ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද මම භාවනාවට කළේ සබ්බාසව සූත්‍ර භාවනාව. එතකොට ඒ සබ්බාසව සූත්‍ර භාවනාවේ, ඔය 5 වෙනි slide එකේ අපි බලනවා ඒ 4.2, මරණය. ඒ කියන්නේ අපි දන්නවා අර ඕගොල්ලන්ගේ මොකක් හරි එකක් කැඩුණහම, එතන මේ ඒ කියන්නේ 4.3, වේදනාවේ ජරාව. එතකොට අපි දන්නවා මොකක් හරි එකක් කැඩුණහම අපි යමක් හදනවා කියලා. ඉතින් 4.4 දි පලාස කරලා ඒක හදනවා, මනසෙන්. එතකොට 4.2 දි මරණය. එහෙම නම්, අපි නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ, විඤ්ඤාණයේ මරණය නේ ද.
ඊට පස්සේ බැලුවා අර 5.3, සඤ්ඤාවේ ජරාව. Bell shaped curve එකේ අර දෙපැත්තට වතුර වැටුණහම, මම පැහැදිලි කළේ. එතකොට නිත්‍යයි කියලා ගත්ත සඤ්ඤාව වෙනස් වෙලා තියෙනවා, ඉතින් 4.7 සිදු වෙලා තියෙනවා. එහෙම නම් නිත්‍යයි කියලා ගැනීම නිෂ්ඵලයි කියලා.
එතකොට සබ්බාසව සූත්‍ර ප්‍රධාන භාවනාවට පැමිණියා. ඒ slide 9, 10, 11. අපි දැන් ඉතින් ඔතන ජරාවයි කියලා තේරුම් ගත්තහම, ඉතින් අපිට විරියක් ඇති වෙනවා. එතකොට ඒ කොසජ්ජය ඇති නොවීම පිණිස විරිය තුනක් අපි භාවිතා කළා කියන එක සිහි කළා. ඒ පළවෙනි රූප ස්පර්ශ නොවීමට විරිය. සඤ්ඤාව මගේ නොවීමට විරිය. සංස්කාර මගේ නොවීමට විරිය කියන එක.
එතකොට කාමච්ඡන්දය කියන්නේ, ජරා ධර්මයට ඇති කැමැත්ත. අපි ජරා ධර්මයට කැමති නම් ඒක ම මෝහය වෙනවා. ඉතින් පළවෙනි විරිය ජරා වන රූපය ස්පර්ශ නොවීමට කියලා. ඉතින් ඇයි අපි ජරා වන රූපයක්, මළ මුත්‍රා ගොඩකට කැමති වන්නේ? දැන් අර 5 වෙනි slide එකේදි බැලුවා නේ අපි ඔක්කොම ඒවා ජරාවයි කියලා. එහෙම නම් ඉතින් විඤ්ඤාණයත්, මැරෙනවා කියලා. ඉතින් ඒකේ අවබෝධයත් මෙතෙන්ට කෙනෙක් භාවිතා කරන්න ඕනෙ. එතකොට දැන් අපි ඔතනදි තේරුම් ගත්තා, ඒ අපි මළ මුත්‍රා ගොඩකට කැමති වෙලා තියෙන්නේ, area 4 වලදි අත්තා යැයි ගැනීම කියන එක.
එතකොට රූපය මගේ යැයි ගැනීමට උදව් උපකාර කරන්නේ අත්තා යැයි ගැනීම. 4.3 වේදනාවේ ජරා ධර්මය. එතකොට දෙවෙනි වාරයෙදි අපි කැමති වෙලා තියෙන්නේ, වේදනාවේ ජරාවට. එහෙම නම් අපි මේ වෙනකොට double මෝඩයා වෙලා තියෙනවා කියන එක සිහි කළා. එතකොට දැන්, ඒ කියන්නේ මළ මුත්‍රා ගොඩකට, ජරා වන රූපයකට කැමති වුණා, ඒ වගේ ම අපි ජරා වන වේදනාවට, ඒකටත් කැමති වෙලා. ඇයි අපි double මෝඩයා වෙන්නේ කියන එක කල්පනා කළා. එතකොට එතන area 4 වල දී හඳුන්වා දුන් අත්ත සඤ්ඤාව මගේ යැයි ගැනීමට උදව් උපකාර කරන්නේ area 6 වල සංස්කාර නිසා අත්තා වීම කියන එක. එහෙම නම් අපි තුන් වෙනි විරිය සංස්කාර මගේ නොවීමට. සංස්කාර නිසා අත්තා නොවෙන්න. ඉතින් අපි මේ වෙනකොට කැමති වෙලා තියෙන්නේ සඤ්ඤාවේ ජරාවටයි, සඤ්ඤාවේ ව්යාධියටයි කියන දෙකටත් ගිහිල්ලා තියෙන්නේ.
ඉතින් ඔය line 5, line 6, line 7, ඒක බැලුවා. සංස්කාර නිසා අත්තා වන විට අපි quadruple මෝඩයා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ, අසූචි ගොඩකට කැමති වුණා. වේදනාවේ ජරාවට කැමති වුණා. සඤ්ඤාවේ ජරාවට කැමති වුණා, ව්‍යාධියටත් කැමති වුණා.
දැන් ඊට පස්සේ අර 3 වෙනි diagram set එකේ 2 වෙනි slide එක සිහි කළා. අපි දන්නවා අර උඩ ධාතු, පල්ලෙහායින් අර අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව තියෙන pyramid එක. භයෙන් අගතියට යෑම, ඒකෙන් සෝක, කාම ආශ්‍රව. වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. පරාමාසකායගන්ථය, අභිනිවේසය, අවිද්‍යා ආශ්‍රව. අපි ඉගෙන ගත්තා නේ අර පොඩ්ඩක් ඒක ඉස්සරහට ගියා නම්, ඉතින් පිටි පස්සෙන් තියෙන්නේ අවිද්‍යාව, අවිද්‍යා ආශ්‍රව. ඊළඟට භය අගති, සෝක, කාම ආශ්‍රව.
එතකොට පිටි පස්සෙන් තියෙන්නේ අවිද්‍යා ආශ්‍රව කියන්නේ පෙර මෝහය. දැන් අපිට පේනවා අපි මේ ජරා ගොඩවල් තමයි ගත්තේ, ඒක ම තමයි ඉතින් පෙර මෝහය. ඉතින් මේක ආනෙඤ්ජ සප්පාය සූත්‍රයත් එක්ක සම්බන්ධ කළා. එතකොට දැන් අසූචි ගොඩකට කැමති වීම, වේදනාවේ ජරාවට කැමති වීම, සඤ්ඤාවේ ජරාවට සහ ව්‍යාධියට කැමති වීම ඇති නම් බිය විය යුතු වන්නේ ය. ඒවාට කැමති වුණා නම්. එහෙනම් අපි භය අගති කතාව එතන ආවා. එතකොට මෙම ධර්මයන්ට කැමති වීම ම මෝහය වෙනවා.
ඉතින් මේක 26/02/2018 භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. සෝකය, විඤ්ඤාණයේ නොගැළපීම. එතකොට එහෙනම් භය අගති, සෝක, කාම ආශ්‍රව කියලා කියන්නේ විඤ්ඤාණ, සෝක, ජාති ලෙස වටහා ගන්න ඕනේ. මේ පථය නැවතීමට නම් අමෝහ පාරේ ගමන් කර භාවනාමය ප්‍රඥාව, ඒ කියන්නේ අර පෙර මෝහය පහ කිරීම. ඉතින් පෙර මෝහයේ තියෙන්නෙ අර ජරා ගොඩකට කැමති වුණා කියන එක නේ. පග්ගහ නිමිත්ත, විඤ්ඤාණයේ නොගැළපීමට තුඩු දෙන්නා වූ ධර්මයෝ නොපවතී. කුමක් නිසා ද? අසූචි ගොඩක්, වේදනා ජරා, සඤ්ඤා ජරා, සඤ්ඤා ව්‍යාධි නම් කෙසේ පැවතීමක් ද? මළ කඩ කාපු, මේ සිමෙන්ති කොට්ට ආදී දේවල් නේ. එතකොට ජරා ගොඩක්. ඒකේ පැවතීමක් නෑ. එසේ නම් කුමකට ජාති වන්නේ ද? එහි සුඛයක් නැත. එතකොට අපි එහෙම නම් ජාතියට යන්නේ නැහැයි කියන එකයි. එතකොට එහෙම නම් අපිට පේනවා අපි cross එකක් බැලුවා නේ. ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛ, විඤ්ඤාණ, සෝක, උපායාස. ඒකෙ අපි උඩ එක තමයි ඔය කතා කරන්නේ විඤ්ඤාණ, සෝක, ජාති කියන එක යන්නෙ නෑ කියන එකයි.
ඉතින් අවසාන භාවනාවට පැමිණියා. ඒ සති ඉන්ද්රිය සහ ප්‍රඥා ඉන්ද්රිය සිහි කළා. ඉතින් අපි ඒක ඊළඟ භාවනාවෙදි කියනවා. හොඳයි ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්