ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
එතකොට අද මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. ඒ පටන් අරගෙන ඒ අධිට්ඨානය දක්වා පැමිණියා.
එතකොට ඒ අවිද්‍යා ඕඝය කියන එක සිතට ස්ථාන වීම කියන එක සිහි කළා. මේක නැති වෙන්නේ උපසමාධිට්ඨානයෙන්. එතකොට මෙතනදි තුන් ධර්මයක් නැවතිලා තියෙන්න ඕනෑ.
පළවෙනි එක තමයි කබලිංකාර ආහාර පාරේ පහළට නොයෑම සහ කාම ඕඝ ඉවත් වීම. දෙවෙනි එකට ස්පර්ශ ආහාර පාරේ පහළට නොයෑම සහ භව ඕඝ ඉවත් වීම. තුන් වෙනි එකට මනොසඤ්‌චෙතනා ආහාර පාරේ පහළට නොයෑම සහ දිට්ඨි ඕඝ ඉවත් වීම.
මේ තුන් ධර්මයන්ගෙන් යමක් නවතන ලද්දේ ද, එය පැවැත්විය යුතුයි. මේ අවිද්‍යා ඕඝය ඉවත් කිරීමයි. මේක සඳහා, අපි ඊයේ ඉගෙන ගත්තා නේ අර ජාතියේ ඉඳන් පල්ලෙහාට යනවා දුක්ඛය, අභිජ්ඣා නොවීම. ජාතියේ ඉඳන් දෝමනස්ස, ව්‍යාපාද නොවීම. ජාතියේ ඉඳන් ජරාව, මිච්ඡා දිට්ඨි නොවීම. අර රෝගී සඤ්ඤාව මගේ යැයි නොගැනීම කියන එක. ඒක මනා කොට අවබෝධ වෙලා තියෙන්න ඕනෑ.
එතකොට මේ විදිහට දස කුසලය පවත්වනවා. ඒ කියන්නේ ඔය දස අකුසලය නිසා ඇති වෙන්නේ මෙන්න මේ කියන ප්‍රශ්නය කියලා දැනගෙන. මේ විදිහට අරි අට මඟ නොසැලී පවතිනවා. නමුත් මෙම ධර්මයන්ගෙන් යමක් නවතන ලද්දේ ද, ඒ එසේ නවත්වා පැවැත්විය නොහැකි බව දැනගෙන විමංසාව කියන එක ඇති වෙනවා.
රූපයේ වෙනස්කම නිසා දුක්ඛය ඇති වෙනවා. එතකොට ඒක පහළට යෑම ඒ කියන්නේ ජාති දුක්ඛ ඉතින් ඕක මරණ ධර්මය නේ, ඔය දෙක අතර තියෙනවා නේ අපි දන්නවා ඔය 4.2 මරණය.
ඊළඟට ආපහු අපිට පේනවා, වේදනාවේ වෙනස්කම නිසා දෝමනස්සය ඇති වෙනවා. ව්‍යාධි ධර්මය. එතකොට ඒ කියන්නේ අර දෝමනස්සය ගැන හිතන්න පුළුවන් අර 4.7, අප්‍රියේහි සම්ප්‍රයෝගය ආකාරයට. ඊළඟට සඤ්ඤාවේ වෙනස්කම නිසා ජරා ධර්මය ඇති වෙනවා. ඒ කියන්නේ ජරාව ඇති වෙනවා, ඒ කියන්නේ ජරා ධර්මය. එතකොට ජරා ධර්මය ඕගොල්ලො දන්නවා අර ජාති ඉඳන් ජරාව කිව්වහම 5.3 සඤ්ඤා ජරා. මෙසේ ඇති වෙන විමංසා සමාධිය මගින් මෝහ සල්ලය ඉවත් කරනවා. පැවැත්විය නොහැක්කේ නම් අතහරින්න ඕනෑ.
ඇස අත්හළ යුතුයි. රූපය අත්හළ යුතුයි. කන අත්හළ යුතුයි. ශබ්දය අත්හළ යුතුයි. නාසය අතහරින්න ඕන. ආඝ්‍රාණය අතහරින්න ඕන. දිව අතහරින්න ඕන. රසය අතහරින්න ඕන. කය අතහරින්න ඕන. ස්පර්ශය අතහරින්න ඕන. මනස අතහරින්න ඕන. ධර්මය අතහරින්න ඕන. මේක අතහරින්න ඕනෑ කියන එක හිතන්න ඕනෑ, නිකම්ම නෙමෙයි. අර ඊයේ අපි කිව්වේ පාණාතිපාතය කතාවේ දණ්ඩ බිම තියලයි කියලා. අන්න ඒ වගේ ඇහැත් බිම තියන්න ඕනෑ. ඇහැ අපි ලෑස්ති කරගෙන ඉන්නේ බලන්න. කන ලෑස්ති කරගෙන ඉන්නේ අහන්න. කට ලෑස්ති කරගෙන ඉන්නේ කන්න. අන්න ඒක අතහරින්න ඕනෑ. බොහොම ලස්සනයි ඒ භාවනාව.
එතකොට මේ මනසයි ධර්මයයි කියන කොටසේදි ඒ රූප කොටස සහ නාම කොටස වෙන් කරලා බැලුවා.
මේ වගේ මනසකින් තමයි මේ වගේ වැඩක් කරන්නේ. අන්න එහෙම හිතනවා නේ, කියලා මනස නිසා මානය ඇති වෙනවා. මේ වගේ මනසක් පවතින්නේ බැසගෙන තියෙන්නේ මේ වගේ රූපයක් තුළ. අන්න “රූපවන්තං වා අත්තානං.” අන්න රූපය කෙරෙහි මානය වෙනවා. මේ දෙක ම පැවතිය නොහැක. මෙසේ මානය ද අවිද්‍යාව ද යන දෙක ම ඉවත් වී සබ්බනිස්සග්ගය මගින් සිදු වෙනවා. ඉතින් එතන අපිට පේනවා ඒ “රූපවන්තං වා අත්තානං” කියන කතාවත් එක්ක අත්තවාද උපාදානය. ඒක ගැලවිලා යනවා ඒ විදිහට කරනවා නම්.
ඒක තමයි මං කරපු භාවනාව.