Date: 06/02/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අපි 26/01/2018 නිබ්බාන භාවනාවේ දුක්ඛය හැදෙන විදිහ විද්‍යාමාන වෙනවා, ඒ භාවනාව කළා ම. ඒකේ පෙන්නනවා, සත්තො ගුහායං ගාථාවෙන් පටන්ගෙන ඕක කළේ. ඒකෙ අපි පෙන්නනවා දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි පවසනවා. කාමරාග අනුසය සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. පටිඝානුසය අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. රාග අනුසය මගින් නාමරූප සුඛයි කියලා පවසනවා. ඒ විදිහට ස්ථිර වෙනවා.

එතකොට එතෙන්දි අපිට එනවා එහෙම නම්, රූප, සඤ්ඤා, අසම්පජාන සුඛ යැයි කියලා පවසනවා නම්, ජරා වේදනා අසම්පජාන රේඛාව කැරකවිම වටිනවා කියලා දිට්ඨි පපඤ්චය පවසනවා. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීම. ඉතින් අපි ඒකේ සාකච්ඡා කළා ඕකේ ප්‍රතිඵලය තමයි ඉතින් ව්‍යාධිය කියලා.

එතකොට අපි ඊයේ භාවනාවෙදි. ඒ දුක්ඛ නිරෝධ වීම කියන එක විද්‍යාමාන වෙනවා. එතකොට ඒකේ අපි දන්නවා, සබ්බනිස්සග්ගය දක්වා අපි පැමිණියා කියලා. එතකොට ඊයේ භාවනාවෙදි වටහා ගත්තා වූ සංස්කාර නිසා අනුසයත්, 26/01/2018 භාවනාවෙදි එම සංස්කාර මගින් සඤ්ඤාව සුඛ වීමත් වටහා ගන්නේ, නිරෝධය කියන එක ඇති වෙනවා.

ඒ කියන්නේ ඕකේ diagram එකක් එනවා, ඒ diagram එක බැලුවොතින් අපිට පේනවා, ඔය මෝහය, එතකොට කාමරාග අනුසය, පරිදේවය, පරාමාස, නාමරූප, සඤ්ඤා එක රේඛාවට එනවා. ඒක අපි රතු පාටින් ලකුණු කරගත්තා කියමු. ඊට පස්සේ අපිට එනවා, ජාති, වේදනා, නාමරූප, චේතනා. ඒක අපිට කොළ පාටින් ලකුණු කරගන්න පුළුවන්. අන්න ඒකෙ එනවා රාග අනුසය කියන එක.

එතකොට අපිට පේනවා ඒකේ, දැන් පරිදේවයේ ඉඳන්, එතන තියෙන්නේ ඉතින් සංස්කාර නේ පරිදේව වෙලා තියෙන්නේ, ඒ සංස්කාර නිසා අනුසය. ඒකෙන් අපි එන්නේ රාග අනුසය කියන එකට. ඒ කියන්නේ යම් දහමක් රූප නිසා නාමරූප දක්වා පැමිණියා ද, එම දහම සඳහා කළා වූ යම් සංස්කාරයක් වේ ද, එම සංස්කාරයෝ පරිදේව වූවත්, අනුසය මගින් එම ධර්මයෝ පැවැත්වීම කියන එක වැටහෙනවා. එතකොට මේ විදිහට අපිට එතෙන්දි ඒ සමුදයයි, නිරෝධයයි කියන එක වැටහෙනවා.

අන්න ඒක තමයි මං කරපු භාවනාව.