ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට ගත්තේ, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවනාව. එතකොට ඒක අපි දන්නවා, මේ සතර ආහාර දුක්ඛ භාවනාවෙන් අපි පටන් ගන්නේ. එතකොට ඒ කබලිංකාර ආහාරය රාග සල්ලයෙන් කරකවලා, ඒ මළ මුත්‍රා අසූචි කාණුවක විඤ්ඤාණය බැසගන්න සලස්වලා, ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා, අපි බබා වාගේ රූපයක් ඇති කරගත්තා. ඒ රූපය ජරාවට පත් වුණා. ව්‍යාධියට පත් වුණා. මරණයට පත් වුණා. මැරිලා මනෝමය කායෙන් ඉන්නවා, කාලා නෑ වගේ දුකයි කියන එක තියෙනවා. එතකොට ඒකේ අපි දන්නවා පල්ලෙහා තියෙන්නේ උපායාසය කියන එක. ජාති දුක්ඛ උපායාස.
එතකොට මරණයකට ආසන්න පුද්ගලයකුට මරණය ගැන හැඟීම් සිතට එනවා. ඒකෙන් දුක් වෙනවා. ව්‍යාධිය ඇති පුද්ගලයකුට ඒ ව්‍යාධිය ගැන හැඟීම් සිතට එනවා. ඒකෙන් දුක් වෙනවා. මේ වෙලාවේදි ඉතින් තමන්ගේ ලෙඩ රෝග ආදි වශයෙන්, කාගේ හරි තියෙන දෙයක් සිහි වෙන්න ඕනෑ. ජරාව ඇති පුද්ගලයකුට ඒ ජරාව ගැන හැඟීම් සිතට එනවා. ඒකෙන් දුක් වෙනවා. ජාතිය ඇති පුද්ගලයකුට ඒ ජාතිය ගැන හැඟීම් සිතට එනවා. ඒකෙන් දුක් වෙනවා. ඒ කියන්නේ ජාතියෙන් ඇති වෙන්නේ දුක්ඛයයි, උපායාසයයි. අර පල්ලෙහාට බලන්න ඕනෑ.
එහෙම නම් අපිට පේනවා, අයං දුක්ඛන්ති යථා භූතං පජානාති. අයං දුක්ඛ සමුදයොති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරොධොති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. ඒක තියෙන්න ඕනෑ අර ජාතියේ ඉඳන් පල්ලෙහාට එන එක තමයි තේරුම් ගන්න ඕනෑ, දුක්ඛය. ජාතියේ ඉඳන් එන දුක්ඛයයි, උපායාසයයි තමයි ඇති වෙන්නේ. මේ විදිහට ධම්මානුපස්සනාව ඇති වෙනවා.
ඉතින් මේ වෙනකොට ආකාසානඤ්චායතනය එහෙම වෙලා තියෙන්නේ. ඒ කබලිංකාර ආහාරය අත්හළ යුතු නිසා. ඉතින් දස කුසලය අපි පවත්වන්න ඕනෑ. පාණාතිපාතය හැර පියා, එයින් පහසුවෙන් වෙන් වී ජීවත් වීම. මේක අර සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රයේ විදිහට.
ඒකෙ පෙන්නනවා පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. අපි ඕක සාකච්ඡා කරලා තියෙනවා, ආරති, කිව්වම අර මත නොරැඳීම කියලා, මත්පැන්වල රැඳෙන්නේ නෑ. දුරු වීම කියන එක. විරති, කිව්වම ඉවත් වීම, වෙන් වීම. පටිවිරති කිව්වම පහසුවෙන් ඉවත් වීම, ඒ කියන්නේ දැන් පාණාතිපාතය අතහරිනවා කිව්වම, ඔය සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රයේ පෙන්නන්නේ, අර දඬු මුගුරු එහෙම බහාලා. ඒක බිම තියලා. දැන් කෙනෙක් දඬු මුගුරු ලෑස්ති කරගෙන නේ ඉන්නේ, ආවොත් මරන්න, කොටන්න කියලා නේ ද? මේක බිම තියලා. මේක ආපහු ගන්නවා කියලා එකක් නෑ.
එතකොට ඒ විදිහට බලන්න ඕනෑ අනිත් කාරණාවනුත්. අදත්තාදානය හැර පියා එයින් පහසුවෙන් ඉවත් වෙලා ජීවත් වෙනවා. පටිවිරති. ඒ විදිහට ඉතින් පරුෂා වාචා නේ ද? දැන් කෙනෙක් ලෑස්ති කරගෙන ඉන්නේ කට, බනින්න, කියන දේකට නේ ද? එතකොට ඒක බිම තියලා තියෙන්න ඕනෑ. ඒ කියන්නේ ගන්නේ නැහැයි කියන අර්ථය. අර දඬු මුගුරු අර්ථය ම කල්පනා කරන්න. මම මේක sharp කරගෙන ඉන්නේ නෑ, කාට හරි මේ බනින්න කියන එකට.
එතකොට, අභිජ්ඣා කියන එක අත හැරලා, හැර පියා එයින් පහසුවෙන් ඉවත් වෙලා ජීවත් වෙනවා, පටි විරති. දැන් අර මනෝ සමාචාර කියන එකේ පෙන්නනවා නේ බුදුහාමුදුරුවෝ. ව්‍යාපාද හැර පියා එයින් පහසුවෙන් ඉවත් වෙලා ජීවත් වෙනවා. ඉතින් ඔතන පෙන්නනවා සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රයේ දී අප්පදුට්ඨමනසඞ්කප්පා කියලා. පදුට්ඨමනසඞ්කප්පය නැතිව. මිච්ඡා දිට්ඨි හැර පියා එයින් පහසුවෙන් වෙන් වෙලා ජීවත් වෙනවා. පටි විරති කියන එක. එතකොට දැන් මෙතෙන්දි අපිට එනවා පොඩි diagram එකක්.
ඒ කියන්නේ ජාතියෙන් පල්ලෙහා දුක්ඛය. ඊළඟට හරහට දෝමනස්සය. ජාති දෝමනස්ස. ඊළඟට හරහට ගත්තොතින් ජාතියෙන් ජරාව. එතකොට එහෙම නම් අපි ඔය ජාතියෙන් ඉඳන් පල්ලෙහාට දුක්ඛය කියන තැනට, එතන arrow එක්ක වගේ තියෙනවා නේ. ඒක ලියාගන්නවා “අභිජ්ඣා නොවීම” කියන එක. ඊළඟට ජාතියේ ඉඳන් දෝමනස්සට යන එක “ව්‍යාපාද නොවීම.” එහෙම නම් ජාති ඉඳන් ජරාව යන එක “මිච්ඡා දිට්ඨි නොවීම.” අන්න එතන හිතන්න ඕනෑ අර ජරාව, රෝගී සඤ්ඤාව මගේ යැයි නොගැනීම, කියලා හිතන්න. අන්න ඒ අර්ථයෙන් හිතන්න. එහෙම නම් ඉතින් අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන එක එහෙම නම් මේ දුක්ඛයේ කොටසත් එක්ක තමන්ට වැටහෙනවා.
ඉතින් මේ වෙලාවේ සිත හරි ප්‍රභාස්වරයි. ඕක මම කළා ම මම දැක්කේ අර sun එක පල්ලෙහායින් දකිනවා විදිහට. ඒ කියන්නේ ආකිඤ්චන විමුක්තිය නිසා ආලෝකය මනසින් විහිදෙනවා, ඒ විඤ්ඤාණඤ්චායතනය තමයි අර පහළින් පෙනෙන්නේ කියන ස්වභාවය අර නළලේ මැද දැනෙන ස්වභාවය.
ඒක තමයි මං කරපු භාවනාව.