ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, රාගය, නන්දිය බැලුවා. තිට්ඨං නරො. අපි දන්නවා එතන “රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නානා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා කියලා. අනුසය වශයෙන් ස්ථීර වෙනවා.”
ඉතින් අනුසය වශයෙන් ස්ථිර වෙන්නේ විපල්ලාසයෝ. දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. කාමරාග අනුසය මගින් ඇඟිල්ල දික් කරලා සඤ්ඤාවට සුඛ යැයි පවසනවා. පටිඝානුසය අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. අවිද්‍යා අනුසය සියලු විපල්ලාසයෝ ස්ථීර වශයෙන් ම වරදවා ගන්නවා. රාග අනුසය මගින් නාමරූප සුඛ යැයි කියලා පවසනවා. එසේ ස්ථිර වෙනවා.
ඉතින් මේකෙන් අනතුරුව 30/12/2017 නිබ්බාන භාවනාව, ඒක නැවතත් කරගෙන ගියා. ඒකේ අපි දන්නවා අර නෙක්ඛම්ම විතක්කයට පැමිණි අවස්ථාව. ඒ සමථ නිමිත්ත තුලින් ඇති වෙන්නා වූ නෙක්ඛම්මය මගින් අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා, මේකේ කුසලයේ කෙළවර නිර්වාණ යැයි කියලා.
එතකොට දැන් මෙතෙන්දි අපි සාකච්ඡා කළා, අර ගිද්ධිලෝභ සහිත belt එකේ කාම උපාදානය කියන එක තියෙනවා. මේක ඉවත් කිරීම ප්‍රථමධ්‍යානය. එතකොට ඒ රූපයෙන් වෙන් වෙන්න දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා වාගේ. ඉතින් මේකට ඊට පස්සේ අපි මුදිතා භාවනාවේ කළා වූ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය පළවෙනි කාරණය කියන එක අපි සාකච්ඡා කළා. ඒ නූපන් අකුසල් නූපදනවා කියලා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය. ඉතින් ඒකේ කෙළවර හැටියට අපි දැක්කා මේ සමථ නිමිත්ත ලෝභ, දෝෂ, මෝහ පහ කරන්න සමවදිනවා. ඒකෙන් ආකාසානඤ්චායතනය එහෙම වෙනවා කියලා.
ඊළඟට උපන් කුසල් නොනැසී පැවතීම සඳහා විරිය උපද්දවනවා. ඉතින් ඒක අර පග්ගහ නිමිත්ත කියන එකෙන් සිද්ධ වෙනවා. එතකොට ඒකේ සාකච්ඡා කළා මේ කෙළවරවල් දෙක අපිට පේනවා, ඒ සමථ නිමිත්තයි ආකිඤ්චන විමුක්තිය වෙන පග්ගහ නිමිත්තයි.
එතකොට මෙතනදි අපිට පේනවා පග්ගහ නිමිත්ත කියන එකේ ඒ ආකිඤ්චන විමුක්තිය, ඒ උපන් කුසල් නොනැසී පැවතීම සඳහා විරිය. කුමක් නිසා ද? කිසිවක් මගේ යැයි නොගැනීමට සම්මා දිට්ඨිය අවශ්‍ය නිසා ය. රූප කෙළවර සහ වේදනා කෙළවර ඉවත් කරන්නේ, උපෙක්ඛා නිමිත්ත භාවිතා කර වාසය කරනවා. සම්මා ආජීවය මගින් දස කුසලය ද අරි අට මඟ ද පෝෂණය කරනවා.
ඉතින් මේකට දළපැරකුම් එකතු වෙනවා නම්, ඉවතලන ලද රූප, ඉවතලන ලද වේදනා නැවතත් නොගන්නා නිර්වාණය සාක්ෂාත් කරනවා කියලා 30 වෙනිදා භාවනාවෙදි අපි සාකච්ඡා කළා.
රාග අනුසය මගින් නාමරූප සුඛ යැයි පවසනවා. ගිද්ධිලෝභ belt එකේ නාමරූප තියෙනවා. ඒ කියන්නේ රූප කොටස අපි දන්නවා රූපය. වේදනාව හැටියට නාම කොටස ගන්න පුළුවන්. එතකොට අර නාමරූප වෙනදා ලකුණු කරන තැන නෙමේ. මේකේ සත්‍ය වශයෙන් ම තියෙන කොටස.
එතකොට නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. ස්පර්ශය මේකෙ මැද්දේ තියෙනවා. රූප, වේදනා රේඛාවේ ස්පර්ශය මැද්දේ තියෙන්නේ. සම්මා ආජීවය ඇති නම්, මේ odd path, even path භාවිතා කරලා රූප සොයා යෑමට සිතන්නේ නෑ. රැකියාවක් කර මුදල් උපයා වාසය කරන්න සිතන්නේ නෑ. මාන වෙන්නේ නෑ. පැවැත්විය යුතු දෙයක් යැයි නොසිතයි.
එතකොට අන් අයෙක් මෙවැනි රූපවලින්, මෙවැනි වේදනා විඳිනවා යැයි මාන වෙන්නේ නෑ. සාත අසාත කියලා කියන්නේත් මේකයි. එහෙම නම් අපි පෙන්නුවා මෙතන diagram එකක් හැටියට කෙනෙක් ඇඳගත්තොත් ජාති, වේදනා, රූප දක්වා එනවා. එතකොට ජාතිය odd පථය උපායාසය එතන even පථය. ඉතින් ඔතන අපි රූපයට යන්නේ නෑ කියන එක. එතකොට ඒ කියන්නේ සම්මා ආජීවය ඇති නම්, පහළ රාග අනුසය. ජාති, වේදනා සහ ඉහළ සාත අසාත. රූප, වේදනා නිසා නොසැල් වී සිටීමට හැකි වෙනවා.
එතකොට මේ අවස්ථාවේ දී කෙනෙකුට පේනවා, පුනපුනා ඇති වෙන්නේ ජාතියත්, උපායාසයත් බව දැනගෙන අනාගතයේ ගත යුතු උපායාසයන් අතහරිනවා. එසේ නම් දැන් අපිට මේ අවස්ථාවේ දී පථයක් පේනවා. මොකක් ද පථය? පථය තමයි ජාති, වේදනා, රූප. ඉතින් diagram එකක් හැටියට ඇඳගත්තොත් එතන ජාති, වේදනා, රූප. එතන ජාතියේ ඉඳන් රූපයට අපි ඔතන ලියාගත්තා නේ ද “රූපං අත්තතො සමනුපස්සති” කියලා. එතකොට එහෙම නම්, රූප මගේ යැයි නොගනී. රූපය නිසා ඇති වූ වේදනා නොගනී. මෙසේ මිදීම කියන එක සිදු වෙනවා. නිර්වාණය සාක්ෂාත් කරනවා.
ආන්න ඒක තමයි මං කරපු භාවනාව.