ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම 18 වෙනිදා කරපු භාවනාව තමයි නැවතත් කරගෙන ගියේ. ඕගොල්ලන්ට මතක ඇති අපි සත්තො ගුහායං ගාථාවෙන් පටන්ගෙන ඒ ධර්මයේ, සඤ්ඤා, චේතනාවල ඡන්දය, රාගය එහෙම විමසුවා. එතකොට, ධර්මය අභිනන්දනා කරනවා නම්, ඒ කරන්නේ සමාධිය සඳහා. මේ මගින් සමාපත්ති පවා ඇති වෙනවා.
එතකොට ඒකේ අපි බැලුවා, ඔය පිසුණා වාචය කියන එක ඒ විඤ්ඤාණයේ නොගැළපීම කියලා සාකච්ඡා කළා. ඒ විඤ්ඤාණයේ නොගැළපීම අපි අත්තා කරගෙන ඉන්නවා. මෙය ම යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ තියෙනවා කියලා. එතකොට ඕගොල්ලන්ට මතක ඇති, අර diagram එක ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛ, ඊට පස්සේ එතන මරණය. එතන තියෙනවා විඤ්ඤාණය කියන එක, විඤ්ඤාණය, සෝකය, උපායාසය කියන එක.
ඉතින් ඕකේ අපි බැලුවා, ඔය අලෝභ පාරේ ඒ සුතමය ප්‍රඥාව. ජාතිය දුක බව අසා දැනගන්නවා. එතකොට, නෙක්ඛම්ම විතක්කය, එතකොට පිසුණා වාචවලින් මෝහය. එතන අපි පෙන්නුවා සමාපත්ති ඇති අය අතරට සමාපත්ති නැති අයකු නොගැළපේ කියලා. මේක තමයි ඒ විඤ්ඤාණයේ නොගැළපීම. අන්න ඒක සෝකය කියන තැනට ආවා, ඊළඟට නෙක්ඛම්ම පවිචාරය, නොගැළපීම පහ කිරීමට හැකි වූවොත්, නිත්‍යභාවය ඉක්මවනවා. එතකොට කාමේසන ප්‍රහාණයේදි හැම ධ්‍යාන තලයක් ම ඉක්මවන්නේ විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කර නොගනී. අන්න ඒක මගින් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. අර විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කරගෙන ඉන්න එක අයින් වෙනවා.
එතකොට, ඊළඟට ආපහු අපි පෙන්නුවා, ඒ භාවනාමය ප්‍රඥාව. එතකොට මරණය දුකයි කියලා වැටහෙනවා. ඉතින් මරණය තියෙන තැන අපි විඤ්ඤාණය කියන එක ලකුණු කරගන්නේ. එතකොට, ඒ කියන්නේ අමෝහ පාර. ඊළඟට පග්ගහ නිමිත්ත. විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කරගෙන හිටියා ද, නොගැළපීමට තුඩු දෙන්නා වූ ධර්මයෝ නොපවතින බව වටහා ගන්නවා.
ඊට පස්සේ අපි උපායාසය තියෙන තැනට ආවා. ඒ ප්‍රඥා ස්කන්ධය. ඒ උපායාසය කියලා කියන්නේ, විඤ්ඤාණයේ නොගැළපීම ඔඩු දිවීමක් කියලා. මේ ඔඩු දිවීමට නන්දි වීම නොවටී. ඒ කියන්නේ, අපි දන්නවා, පෝතලිය සූත්‍රයේ 4.4 දි එහෙම අර වේදනාව එක පැත්තකින් පරාමාසගත වෙනවා, අනිත් පැත්තෙන් නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. ඔතන ම අපිට පේනවා නේ gap එකක් ඇති වෙලා නේ පිසුණා වාචය කියන එක. වෙන් කිරීම කියන එක කරන්නේ. හැබැයි ඔය වෙන් කිරීම එන්න එන්න විශාල වෙලා උපායාසයේ දී ඒක අධික වෙලා තියෙන්නේ. එතකොට ඒක තමයි ඔඩු දිවීම.
එතකොට දැන් හිතන්න කෝ බලන්න, කෙනෙක් යම්කිසි දෙයක්, කෑමක් කාලා පොඩි gap එකක් ඇති වෙලා තියෙනවා, මේක කලින් කාපු එක වගේ නෙමෙයි කියලා. එතකොට ඊට පස්සේ කෙනෙක්, මරණයකට පත් වෙලා හිටියට පස්සේ කන්නත් නැතිව මනෝමය කායකින් ඉඳලා, ඊට පස්සේ මහා විශාල gap එකක් නේ ද? එතකොට ඒ gap එකටත් අපි පුරුදු වෙලා නේ තියෙන්නේ. පුනපුනා මැරී මැරී පුරුදු වෙලා. ඉතින් මේක තේරුම් ගන්නවා නම් නන්දි වීම නොවටින්නේ දුක වන්නේ ද සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය කියලා. අපි මේ පෙන්නුවේ කලින් භාවනාව.
මේ අලෝභ පාර, ඒ කියන්නේ ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කපන පාර. ඒක ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය ඉවත් කිරීම විමසනකොට, විඤ්ඤාණය ඉක්මවන බව වැටහෙනවා. ඒ කියන්නේ විඤ්ඤාණයේ නොගැළපීම අපි අත්තා කරගෙන හිටියා ද, එවැනි නොගැළපීමක් දැන් නැත. කුමක් නිසා ද?
නෙක්ඛම්ම විතක්කයේදි අත හරින ලදී. නෙක්ඛම්ම පවිචාරයේදි එම අත්හැරීම සාර්ථක විය. සමාධි ස්කන්ධයට පැමිණෙන්නේ කිසිදු දහමක් තමා කර නොපවත්වයි. විඤ්ඤාණයට පෙර බැස ගත් දේ ඉවත් කරයි. මෙසේ විඤ්ඤාණය ඉක්මවනවා. අන්න ඒක තමයි අලෝභ පාර. ඒකේ භාවනාව කළහම තමන්ට නිකම් ශාන්ත ස්වභාවයක් තියෙනවා, විඤ්ඤාණය ඉක්මවීම නිසා.
ඊළඟට අමෝහ පාර මරණය, සෝකය, උපායාසය. අන්න ඒක විමසනකොට, අලෝභ පාර මගින් විඤ්ඤාණය ඉක්මවීම වූවා ද, එමගින් මරණය ඉක්මවීමට එළඹෙනවා.
අමෝහයේ අර්ථ දැක්වීම සිහි කරන්නේ පාණාතිපාත කළා. පොළොව හෑරීම කළා.
එතකොට දැන් මේක දැනගෙන, හාරන එක නෙමේ නොහාරන එක තමයි හොඳ. එතකොට කුසලය උපද්දවනවා. “ජානෙන පස්සනා.” එතකොට පග්ගහ නිමිත්ත විමසන්නේ, උපෙක්ඛා නිමිත්ත මගින් පෝෂණය වීම. අදෝෂ භාවනාව මගින් වැටහෙනවා. සුඛය පහ වෙනවා. දුක්ඛය මතු වෙනවා. මෙසේ සෝක, පරිදේව කියන එක ඉක්මවනවා.
එතකොට මේකේ අපිට පේනවා මේ උපෙක්ඛා නිමිත්තෙන් තමයි පග්ගහ නිමිත්ත පෝෂණය වන්නේ කියලා. එතකොට ඒ විදිහට අපිට පේනවා එහෙම නම්, දැන් අපි ආවා මරණ, සෝක, උපායාසය. දැන් ප්‍රඥා ස්කන්ධයට ආවා ම නන්දි වීම නොවටින්නේ, දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. එහෙම නම් ජාතිය කියන එක ඉක්මවනවා. එහෙම නම් අපිට අලෝභ පාරේ විඤ්ඤාණය ඉක්මවනවා. අමෝහ පාරේ ආවා ම ජාතිය ඉක්මවනවා.
අන්න ඒක තමයි මං කරපු භාවනාව.