වේදනා අසම්පජාන රේඛාව කරා ගමන් කරනවා.
එතකොට මේ අවස්ථාවේ දී ඉතින් අපිට පේනවා, නැවතත් අපි 8.2 රූප සොයා යෑම කියන එක අපිට වටහා ගන්න පුළුවන්. දැන් කැරකිලා යන්නේ ඔතෙන්ටයි කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්