ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට ඕගොල්ලන්ට මතකයි ඊයේ භාවනාවෙදි අර ලෝභ, දෝෂ, මෝහ පහ කිරීමට සමවදිනවා. ඒකෙදි අර repair කරන්න ගත්ත lightning sign එකත් එක්ක එතෙන්දි රූප වේදනා ගිද්ධිලෝභ කියන belt එක දැක්කා කියලා, නේ ද?
එතකොට ඒ ගිද්ධිලෝභ භාවනාව තමයි එතෙන්දි කරන්න තියෙන්නේ. එතකොට දැන් නෙක්ඛම්ම විතක්කයට ආවා එතැනින්. ඉතින් නෙක්ඛම්ම විතක්කයට ආවාට පස්සේ, දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේ ගිද්ධිලෝභය කියන එකේ ඇතුළේ තියෙන්නේ මොකක් ද?
මේකෙ ඇතුළේ තියෙනවා ඒ රූප වේදනා ගිද්ධිලෝභ belt එකේ, කාම උපාදානය. ඔන්න ඕක තමයි අපි මෙතන මේ අයින් කරන්න හදන්නේ. එතකොට ඕගොල්ලො දන්නවා ඔය කාම උපාදානය අයින් කරනවා නම් ඒකෙන් අපිට සිද්ධ වෙනවා කියලා මේ උපාදානය අයින් කරන්න යනවා කිව්වහම, එතෙනින් තියෙනවා රූපය අයින් කරන්න එපෑය එතන. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රථමධ්‍යානය ඕනෑ.
උපාදානය අයින් වෙන්නේ මොකෙන් ද, ප්‍රථමධ්‍යානයෙන්. සතර ආහාර දුක්ඛය දන්නවා නේ. එහෙම නම් අපි අර “විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙසු සවිතක්කං සවිචාරං විවෙකජං පීති සුඛං පඨමජ්ඣානං.”
ඉතින් ඕකේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නේ අයින් වෙන්න යන්නේ. ඒ කියන්නේ මොකක් ද? අපි ඇවිල්ලා තියෙන්නේ මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියේ පළවෙනි විරිය නේ අපි මේ කතා කරන්නේ. ඒ විරිය භාවිතා කරලා තමයි අපි අතන ඒක අයින් කරන්නේ, නූපන් අකුසල් නූපදනවා කියලා.
දැන් ඊට පස්සේ ඒ belt එකේ ඊළඟ කෙළවර? දැන් ඕක සම්බන්ධ වෙනවා නේ ද අපි ඊයේ කරපු භාවනාවේ, මුදිතා අප්‍රමාණ භාවනාවේ, රූප එපා, ඕකේ කෙළවරට යනවා නේ රූපය මළ මුත්‍රා කියලා අරගෙන ගිහිල්ලා අරූප ධ්‍යානය දක්වා ම යනවා. එහෙම නම් මුදිතා භාවනාවේ සමථ නිමිත්තේ කතාව.
ඊළඟට මේ ගිද්ධිලෝභ belt එකේ අනිත් කෙළවරේ තියෙන්නේ වේදනාව. එතකොට එහෙම නම් අන්න ඒක අයින් කරන්න තමයි මුදිතා භාවනාවේ අපි පෙන්නනවා ආකිඤ්චන විමුක්තියට යන්නේ, පග්ගහ නිමිත්ත, ඒක භාවිතා කළා.
දැන් දෙකෙළවර අයින් කළාට පස්සේ දැන් ඉතින් ඒ පාර එහෙම නම් අපි භාවිතා කරනවා ගිද්ධිලෝභ කතාව අයින් වෙන්න ඒ මුදිතා භාවනාවේ උපෙක්ඛා නිමිත්ත. දෙකෙළවර අයින් කරලා ඉන්නවා කියන එක.
දැන් ඉතින් ඊළඟට තමන්ට තියෙන්නේ දළපැරකුම් කියන එක ගන්න නේ. ඒ කියන්නේ මම රූප අත ඇරියා, මම ආපහු එතෙන්ට යන්නේ නෑ. ඒක කරකවන්නේ නෑ. එහෙම නම් ඔය මුදිතා භාවනාවෙන් තමයි එතැනින් කෙළවරට ඇවිල්ලා තියෙන්නේ. ගිද්ධිලෝභ ඒ belt එකේ තුන් කෙළවර කියන එක තමන් අයින් කරනවා කියන එක, සම්මා ආජීවයෙන් එතන ජීවත් වීම කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.