ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට මම සත්තො ගුහායං, ගාථාවෙන් පටන් ගත්තා. ඒ සත්තො ගුහායං ගාථාවේ රූපය එහෙම නේ අපි බලාගෙන එන්නේ. අද මම බැලුවේ ධර්මය කියන කොටස. දැන් අපි ඒකේ පෙන්නන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ. එතකොට මේ සඤ්ඤාව කියන එක වැටෙනවා ධර්ම කොටසට. චේතනාවත් ධර්ම කොටසට වැටෙනවා. එහෙම නම් ඉතින්, සඤ්ඤා, චේතනා කියන සංස්කාර කොටස වැටෙනවා. ඊළඟට විඤ්ඤාණය. ඔන්න ඔය අර්ථයෙන් බලන්න.
එතකොට අපි ඊයේ ඔය ආයතන භාවනාවෙදි ඉගෙන ගත්තා නේ, අපි ධර්මය අභිනන්දනා කරන්නේ සමාධියට. එතකොට ඒක තමයි මේ අභිනන්දනා කරලා වෙන්නේ, සතුට සොයලා ආදී වශයෙන්. එතකොට එහෙම නම්, රූපය වෙනුවට ඔන්න සමාධි සහගත ස්වභාවය කියන එක තමයි මනසට ගත්තේ. එතකොට දැන් අපි ඔය අර්ථයට ආවා ම, ඊයේ භාවනාව තියෙනවා නේ, ඊයේ භාවනාව ඒක දිගට ම කරගෙන ගියා අවසානයට. ඒකෙ අපි ඉගෙන ගත්තා මේ පිසුණා වාචය කියන්නේ විඤ්ඤාණයේ නොගැළපීම. ඒ විදිහට අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ විඤ්ඤාණයේ නොගැළපීම අපි අත්තා කරගෙන ඉන්නවා කියන එකත් අපි දන්නවා. මෙය ම තමයි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ තියෙන්නේ.
දැන් ඊයේ ඉගෙන ගත්තා නේ මේ diagram එකක්, ඒක තුළ තියෙන්නේ මොකක් ද? ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය, cross එක. ඊළඟට විඤ්ඤාණ, සෝක, උපායාසය එතකොට cross එක වාගේ දෙපැත්තට එනවා. එතකොට ඔය cross එකේ අපි බැලුවොතින් එහෙම ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එක, එතකොට එතන ජාතිය තියෙන තැනට ඔයගොල්ලන්ට ලියාගන්න පුළුවන් අර සුතමය ප්‍රඥාව. අලෝභ පාරේ සුතමය ප්‍රඥාව. ඒකේ පෙන්නනවා මේ ජාතිය දුක බව අසා දැනගනී.
එතකොට දැන් ඔය සෝකය කියන තැනට එනවා, නෙක්ඛම්ම විතක්කය. මතක ද අපි කිව්වා නෙක්ඛම්ම විතක්කය, දැන් අර මෙත්තාව එහෙම තියෙනවා. මොනවද අකුසලයන් පහ කරන්නේ. ඒකේ පිසුණා වාචය නිසා ඇති වෙන මෝහය. දැන් එතකොට අපිට පේනවා මෙන්න මෙහෙම නොගැළපීමක්. දැන් සෝකය කියන තැන විඤ්ඤාණයේ නොගැළපීම නේ.
එතකොට සමාපත්ති ඇති අය අතරට සමාපත්ති නැති අයකු නොගැළපෙනවා. එතකොට ඒක තමයි විඤ්ඤාණයේ නොගැළපීම. එහෙම නම් අපි සමාධියත් එක්කයි මේ කතා කරන්නේ.
ඊළඟට එනවා අපිට, දැන් ඉතින් පල්ලෙහා row එකටයි ඒ එන්නේ. සෝකය ඉඳන් යම්පිච්ඡං න ලභති තම්පි එකට එනවා නෙක්ඛම්ම පවිචාරය. ඒ කියන්නේ නොගැළපීම පහ කිරීමට හැකි වූවොත්, නිත්‍යභාවය කියන එක අපි ඉක්මවනවා. අපි අර සමාධිය අභිනන්දනා කරලා ඒක නිත්‍යයි කියලා අරගෙන නේ මේ ප්‍රශ්නය තියෙන්නේ. අන්න ගැළපෙන්නේ නෑ. මෙයාට සමාධිය නැහැ ගැළපෙන්නේ නෑ කියන එක.
එතකොට නෙක්ඛම්ම පවිචාරයෙදි අර තමන් දන්නවා එහෙම නිත්‍යභාවය නැතෙයි කියලා. එතැනින් අපි එනවා කාමේසන ප්‍රහාණයට. කාමේසන ප්‍රහාණයේදි හැම ධ්‍යාන තලයක් ම ඉක්මවන්නේ විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කර නොගනී. අන්න එතැනින් එනවා, ඒ විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කර ගැනීමෙන් නෙ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. එතකොට ඒක පහ වෙනවා. එතකොට මෙන්න මේ line එක, ඒ කියන්නේ ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. අපිට පේනවා මේ අලෝභ පාරේ ඒක ගැලවිලා යනවා කියලා. එතෙන්දි මනස හරි හොඳයි.
ඊට පස්සේ අනිත් පැත්තේ cross එකේ තියෙනවා නේ, මේ විඤ්ඤාණය, සෝකය, උපායාසය. එතකොට විඤ්ඤාණය තියෙන තැන අපිට ලියාගන්න පුළුවන් මරණය. එතකොට දැන් භාවනාමය ප්‍රඥාවෙන් මරණය දුකයි කියලා වැටහෙනවා. ඊළඟට පග්ගහ නිමිත්ත ගත්තහම විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කරගෙන සිටියා ද, නොගැළපීමට තුඩු දෙන්නා වූ ධර්මයෝ නොපවතින බව වටහා ගන්නවා. එතකොට එහෙම නම් අර සෝක කතාව යනවා.
ඊට පස්සේ අපි එනවා උපායාසයට. අන්න එතෙන්ට එන්න ඕනෑ ප්‍රඥා ස්කන්ධය. උපායාසය කියලා කියන්නේ, විඤ්ඤාණයේ නොගැළපීම ඔඩු දිවීමක්. එන්න එන්න, වැඩි වෙලා, අපි කිව්වේ, අර පොඩියට පටන්ගෙන පොඩි නොගැළපීමක් තිබුණා, දැන් මහා විශාල එකක්. මම මැරිලා මනෝමය කායෙන් ඉන්නවා. කාලත් නෑ වගේ විශාල දුක්ඛයකට පත් වෙලා, යන්න තැනකුත් හම්බවෙලා නැතුව. මෙම ඔඩු දිවීමට නන්දි වීම නොවටියි. ඉතින් එහෙනම් මතකයි නේ, නන්දි වීම නොවටින්නේ, දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. දුක්ඛ table එක නේ ද? අන්න එතෙන්ට එනවා.
ඔන්න ඔය වෙලාව වෙනකොට බොහොම serious. අර ඉස්සෙල්ලා මම කිව්වේ මේ ජාතියේ ඉඳන් යම්පිච්ඡං න ලභති තම්පි එකට එනකොට මනස වෙනසයි. මට ඒක කියන්න තේරෙන්නේ නෑ. අනිත් පැත්තට ගත්තහම serious. අර කූඤ්ඤය හිටන් දැනෙනවා. ඒ කියන්නේ ඉතින් ඒක ආශ්‍රව නසන අවස්ථාව කියලා රහතන් වහන්සේ කිව්වා නේ. අන්න ඒ තත්වය තියෙනවා මනසේ.
එතකොට එහෙම නම් අපිට පේනවා, summary එකක් වශයෙන් ගත්තොතින් අලෝභ පාර ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය ඉවත් කිරීම ලෙස ද, අමෝහ පාර මරණය, සෝකය, උපායාසය ඉවත් කිරීම ලෙස ද වටහා ගන්න ඕනෑ. මැද කොටස ඉවත් කිරීම අදෝෂ පාර මගින් සිද්ධ වෙනවා. එතකොට ඒක හරියට ම මේ ඔය සෝකය මැද්දට වෙන එක තියලා අපි අර red cross එකේ symbol එක flag එක, ආන්න එක එතනින් තිබ්බා නම්, තමන්ට පේනවා, එහෙම නම් උඩට තියෙන්නේ මොකක්ද? ඔය චින්තාමය ප්‍රඥාව. ඒකේ දුක්ඛ නිරෝධය අගයනවා. ඊට පස්සේ වම් පැත්තට එනවා, ඒ කියන්නේ ජාතියයි උපායාසයයි අතර, red cross එකේ flag එකේ කෑල්ල හැටියට, තුන් වෙනි කාරණාව අධිශීල ශික්ෂාව කියන එක. ඉතින් ඔතන දෝමනස්ස වූ වේදනා නිසා රූප නොසොයනවා. සංස්කාර නිසා සුඛ වන රූප නොසොයනවා. මතක ද අර දුක්ඛ table එකේ 2 වෙනි slide එක නේ. රූප, වේදනා, භය අගති, සංස්කාර කියලා අපි හදලා තියෙන්නේ නේ ද.
එතකොට දැන් අපි වේදනාව නිසා, දැන් දෝමනස්ස සහගත වූ වේදනා නිසා රූප සෙවීමක් කියන එක නෑ. ඊළඟට ආපහු සංස්කාර නිසාත් අපි රූප සොයනවා නේ. ඒකත් නැහැයි කියන එක. අධිශීල ශික්ෂාව. පල්ලෙහාට එනවා අව්‍යාපාද විතක්කය 5. දැන් මම යන්නෙ මේ flag එක වටේට මේ යන්නේ. එතකොට ද්වේෂය කියන එක බැහැලා යනවා. එතකොට ඒ පියෙහි විප්පයොග, අප්පියෙහි සම්පයොග. අභිජ්ඣා වූවොත් ද්වේෂය ඇති වෙනවා. දැන් මේ පේනවා නේ අපි මේ ඉන්නේ, අර දුක්ඛ දොළහේ, අන්න අභිජ්ඣා කියන කෑල්ල නිසා අපි දන්නවා නේ පියෙහි විප්පයොග, අප්පියෙහි සම්පයොග. අන්න ඒවා අයින් වෙන කෑල්ල.
එතකොට දකුණු පැත්තට එනවා, ඒ red cross flag වාගේ එකේ, 7 වෙනි කාරණය. අව්‍යාපාදූපවිචාරය. උපෙක්ඛා නිමිත්ත මගින් සුඛය පහ වෙනවා. සම්පප්‍රලාප ඉවත් වෙනවා. දුක්ඛය ම මතු වෙනවා කියන එක පේනවා. එතකොට, මැද්දට සෝකය කියන තැනට එනවා, 8 වෙනි කාරණය 9 වෙනි කාරණය. භවෙසන ප්‍රහාණය. භවයට නොයන්නේ අකුසලය පහ කරනවා. 9, සීලස්කන්ධය. අස්මිතිය පහ කරනවා. විඤ්ඤාණයේ නොගැළපීම පමණක් ඇති බවයි කියලා තමන් දැනගන්නවා.
එතකොට, ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්