Date: 29/12/2017 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම කළේ මේ, ඔයගොල්ලන්ට මතකයි අපි සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”

ඕගොල්ලන්ට මතකයි අපි බැලුවා, අර තිට්ඨං නරො කියන එක. ඒකෙ පෙන්නනවා මේ රාග අනුසය මගින් ඒ නාමරූප සුඛ යැයි කියලා පවසනවා කියලා. ඒ විදිහට ස්ථිර වෙනවා කියලා. එතකොට ඒ භාවනාව ඔය 26 වෙනිදා කරපු භාවනාව. අපි බැලුවා ඒ භාවනාවේ පස්සේ අපි ඊළඟට කළ යුත්තේ අර නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො කියන ගාථා අර්ථයෙන් බැලීම තමයි කරන්න තියෙන්නේ. ඒක අපි 08/08/2015 සළායතන පච්චයා ඵස්සො භාවනාවෙදි කරලා තියෙනවා.

එතකොට එතෙන්දි අපි බැලුවා අර මෝහය නමැති ගලේ වැදිලා කුඩු වෙලා තවමත් පවතිනවා යන හැඟීම් ඇති වෙලා, සඤ්ඤාව විවෘත කිරීම අපි ඒකෙ සාකච්ඡා කරලා තියෙනවා.

අද භාවනාවෙදි කළේ මේ අලෝභ පාර, අලෝභ කුසල මූලය. එතකොට ඒකෙන් අපි දන්නවා මේ සුතමය ප්‍රඥාව, ඒ තථාගතයන් වහන්සේගෙන් හරි ශ්‍රාවකයන්ගෙන් හරි ධර්මය අහලා දැනගෙන ඒක මෙනෙහි කරනවා. එතැනින් එනවා අපි සවිතක්ක සවිචාර සමාධියට, දිබ්බ විහාරය, බ්‍රහ්ම විහාරය, අරිය විහාරය, ආනෙඤ්ජ විහාරය කියන එක. එතකොට ඒ ආනෙඤ්ජ විහාරයට ආවා නම්, ඊට පස්සේ ඒකෙන් අපි සංස්කාරයන් එහෙම අතහරිනවා. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වාගේ හදන සංස්කාරයන් කියන ඒවා අතහරිනවා.

එතකොට ඒක ඉවත ලා ඊළඟට දෙවනුව, අරූප ධ්‍යාන සඤ්ඤා ඉවතලනවා. තුන් වෙනුව රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලනවා. එහෙම නම් අධිචිත්ත ශික්ෂාව සඳහා පදනම සකස් වෙනවා කියලා.

ඔන්න ඔය අවස්ථාව වෙනකොට, ඉතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් ඉවතලීම කියන එක, අමෝහ පාරේ අර්ථයෙන් බලන්න ඕනෑ. එතකොට එහෙම නම් අර 5.5 පැත්තේ, ඒ පැත්තේ සමහර විට තමාට තේරේවි.

අද විශේෂයෙන් මම බැලුවේ, මේ අරූප ධ්‍යාන සඤ්ඤා හදන සඤ්ඤා ඉවතලනවා, කියන කතාවයි එතන බැලුවේ. දැන් අපි දන්නවා මේ බබා බෝලයක් කටේ දමලා තමයි එයා ලෝකය ගැන දැනගන්නේ, හැඟීම් ඇති වුණේ.

ඒ වගේ නිත්‍යභාවය ගැන හැඟීම් ඇති වෙන්නේ අරූප ධ්‍යාන සඤ්ඤා නිසා. ඒ සඤ්ඤාවෙන් තමයි අර බෝලය වගේ එයා අල්ලා ගත්තේ මේ ලෝකය ගැන. එතකොට ඒක පවතිනවා කියලා හිතලා, එම සඤ්ඤා ඉවත් කරන්නේ නම්, එම සඤ්ඤා නිසා පවතිනවා යැයි රූප සොයා යෑම නැති වෙනවා. ඒක අර 08/08/2015 භාවනාවේ අර්ථයෙන්, විමසීම කියන එක මම කළා.

ඉතින් එහෙම කළා ම අපි එනවා ඊළඟට සමථ නිමිත්ත. සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව, අධිචිත්ත ශික්ෂාව තුළට කා වදින්නේ, යම් ධර්මයක් පහ කළ යුතු ද, එයට සමවදිනවා. එතනට සමවැදුණාට පස්සේ, ඒ කියන්නේ ලෝභ, දෝෂ මෝහ එපා කියන එකට නේ යන්නේ. අන්න ඒ වෙලාවෙදි රහතන් වහන්සේ මාව නැවැත්තුවා.

නැවැත්තුවයින් පස්සේ මම repair කරන්න පටන් ගත්තා. දැන් repair කරන භාවනාවේ එන්නකෝ lightning sign එක දිගේ. එන්නේ කොහොම ද? අපි දන්නවා, අර පරිදේව සංස්කාර පැත්තකට දාමුකෝ. ඊළඟට අපි එනවා, විඤ්ඤාණය, ඊළඟට ඒ තණ්හාවේ උණුසුමයි කියලා එනවා. ඊට පස්සේ අපි ආවා ජීවිත ඉන්ද්‍රිය පරාමාසකායගන්ථය සෝකය ඊළඟට ජරාව ගිද්ධිලෝභ රූප. අන්න එතන අල්ලා ගන්න. දැන් පේනවද? දැන් එහෙනම් මේ සමථ නිමිත්තේ කතාවෙදි ගන්න ඕනෑ ඔන්න ඔය belt එක. කබලිංකාර ආහාර ස්පර්ශ වේදනා ගිද්ධිලෝභ, මේ belt එක.

එතකොට මේ belt එක අයින් කරනවා නම්, කර කවන්නේ නැත්නම්, රූප හොයන්න යන්නේ නැත්නම්, දැන් ඔය lightning sign එකේ ඔක්කොම ධර්මයන් ටික තියෙනවා, අපි මේ හොයාගෙන එන්නා වූ එක. අර සඤ්ඤාව කියන එක නේ පරාමාසය තුළ වරදවා වටහා ගැනීම. ඒකේ උණුසුම නේ මේකේ තිබුණේ. ඒ තත්වයට නේ අපි ඔය ඇවිල්ලා තියෙන්නේ. දැන් ඊට පස්සේ අපි යන්නේ නැහැයි කියලා කියන්නේ, දැන් එනවා නෙක්ඛම්ම විතක්කයට. ඒ නෙක්ඛම්ම විතක්කය සමථ නිමිත්ත තුළ ඇති වෙන්නේ, මේ නෙක්ඛම්මය මගින් අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා. කුසලයේ කෙළවර නිර්වාණයයි.

එතකොට මේ කියන්නේ මොකක් ද? ගිද්ධිලෝභ භාවනාවෙදි අපි අර අනාගතය සඳහා නේ ගිද්ධිලෝභ භාවනාව කරන්නේ. එතකොට ඒකෙ අපි පෙන්නනවා නේ තුන් වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙළවරයි කියලා. හොයන්න යන්නේ නෑ. අනාගතය සඳහා මේ රූපයක් හොයන්න යන්නේ නෑ. හරි ලස්සනයි ඒ ගානට එනවා භාවනාව.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Repair_bhavana/Repair_bhavana-02.jpg