Date: 17/02/2018 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට ගත්තේ සත්තො ගුහායං බහුනාභිඡන්නො ගාථාවෙන් පටන් ගත්තා. එතකොට ඒකේ රූපයේ ඡන්දය, රාගය, නන්දිය, තණ්හාව, උපාදාන. ඒ උපාදානයට ආවාට පස්සේ ඒ කොටස හොඳට බැලුවා. ඕගොල්ලන්ට මතකයි අර AKDS කියලා අපි බලලා තියෙන්නේ අත්තවාද උපාදානය වුණා නම් කාම උපාදානය ඇති වෙනවා. කාම උපාදානය ඇති වුණා නම් අර සුභයි කියලා හොඳට එනවා. එතකොට දිට්ඨි උපාදාන කතාව ඒකෙ එනවා. එතකොට දිට්ඨි උපාදානයෙන් සීලබ්බත උපාදානය. එතන ටිකක් හොඳට කාලය ගත කරන්න ඕනෑ.

එතකොට උපාදාන වුණා නම් අපි අල්ලාගෙන ඉන්නවා. මේ විදිහට සිතට ස්ථාන වෙන්නේ, ඕඝයන් කියන ඒවා ඇති වෙනවා. එතකොට ඒ කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිද්‍යා ඕඝ, ඔය විදිහට ඇති වෙනවා. එතකොට ඒ ඕඝයන් කියන එකේ ගත්තහම, ඔතන එනවා අපිට pictures කීපයක්.

ඒ කියන්නේ, කාම ඕඝය කිව්වහම අපි බලන්න ඕනෑ මේ රූප, වේදනා, ජාති කියන triangle එකට මනස යන්න ඕනෑ, ඒ area එක. භව ඕඝය කියලා කිව්වහම වේදනා, චේතනා, පරාමාස, ජරා, ඉඳන් ආපහු වේදනාවට. එතන නිකම් parallelogram එකක් වාගේ එතන එනවා. ඊළඟට දිට්ඨි ඕඝය කියලා කිව්වහම වේදනා, චේතනා, ව්‍යාධි කියන area එකට මනස යොමු වෙන්න ඕනෑ. එතකොට මේ ඕඝයන්ගෙන් අපි පිරිවරන ලද්දේ, මෙසේ සිටීමට කැමැත්ත ඇති වෙන අතර, මෙය පවතිනවා යැයි අවිද්‍යා ඕඝය කියන එක ඇති වෙනවා. එතකොට අවිද්‍යා ඕඝයෙන් ගැලවීම සඳහා අපි උපසමාධිට්ඨානය භාවිතා කරනවා.

දස කුසලය හරහා අලෝභ, අදෝෂ, අමෝහවලින් අරි අට මඟ කියන එක සෑදෙනවා. ඉතින් එතකොට ඔතන එන්න ඕනෑ අපි special එකේ පෙන්නනවා නේ diagram එකක් සම්මා දිට්ඨියෙන් ඒ අමෝහය, අව්‍යාපාදයෙන් අදෝෂය, අනභිජ්ඣාවෙන් අලෝභය. ඒ විදිහට පරුෂා වාචයෙන් වෙන් වීම, අදෝෂය ඒකට මනස යොමු වෙන්න ඕනෑ.

Threekindofgoodconduct.jpg

එතකොට අපි අලෝභයට පැමිණියේ කාම ඕඝය අත්හැරලා. අනභිජ්ඣාව නිසා අලෝභ වීම. අදෝෂයට පැමිණියේ භව ඕඝය අත්හැරලා. අව්‍යාපාද නිසා අදෝෂ වුණා. අමෝහයට පැමිණියේ දිට්ඨි ඕඝය අත්හැරලා. සම්මා දිට්ඨිය නිසා අමෝහ වුණා. මෙම තුන් ධර්මයන්ගෙන් කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝය, අත්හැරීමක් වේ ද, මෙය ම අවිද්‍යා ඕඝය අත්හැරීමට හේතුව ප්‍රත්‍ය වෙනවා. මෙසේ ඇති වුණා වූ සමාධි ස්කන්ධයට උපසමාධිට්ඨාන කියලා පවසනවා.

තව ද, ද්වේෂය නිසා පාණාතිපාතය. පාණාතිපාතය නිසා මරණය දුක බව නොවැටහේ. ලෝභය නිසා අදත්තාදානය, අදත්තාදානය නිසා ජාතිය දුක බව නොවැටහේ. අන්න එහෙම නම් අපි අර බැලුවා නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, දස අකුසලයත් එක්ක සම්බන්ධ කරලා. එතකොට ඒක හොඳට මෙනෙහි කරගෙන යනවා. එතකොට ඒ කාමයේ වරදවා හැසිරීමෙන් අර ජරා, ව්‍යාධි කියන ඒවා දුකයි කියලා තේරෙන්නේ නෑ.

ඒ වාගේ දෙවෙනි line එකත් බලනවා. මුසාවාදය දුකයි කියලා තේරෙන්නේ නෑ, සුඛයි කියලා ගන්නේ. ඉතින් ඒ line එකේ අර සෝකය කියන තැන එහෙම අපි ලකුණු කරගත්තා. එතන පිසුණා වාචය විඤ්ඤාණයේ නොගැළපීමයි කියන එක. එතැනින් අපි එනවා, දැන් ඉතින් ව්‍යාධිය එහෙම වුණා නම් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට එනවා. ඉතින් ඕකේ අත්තා කියන කතාව එතෙන්ට එනවා කියලා. ඕගොල්ලෝ බලලා තියෙනවා සම්මා දිට්ඨියෙන් තමයි ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියෙන් තමයි අපිට අභිජ්ඣා කියන එක ඇති වෙනවා. ප්‍රිය වූ දෙයක් ඇත යි කියා හොයාගෙන, ඊට පස්සේ ව්‍යාපාදයට යනවා කියන එක.

එතකොට පිසුණා වාචය කියලා කියන්නේ විඤ්ඤාණයේ නොගැළපීම ලෙස අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. විඤ්ඤාණයේ නොගැළපීම තමයි අපි අත්තා කරගෙන ඉන්නේ. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ තියෙන්නේ අත්තා කරගෙන තියෙන්නේ විඤ්ඤාණයේ නොගැළපීම. එතකොට මේක තමයි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට ඇවිත් තියෙන්නේ.

එතකොට එතැනින් අපිට පේනවා, එහෙම නම් cross එකක්. ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. ඊළඟට පේනවා අපිට මරණය, සෝකය, උපායාසය. ඉතින් මරණය කියන තැන විඤ්ඤාණය කියලා ලියාගන්න පුළුවන් නේ. විඤ්ඤාණය මැරිලා.

එතකොට ඔය cross එක දැක්කා නම් අපිට පේනවා මෙහෙම දෙයක්. දැන් අපි කිව්වා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ තියෙන්නේ, විඤ්ඤාණයේ නොගැළපීම, ඒක අත්තා කරගත්තා කියන එක. එහෙම නම් ඒ අදහස තියෙනවා විඤ්ඤාණය තුළ. එතකොට එහෙම නම් අර මරණය කියන තැන විඤ්ඤාණය කියලා ලකුණු කරගත්තා. විඤ්ඤාණය, විඤ්ඤාණයේ නොගැළපීම, ඊළඟට එන්නේ, උපායාසය. ඒ කියන්නේ මොකක් ද? අර gap එක දැන් විඤ්ඤාණයේ නොගැළපීම, අර සෝකය කියන වෙලාවෙදි පලාස කරන අවස්ථාව නේ. මේකට වඩා මේක හොඳ නෑ, මෙහෙමයි කියලා නේ ද? එතකොට ඔහොම ඔය gap එක පොඩියට තිබිලා දැන් මොකද වුණේ? උපායාසය වෙනකොට මහා විශාල වෙලා. ඇයි මැරිලා, මනෝමය කායෙන් ඉන්නවා, කාලා නෑ වගේ දුකයි, තාම තැනක් හම්බවෙලාත් නෑ, විශාල gap එකක් වෙලා තියෙනවා කියන එක.

ඉතින් මේක දැකීම මේ ආශ්‍රව නසන අවස්ථාවක්. ඒකේ පවතින ස්වභාවය. මේ විදිහට ආශ්‍රව නසනවා.

ඒක තමයි මං කරපු භාවනාව.