ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට මම පටන් ගත්තේ සත්තො ගුහායං බහුනාභිඡන්නො කියන ගාථාවෙන් පටන් ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”
එතකොට ඒ රූපයේ ඡන්දය, රාගය, නන්දිය. ඊට පස්සේ තිට්ඨං නරො, එතන රාග අපි වශයෙන් රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා, නානා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර වෙලා බවට පැමිණී සිටිනවා කියලා අපි ඉගෙන ගත්තා.
ඉතින් ඕකෙ අනුසය අපි දැක්කා, අනුසය වශයෙන් ස්ථිර වෙන්නේ විපල්ලාසයෝ කියලා. එතකොට දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා අපි සුඛයි කියලා පවසනවා. කාමරාග අනුසය සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. පටිඝානුසය අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. අවිද්‍යා අනුසය සියලු විපල්ලාසයන් ම ස්ථීර වශයෙන් වරදවා ගන්නවා කියලා.
අද විශේෂයෙන් ම තේරුණේ රාග අනුසය මගින් නාමරූප සුඛ යැයි කියලා පවසනවා. ඒ විදිහට ස්ථිර වෙනවා. එතකොට ඊයේ භාවනාවට මින් අනතුරුව මනස යොමු වුණා. ඊයේ මතකයි ඒ වේදනා නාමරූප රේඛාව anticlockwise කැරකැවීම කියන එක අපි සිහි කළා.
ඊයේ භාවනාවේ කොටසක් අපි මතක් කළොත්, අපි ඉගෙන ගත්තා අර 6.4 වනකොට අර slides 4 සහ 5, ඒකේ නන්දි අගය වේදනාව ඉක්මවලා පැමිණිලා ඉන්නවා කියලා. ඒකෙ අපි දැක්කා වේදනා නාමරූප ඒ රේඛාවේ නන්දි අගය, ඒක දිට්ඨි අනුසයේ උපකාරයෙන් නන්දිය පරාමාසගත වෙනවා කියලා.
එතකොට නන්දිය පරාමාස වන විට නිත්‍යභාවය අඩු වී ඇතත් සුඛය නිසා වන ධර්ම කොටස් මගින්, සීලබ්බත පරාමාසය පෝෂණය කරනු ලබනවා. මේ මගින් දිට්ඨි අනුසය ප්‍රබල වෙන අතර දිට්ඨි උපාදානය පෙරටත් වඩා ගාම්භීර වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේ වන විට නන්දි අගය ලකුණු කරලා ඇති රේඛාව, වේදනා නාමරූප රේඛාව anticlockwise කැරකීම සිද්ධ වෙනවා.
දැන් අපිට ඔතන පේනවා, ජරා, වේදනා, අසම්පජාන රේඛාව දකුණට කැරකිලා තමයි අපිට ආවේ ජාති වේදනා නාමරූප රේඛාවට. එතකොට ජාති, වේදනා රේඛාවේ තමයි රාග අනුසය. දැන් මේක මේ පැත්තට ආවා නම් දැන් ඒක අනිත් පැත්තට කැරකෙනවා. එතකොට නාමරූප සුඛ යැයි කියලා රාග අනුසය මගින් ස්ථිර වූයේ, පරාමාසගත වී ඇති සුලු වූ, සුඛුම නිත්‍ය අගයෝ සොයා යෑම කියන එක සිද්ධ වෙනවා. අපි දන්නවා සුලු වූ, සුඛුම කියන්නේ අර 5.5 අත්තා නිසා ඇති වූ, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය තුනී වෙලා තිබුණත් ඒක නැවත පිහිටීම පිණිස සොයා යෑම තමයි මෙතන සිද්ධ වන්නේ.
ඉතින් ඔන්න ඔය රේඛාවේ, ජාති වේදනා නාමරූප රේඛාවේ, එතන තමන් නතර වෙනවා. ඒ භාවනාව හරියට කළා නම් මේක දැනගෙන, එතැනින් වමට යන්නෙත් නෑ, දකුණට යන්නෙත් නෑ. සද්ද ඇහුණයි කියලා මොනවක්වත් කිසිම දේකට, කිසි ප්‍රශ්නයක් නෑ. දැන් සතෙක් කෑ ගහනවා නම් ඒ සතා කෑ ගහන සම්පූර්ණ කාලයේ ම ඒක අහගෙන ඉන්නවා වගේ ඉන්නත් පුළුවන්. හැබැයි එහෙමයි කියලා තමන් කොයි පැත්තකටවත් කැරකීමක් නෑ. මේක හරියට අශ්චර්යක් වාගේ එතන එහෙම ම ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ රේඛාව බොහොම significant.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්