ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම 24/02/2017 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ, ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛ කියන අලෝභ පාර පළමුවෙන් සිහි කළා. එතකොට, ඒකේ ඕගොල්ලන්ට මතකයි, අර ජාතිය තියන තැන අපි සුතමය ප්‍රඥාව කියන එක ලකුණු කරගත්තා, ඒකේ ජාතිය දුක බව අසා දැනගන්නවා කියලා. එතකොට ඒ නෙක්ඛම්ම විතක්කය. අපි දන්නවා ඒක පිසුණා වාචයෙන් මෝහය ම ඇති වෙනවා කියලා. සමාපත්ති ඇති අය අතරට සමාපත්ති නැති අයකු නොගැළපෙනවා. මේක තමයි ඒ විඤ්ඤාණයේ නොගැළපීම.
එතනින් නෙක්ඛම්ම පවිචාරයට ආවා, නොගැළපීම පහ කිරීමට හැකි වූවොත්, නිත්‍යභාවය කියන එක ඉක්මවනවා. ඊට පස්සේ කාමේසන ප්‍රහාණය. හැම ධ්‍යාන තලයක් ම ඉක්මවන්නේ විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කර නොගනී. එතකොට යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. අර විඤ්ඤාණයේ නොගැළපීම ඒ අත්තා කරගෙන ඉන්න එක අයින් වෙනවා.
ඉතින් මේක බැලුවාට පස්සේ රහතන් වහන්සේ කිව්වා, අදෝෂ පාර සිහි කරන්නයි කියලා. එතකොට ඒකේ අපි දන්නවා, මතක ද අපි ලියාගත්තා මතක ද, 1, 3, 5, 7 කියලා නේ ද? එතකොට 1 යම් චින්තාමය ප්‍රඥාවක් වේ ද, එය දුක්ඛ නිරෝධය අගයයි. මෙය සඳහන් කර ඇත්තේ ජරා, ව්‍යාධි දෙපල ලකුණු කරන තැනයි. කාමයෙහි වරදවා හැසිරෙන අයකුට, ජරා, ව්‍යාධි දුක යැයි නොවැටහේ. දුක්ඛ නිරෝධය අගයන්නේ, කාමයෙහි වරදවා හැසිරීමෙන් වන ආදීනවය, ජරා, ව්‍යාධි බව දන්නේ, දක්නේ, එයින් ඉවත් වෙයි. මෙසේ ජරා, ව්‍යාධි ඉක්මවයි. එතකොට තුන් වෙනි කාරණයට එනවා අධිශීල ශික්ෂාව. එතකොට, අධිශීල ශික්ෂාව විමසන්නේ, දෝමනස්ස වූ වේදනා නිසා රූප නොසොයයි. කාමයෙහි වරදවා හැසිරීම වැනි සංස්කාර නිසා සුඛ වන රූප නොසොයයි. එසේ නම් සුඛයක් නොව, දුක්ඛයක් ම ඇති බව වැටහේ. කුමක් නිසා ද?
පෙර යම් සංස්කාර මගින් දුක්ඛයක් අත්පත් කරගෙන දුක් වින්දා ද, එම සංස්කාරයන් මගින් ඇති වූයේ, දුක්ඛය ම බව වැටහීම නිසා ය. මෙම වැටහීමට මෙත්තාව උදව් උපකාර වෙනවා. සවිතක්ක සවිචාර සමාධිය. ඕගොල්ලන්ට මතක ඇති අර අදෝෂ භාවනාවේ slide 11 එකේ උඩ cross එකේ පෙන්නා දීලා තියෙන්නේ.
එතකොට දැන් අපිට ජාති කියන තැනට අපි දන්නවා ජරා, ව්‍යාධි. ජරා, ව්‍යාධියෙන් arrow එකක් ඇඳගන්න ජාතිය පැත්තට. ඊළඟට ආපහු දුක්ඛයේ ඉඳන් arrow එකක් ඇඳගන්නවා ජාතිය පැත්තට. එතකොට දුක්ඛයයි ජරා, ව්‍යාධියයි අතර රේඛාවකින්, අපි හිතමු ජරාව කියලා, යා කරන්න පුළුවන්.
එතකොට ජරා, ව්‍යාධි තියන තැන චින්තාමය ප්‍රඥාව. දුක්ඛය තියෙන තැන අධිශීල ශික්ෂාව කියන එක එනවා. එතකොට ඒක අපිට මනා කොට අවබෝධ වෙනවා. ජාතියට නොයා යුතුයි. දැන් ඉතින් ඕක පේනවා නේ ද, අර දුක්ඛ table එකේ අපි එන්නේ සඤ්ඤාවේ ඉඳන් රූපය කරා එන්නේ. අන්න ඒකත් එක්ක සම්බන්ධ කර බලන්න ඕනෑ, එතකොට අපිට පේනවා සඤ්ඤාවෙන් රූපයට එන එක රේඛාවක් එතන ඇඳගන්නවා. ආපහු ගිද්ධිලෝභය ඉඳන් කාම උපාදානය රූපයට ඇඳගන්නවා. එතකොට අපි දන්නවා අර උඩ තියෙන්නේ සඤ්ඤාවේ ඉඳන් රූපයට එනකොට මිච්ඡා දිට්ඨිය. ඊළඟට ඉතින් මැද්දෙනුත් ලකුණු කරගන්න පුළුවන්. රූප, ස්පර්ශ, වේදනා. එතන තියෙනවා දිට්ඨි උපාදානය, වේදනාවට එහා පැත්තෙන්.
අන්න ඒ සමාන්තර ධර්මය වැටහීම ම තමයි, අර අපි ඉස්සෙල්ලා පෙන්නුවේ ජාති, ජරා, ව්‍යාධි, දුක්ඛ triangle එකක් වගේ. ඒක ම තමයි මෙතන තියෙන්නේ. මෙතෙන්දි සිත හරි ප්‍රභාස්වරයි, ඒ අවස්ථාවේ දී.
දැන් අපිට පේනවා මෙහෙම දෙයක්. 3, අධිශීල ශික්ෂාව. ඒ වගේ ම 7, අව්‍යාපාද පවිචාරය. ඒක මගින් නිරූපණය වන horizontal රේඛාවක්. ඒක තමයි අර red cross එකේ horizontal තියෙන්නේ.
මෙය හරහා චින්තාමය ප්‍රඥාව පරාවර්තනය වන්නේ 5, අව්‍යාපාද විතක්කය කියන එක ඇති වෙනවා. අපි දන්නවා ඔතන අව්‍යාපාද විතක්කය ද්වේෂය බැස යයි කියලා එහෙම බලලා තියෙනවා නේ ද. ජරා, ව්‍යාධි මගින් ඇති වෙන්නේ පියෙහි විප්පයොග අප්පියෙහි සම්පයොගයක් ම ය. සතර ආහාර එකේ පල්ලෙහාට යනකොට පේනවා නේ.
එතකොට එතනත් තමන්ට සම්බන්ධ කර කර බලන්න පුළුවන්. ඒ උඩ ජරා, ව්‍යාධිවලට පියෙහි විප්පයොග අප්පියෙහි සම්පයොග. එතකොට මේ ධර්මයන්ට ඒ කියන්නේ පියෙහි විප්පයොග අප්පියෙහි සම්පයොගයන්ට, ධර්මයන්ට අභිජ්ඣා වීම නොවටින බව චින්තාමය ප්‍රඥාව මගින් පෙන්වා දෙනු ලබන්නේ අව්‍යාපාද විතක්කයට පහසුවෙන් එළඹෙනවා. අර triangle එක බලපු එක්කෙනාට ඔය විදිහට ඕක පේනවා.
දැන් අපිට පේනවා ආපහු තියෙනවා, 1 චින්තාමය ප්‍රඥාව ඊළඟට 5 අව්‍යාපාද විතක්කය පල්ලෙහා නේ ද. එතකොට ඒක මගින් vertical line එකක්, red cross එකේ නිරූපණය වෙනවා. එය හරහා 3 අධිශීල ශික්ෂාව පරාවර්තනය වීමෙන් 7 අව්‍යාපාද පවිචාරයට එළඹෙනවා. කුමක් නිසා ද? යම් දහමක් තමා කර පැවැත්වූවා ද, එම ධර්මයෝ නොපවතින බව නෙක්ඛම්ම පවිචාරයෙන් පෙන්වා දෙන්නේ, ඒත්තු ගන්වන්නේ සුඛය පහ වෙයි. දුක්ඛය ම වැටහීම ඉලිප්පී මතු වෙයි. අන්න ඒ විදිහටයි එන්නේ. අර නෙක්ඛම්ම පවිචාරය, එතන උදව් උපකාර කරනවා. ඒකේ පෙන්නනවා නේ නිත්‍යභාවයක් නැහැයි කියලා, නෙක්ඛම්ම පවිචාරයෙන්.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් මේක කළහම හරි ශාන්තයි. රහතන් වහන්සේගෙන් මොකක් ද? කියලා ඇහුවහම, “උපශාන්තයි” කියලා කිව්වා, ඒ අවස්ථාව. ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්