ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. ඒකේ අපි දන්නවා රූපයේ ඡන්දය ආදී වශයෙන් බලාගෙන ඇවිල්ලා, අධිට්ඨාන දක්වා පැමිණියා. එතකොට අවිද්‍යා ඕඝය සිතට ස්ථාන වීම කියන එක සිහි කළා. මේක නැති වෙන්නේ උපසමාධිට්ඨානයෙන්. මෙතැන දී තුන් ධර්මයක් නැවතිලා තියෙන්න ඕනෑ.
පළවෙනි එක තමයි කබලිංකාර ආහාර පාරේ පහළට නොයෑම සහ කාම ඕඝය ඉවත් වීම. දෙවනියට ස්පර්ශ ආහාර පාරේ පහළට නොයෑම සහ භව ඕඝය ඉවත් වීම. තුන් වෙනියට මනොසඤ්‌චෙතනා ආහාර පාරේ පහළට නොයෑම සහ දිට්ඨි ඕඝය ඉවත් වීම.
මේ තුන් ධර්මයන්ගෙන් යමක් නවතන ලද්දේ ද, එය පැවැත්විය යුතුයි. මෙය අවිද්‍යා ඕඝය ඉවත් කිරීමයි. මේක සඳහා, අපි අර ජාතිය ඉඳන් පල්ලෙහාට යනවා දුක්ඛය, අපි කිව්වා අභිජ්ඣා නොවීම, ජාතියේ ඉඳන් දෝමනස්සය ව්‍යාපාද නොවීම. ජාතියේ ඉඳන් ජරාව මිච්ඡා දිට්ඨි නොවීම. අර ජරා රෝගී සඤ්ඤාව මගේ යැයි නොගැනීම. ඒ විදිහට හිතන්න කියලා කිව්වා. ඉතින් අපි මේකෙ කලින් බැලුවා. එතකොට ඒක මනා කොට අවබෝධ වෙලා තියෙන්න ඕනෑ. එතකොට මේ විදිහට අපි මේ දස කුසලය කියන එක පවත්වනවා.
දැන් ඊළඟට අපි එනවා අභිනිවේසය කියන එක. ඒ කියන්නේ මේ අපි පෙන්නන්නේ අන්තිමට අදිට්ඨානය, අභිනිවේසය, අනුසය. අභිනිවේසය කියන්නේ සංස්කාරයන් කියන ඒවා අපි අත්හරින්න ඕනෑ. එතකොට ඒක අපි අර 21/07/2016 නිබ්බාන භාවනාවේ දස කුසලය සහ ජාති, ජරා අතර සම්බන්ධතාවය බලපු විදිහට ඒක බැලුවා.
ඒකේ තියෙන්නේ මොකක් ද? මේ පාණාතිපාතය කරන මනුස්සයාට මරණය දුකයි කියලා වැටහෙන්නේ නෑ. අදත්තාදානය කරන මනුස්සයාට ජාතිය දුකයි කියලා වැටහෙන්නේ නෑ. ඒ වගේ ම තමයි කාමයෙහි වරදවා හැසිරෙන පුද්ගලයාට ජරා, ව්‍යාධි දුකයි කියන එක වැටහෙන්නේ නෑ, මනාප අරමුණ, ඒක නිසා විපරිණාම දුක්ඛතාවය ඒවා තේරෙන්නේ නෑ. ඊළඟට මුසාවාදය කරන එක්කෙනාට ඔය දුක්ඛය, ඒක දුකයි කියන එක වැටහෙන්නේ නෑ. එයා මුසාවාදය කියන්නේ සුඛයි කියල නේ. ඊළඟට පරුෂා වාචය කරන එක්කෙනාට දෝමනස්සය වැටහෙන්නේ නෑ. එතකොට පිසුණා වාචයට ආවා ම, අපි දන්නවා පිසුණා වාචය කරන එක්කෙනාට සෝකය දුකයි කියලා වැටහෙන්නේ නෑ.
ඉතින් ඕක ටිකක් මම වැඩියෙන් බැලුවා. වැඩියෙන් බැලුවා කියන්නේ, ඕක විවිධාකාර විදිහට බලන්න පුළුවන් නේ. දැන් බලන්න පරුෂා වාචයෙන් ම ගත්තහම, කෙනෙක් කාට හරි, පරුෂා වාචයෙන් බැන වදිනවා, මෙයා වැරැද්දක් කරලා හරි මොකක් හරි. ඊට පස්සේ දැන් ඔය පංතියෙ හරි මොකක් හරි, වැඩ කරන තැනක නම් building හදන එකක් කියන්නකො, ඒ මනුස්සයා වෙන් කරලාත් දානවා. පරුෂා වාචාවෙන් බැන වැදිලා රස්සාවෙනුත් අයින් කරලා දානවා වගේ වෙන් කිරීම කියන එක කරනවා.
එතකොට එක වෙලාවකට අපිට පේනවා මේ පිසුණා වාචය කියන එක පරුෂා වාචයේ උණුසුමයි කියලා. එහෙමත් පේනවා. ඊළඟට ඕගොල්ලන්ට පේනවා ඕක බලන්න පුළුවන් ඔය පෝතලිය සූත්‍රයේ 4.4 බැලුවා නේ අපි නේ ද? වෙන් කිරීම කියන එක. ඒ විදිහටත් බලන්න පුළුවන්.
ඉතින් ඔය විදිහට විවිධ ක්‍රමවලට බලලා, ඉතින් මන් මේක කාට හරි පැහැදිලි කරනවා නම් හොඳ ම ක්‍රමය මොකක් ද කියලා රහතන් වහන්සේගෙන් ඇහුවා. ඒ වෙලාවේ කිව්වා “විඤ්ඤාණයේ නොගැළපීම” සෝකය ලෙස සිතන්න කියලා. ඒක තමයි ඒකෙ තියෙන්නෙ. අර වැඩ කරන තැන වුණත් අරයව ගැළපීමක් නෑ නේ. වතුර පාරක් බලන්න, අපි ඕක පෙන්නුවා, advanced program එකේදි, වතුර පාර අඩු වුණත් දුකයි, වැඩි වුණත් දුකයි. අන්න විඤ්ඤාණයේ එහෙම නම් නොගැළපීමක් තියෙනවා. එතකොට ඔතන බොහොම හොඳයි සමාධිය.
ඔය විදිහට ඉතින් සම්පප්‍රලාප, ඒ පරිදේව, අපිට පේනවා ඒ පැත්තෙනුත් එනවා පිසුණා වාචයට. සම්පප්‍රලාපයේ තියෙනවා නේ නිත්‍යභාවය කියන එක. ඔය විදිහට, ඒ කාරණා ටික බලාගෙන ගියා. ඉතින් ඔය විඤ්ඤාණයේ නොගැළපීම නිසා සෝකය. සෝකය නිසා වෙන් කිරීමට තුඩු දීම. වෙන් කිරීම, පිසුණා වාචය නිසා නැවතත් සෝකය ම ස්ථාපිත වෙනවා. දස කුසලය ම ඔය විදිහට සිහි කරනවා.
එතකොට එහෙම සිහි කළා ම ඉහළ සමාධියක් ඇති වෙනවා. ඒ ඉහළ සමාධිය ඇති වුණා ම, ඒ විදිහට ඉන්න හිතෙනවා. මේ විදිහට ජීවත් වෙලා ඉන්නවා කියන එක. එතකොට මෙම සංස්කාරයන් ඉවත් වන්නේ නම් සබ්බනිස්සග්ගය පවතිනවා. එනම් කිසිම තැනක නොසිටිය යුතුයි. ධ්‍යානයක් අල්ලාගෙන සිටීම අත්හළ යුතුයි. රූප අල්ලාගෙන සිටීම අත්හළ යුතුයි. අල්ලාගෙන සිටීම නිසා අනුසය බව සිහි වුණා.
අපි දන්නවා ආකාසානඤ්චායතන වැනි අරූප ධ්‍යානයන්ට ඇති ඇල්ම සමුද්ඝාතනය නොකිරීම තමයි අවිද්‍යා අනුසය. එහෙම නම් ඉතින්, අපිට පේනවා, මේ ආයතනයක් හරි අල්ලාගෙන, ඉන්නවා. ආකාසානඤ්චායතන. එහෙම නම් ඔන්න අපි එනවා අර ආයතනයට. ඇහැ අතහරින්න ඕනෑ. රූපය අතහරින්න ඕනෑ. කන අතහරින්න ඕනෑ. ශබ්දය අතහරින්න ඕනෑ. ඔය විදිහට නාසය, දිව, කය, මනස අතහරින්න ඕනෑ. ධර්මය අතහරින්න ඕනෑ.
ඉතින් ඕක අපි කලිනුත් පැහැදිලි කළා. අතහරිනවා කිව්වහම නිකන් ම නෙවේ. ඒ කියන්නේ අර පාණාතිපාතය කරන්න දැන් අපි නිදා ගන්නකොට කෙනෙක් ඇඳ යට පොල්ල තියාගෙන ඉන්නේ. ඒක අතහරිනවා වගේ, මෙතන අපි ඇහැ ලෑස්ති කරගෙන ඉන්නේ බලන්න. කන ලෑස්ති කරගෙන ඉන්නේ අහන්න. ඔන්න ඕක අතහරින්න ඕනෑ. ඒ කියන්නේ දැන් අපිට සබ්බනිස්සග්ගය කියන එක හොඳින් වැටහෙනවා. යම් ආයතනයක් වේ ද, එහි බැස ගැනීමක් නොමැති ද, එය සබ්බනිස්සග්ගය වන්නේ ය. එය ම අනුසය පහ කිරීම වන්නේ ය.
එතකොට, ඒක තමයි මං කරපු භාවනාව.