ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද මම භාවනාවට ගත්තේ ඒ සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. සත්තො ගුහායං බහුනාභිඡන්නො. ඒකේ රූපයේ ඡන්දය, රාගය, නන්දිය.
එතකොට තිට්ඨං නරො කියලා කිව්වහම අපි දන්නවා, ඒ රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නානා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර වෙලා ඉන්නවා, කියලා. මේ විදිහට සිටිනවා කියලා.
එතකොට අනුසය වශයෙන් ස්ථිර වෙන්නේ විපල්ලාසයෝ. එතකොට දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. කාමරාග අනුසය මගින් සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා කියනවා. පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා කියනවා. ඊළඟට අවිද්‍යා අනුසය සියලු විපල්ලාසයෝ ස්ථීර වශයෙන් ම වරදවා ගන්නවා. ඒ වගේ ම අපි ඉගෙන ගත්තා, රාග අනුසය මගින් නාමරූප සුඛයි කියලා පවසනවා කියලා. ස්ථිර වෙනවා කියලා.
එතකොට දැන් අපිට පේනවා, මේ රූප, සඤ්ඤා, අසම්පජාන. මේ තුන ම සුඛයි කියලා කියනවා කියන එක. එතකොට මේ තුන සුඛයි කියලා කියනවා නම් එහෙම නම් අපි දන්නවා මේ ජරා, වේදනා, අසම්පජාන රේඛාව. අන්න ඒක කැරකැවීම වටිනවා කියලා, දිට්ඨි පපඤ්චය පවසනවා. ඕගොල්ලෝ දන්නවා දිට්ඨි පපඤ්චය කියලා කියන්නේ, ඔය අපි ඉගෙනගෙන තියෙනවා, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව දක්වා යම්කිසි දිවීමක් වෙනවා ද, ඒකයි කියලා දිට්ඨි පපඤ්චය. එතකොට එහෙම නම් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීම කියන එක සිද්ධ වෙනවා. මේ කැරකීමෙන් ඇති වෙන ප්‍රතිඵලය මොකක් ද? ව්‍යාධිය. එතකොට ව්‍යාධිය දුකයි. මේක නොසෙවිය යුතුයි. සෙවිය යුතු දෙයක් නෙමෙයි.
ඊළඟට අපිට පේනවා මරණය දුකයි. මේක නොසෙවිය යුතුයි. එතකොට ව්‍යාධි, මරණ දෙක, දුක වෙනවා නම්, ඒක නොසෙවිය යුතු වන්නේ නම්, සෝක, පරිදේව ද දුකයි. ඒකත් නොසෙවිය යුතු වන්නේ ය. මේ කාරණා හතර, ඒ කියන්නේ ව්‍යාධි, මරණ, සෝක, පරිදේව දුක වන්නේ නම්, නොසෙවිය යුතු වන්නේ නම්, අප්‍රියේහි සම්පයොගය, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය ද දුක වෙනවා. ඒකත් නොසෙවිය යුතුයි.
එතකොට මේ විදිහට බලනවා අපි දුක්ඛය ප්‍රතිලෝම වශයෙන්. දුක්ඛය ප්‍රතිලෝම වශයෙන් බලනවා කියන්නේ මෙතන අපිට පේනවා ජරා, දොමනස්ස ස්පර්ශ වෙමින් අප්පියෙහි සම්පයොගය. එතකොට එහෙම නම් අප්පියෙහි සම්පයොගය ඇති නම් අපිට ජරා, දොමනස්ස කියන එක තියෙනවා.
ඊළඟට පේනවා ජරා, දොමනස්ස ඇති නම්, අපි ස්පර්ශ ආහාර පාරේ පල්ලෙහාට බැස්සම, අපිට පියෙහි විප්පයොගය. එතකොට දැන් පේනවා නේ pattern එක නේ ද, එතකොට පියෙහි විප්පයොගයට අපි ඇවිත් තියෙන්නේ, ජාති දුක්ඛ පියෙහි විප්පයොග. එතකොට එහෙම නම් අපිට පියෙහි විප්පයොගය ආවා නම්, ජාති දුක්ඛය තියෙනවා. අපි අනිත් පැත්තට යනවා. එතකොට එහෙම නම් අපි කබලිංකාර ආහාර පාරේ පල්ලෙහාට ආවා ම, අපිට පේනවා උපායාසය. එතකොට ජාති දුක්ඛයෙන් උපායාසය කියන එක. ඉතින් මේ විදිහට බලාගෙන ආවා ම, ඒ ආකිඤ්චන විමුක්තිය කියන එක නොසැල් වී පවතිනවා. මේ විදිහට ප්‍රතිලෝම වශයෙන් බැලුවාහම.
ඉතින් මේක තමයි මං කරපු භාවනාව.