ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද, මම 03/02/2018 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ අපි බැලුවා, අර අදිට්ඨාන, අභිනිවේස, අනුසය. එතකොට අන්න ඒ කාරණා තුන පේනවා සම්බන්ධ වෙනවා කියලා උපසමාධිට්ඨාන, විමංසා සමාධි, සබ්බනිස්සග්ගය කියන එකට. උපසමාධිට්ඨානයෙන් තමයි අපි දන්නවා, ඔය අදිට්ඨාන කියන ඒවා නැති වෙන්නේ. එතකොට විමංසා සමාධියෙන් අභිනිවේසය, සබ්බ නිස්සග්ගයෙන් අනුසය නැති වෙනවා කියන එක. එතකොට මේ සම්බන්ධතාවය පෙනුණා.
උපසමාධිට්ඨානයන් කොයි විදිහට ද විමංසා වීම සිද්ධ වෙන්නේ? අපි දන්නවා සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ උපසමාධිට්ඨානය විමංසා වීම කියලා. මේක උපෙක්ඛා නිමිත්ත භාවනාවෙදි සිතූ ආකාරයෙන් සිතන්න ඕනෑ. උපසමාධිට්ඨානයට අපි පැමිණෙන්නේ දස කුසලය පවත්වලා, ලෝභ, දෝෂ, මෝහ පහ කරලා, මේ අරි අට මඟට පැමිණිලා තමයි එතැනට එන්නේ. ලෝභ, දෝෂ, මෝහවලින් ඉවත් වී සිටින්නේ, සිත ශාන්ත වන්නේ, පෙර කළා වූ සංස්කාර මගින් දුක ඇති වූ බව දැනගන්නවා. කොයි ආකාරයට ද ඒක සිද්ධ වෙන්නේ?
අපි දන්නවා, පාණාතිපාතය කරන පුද්ගලයාට මරණය දුකයි කියලා වැටහෙන්නේ නෑ. අදත්තාදානය කරන පුද්ගලයාට ජාතිය දුකයි කියලා වැටහෙන්නේ නෑ. එතකොට ඕකේ භාවනාවේ අපි දස කුසලයයි, ඒ ජාති, ජරා, ව්‍යාධි, මරණවලට සම්බන්ධ කරලා අපි කලින් බලලා තියෙනවා. කාමයෙහි වරදවා හැසිරෙන පුද්ගලයාට, මනාප අරමුණ, විපරිණාම දුක්ඛතාවය. එතකොට අමනාප අරමුණ නිසා රෝගී, ඒකෙන් sickness එකෙන් අපිට එනවා දෝෂය, ඒකෙන් ඇති වෙනවා දුක්ඛ දුක්ඛතාවය කියන එක. එතකොට ජරා, ව්‍යාධි.
ඒ වගේ ම මේ ඊයේ පෙරේදා බැලුවා ඔය දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව එකේ, පිසුණා වාචය. එතන ඒක නිසා අපිට සෝකය කියන එක, වැටහෙන්නේ නෑ කියලා. ඔතන “විඤ්ඤාණයේ නොගැළපීම” කියන එකත් බැලුවා. ඒක present moment එකේ වෙන්නා වූ දෙයක්.
ඊළඟට, අවසානයට දැන් අපිට පේනවා, අපි ඔය රෝගී සඤ්ඤාව මගේ, කියලා ගත්තා නම් ඒකේ ඉතින් අපිට පේනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ, ඒකෙ අත්තා. අත්තා කියලා ගත්තා නම් මිච්ඡා දිට්ඨිය. අපි දන්නවා අභිජ්ඣා කියන එකෙන් පියෙහි විප්පයොගය අප්පියෙහි සම්පයොගය.
දැන් අපිට පේනවා මෙහෙම සම්බන්ධතාවයක්. මතක ද අපි බැලුවා, අර ජාතියේ ඉඳන් ජරාවට යන එක මිච්ඡා දිට්ඨිය. එතකොට ජාතියෙන් පල්ලෙහා දුක්ඛයට යන එක, අභිජ්ඣා. ඊළඟට දෝමනස්සයට යන එක ව්‍යාපාදය කියලා.
දැන් අපි ජාතිය ඉඳන් ජරාවට යනකොට මිච්ඡා දිට්ඨියෙන්, අනිත් පැත්තෙන්, යට පැත්තෙන් අපිට පේනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අපි එනවා මේ පියෙහි විප්පයොග, අප්පියෙහි සම්පයොගය කියන එකට. ඒ යුගලය ම අපි බලනවා, අභිජ්ඣාව නිසායි ඒක ඇති වෙන්නේ කියලා.
එහෙම නම් අපිට පේනවා උඩ අපි මිච්ඡා දිට්ඨියෙන් යනකොට ජාතියේ ඉඳන් ජරාවට, පල්ලෙහා මිච්ඡා දිට්ඨියේ ඉඳන් අභිජ්ඣාවට යනවා. මොකද? අභිජ්ඣාවෙන් තමයි පියෙහි විප්පයොගය, අප්පියෙහි සම්පයොගය. ප්‍රිය වූ දෙයක් ඇතියි කියලා හිතාගෙන අපි යනවා. රහතන් වහන්සේ පෙන්නුවේ, “අපි අදිටන් කරනවයි, උත්සාහ කරනවයි” කියලා නේ ද. එතකොට අපි ප්‍රිය වූ දෙයක් ඇතියි කියා හොයාගෙන යනවා, නොලැබෙන්නේ ව්‍යාපාදය. එතකොට එහෙම නම් යටින් එනවා අපිට මිච්ඡා දිට්ඨිය, අභිජ්ඣා, ව්‍යාපාද කියලා. ව්‍යාපාදයෙන් තමයි උපායාස කතාව කියන එක තියෙන්නේ. ඉතින් ඒකට ගොඩාක් බලන්න පුළුවන් ඉතින් සම්බන්ධතාවයන්.
අපි දන්නවා ඔය දෝමනස්සය හරහා ඕක එන හැටි. අර even path එකේ, දුක්ඛය හරහා එන එක පේනවා. ඊට ඉස්සෙල්ලා දෝමනස්සය හරහා ඇවිල්ලා තියෙනවා, අප්පියෙහි සම්පයොගයෙන් දෝමනස්සයට even path එකේ තියෙනවා නේ. ඉතින් හොඳට ඒක පැහැදිලි වෙනවා.
එතකොට ව්‍යාපාදයේ යම්කිසි දෙයක් තියෙනවා ද, ඒක හුඟාක් පුළුල් වෙලා ගිහිල්ලා තමයි උපායාසය තුළ තියෙනවා කියන එක පේන්නේ. ඉතින් මේ විදිහට විමංසාව ඇති වෙනවා. ඒ කියන්නේ මේකේ මේ පෙන්නන්නේ සංස්කාරයන් නේ.
මේ සංස්කාරයන් අපි අල්ලාගෙන ඉන්නවා නම් ඒකේ ඉඳීම නිසා අපිට අනුසය ඇති වෙනවා. ඒක, අනුසය ඇති වෙන බව දැනගෙන පහ කිරීම සබ්බනිස්සග්ගය මගින් කරනු ලබනවා. මෙසේ උපෙක්ඛා නිමිත්ත සම්පූර්ණත්වයට පැමිණ නිර්වාණය කියන එක සාක්ෂාත් කරනවා.
එතකොට අපිට පේනවා මෙතන අදිට්ඨානය, අභිනිවේසය, අනුසය අර කාරණා තුනට අපි සම්බන්ධ කළා උපසමාධිට්ඨානය, විමංසා සමාධිය, සබ්බනිස්සග්ගය කියන ඒවා.
ඒක තමයි මං කරපු භාවනාව.