ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම අද කළේ අර කලින් කරපු භාවනාව ම නැවතත් කරගෙන ගියා, පළවෙනිදා කරපු භාවනාව. ඒකේ මතක ඇති, අපි සබ්බාසව සූත්‍රයේ භාවනාවයි කළේ. ඒකේ අර 4.2, විඤ්ඤාණයේ මරණය, ඊට පස්සේ 5.3, සඤ්ඤාවේ ජරාව, අන්න ඒක බැලුවා. බලලා ඊට පස්සේ සබ්බාසව එකේ ප්‍රධාන භාවනාව, අර විරිය තුනක් භාවිතා කළා නේ.
රූපය ස්පර්ශ නොවෙන්න, සඤ්ඤාව මගේ නොවෙන්න, ඒ වගේ ම සංස්කාර මගේ නොවෙන්න කියන එක. ඒකෙදි අපිට පෙනුණා, අපි අර කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ඉතින් අපි ජරාවට කැමති වුණා නම්, ඉතින් ව්‍යාධි, මරණයටත් කැමති වෙලා අපි මෝහ වුණා කියලා. ඉතින් ඇයි අපි මළ මුත්‍රා අසූචි ගොඩකට කැමති වෙන්නේ කියන එක බැලුවා. එතෙන්දි පෙනුණා, මේ අත්තා කියලා ගන්න නිසයි area 4 වල අත්තා කියලා ගන්න නිසයි, මේක වෙන්නේ. එතකොට අත්තා කියලා ගන්නකොට වේදනාව ජරා වෙලා, 4.3. එතකොට එහෙම නම් අපිට පේනවා, ඒ අත්තාගේ බලපෑමෙන් තමයි අර ජරාව ගන්නේ.
අත්තා ගන්නකොට, දැන් වේදනා ජරා, අර රූපය ජරා කියන දෙක ම සිද්ධ වෙලා. එතකොට එහෙම නම් අපිට පේනවා අපි double මෝඩයා වුණා කියලා. ඊට පස්සේ බැලුවා ඇයි අපි මේ double මෝඩයා වෙලා තියෙන්නේ කියලා. ඒ පාර පෙනුණා මේ area 6 වල සංස්කාර අත්තා කියලා ගැනීම නිසායි මේක සිද්ධ වුණේ කියලා. ඉතින් අන්න ඒ වෙලාවෙදි තේරුම් ගත්තා, අපි සඤ්ඤා ජරාවටයි, සඤ්ඤා ව්‍යාධියටයි කැමති වෙලා. එහෙම නම් අපි quadruple මෝඩයා වුණා කියන එක සිහි කළා.
ඒක බලලා, ඊට පස්සේ ආවා සබ්බාසව, අර 3 වෙනි slide set එකේ තියෙන භාවනාවට, අර ධාතුත් එක්ක තියෙන එක. ඒකේ අපි බැලුවා, පෙර මෝහය, ඉතින් අර අවිද්‍යාව එහා පැත්තේ තියෙනවා, අවිද්‍යා ආශ්‍රව පිටි පස්සෙන්, භය අගති, සෝක, කාම ආශ්‍රව.
ඉතින් අපේ මේ පෙර මෝහය මොකක් ද? අර ජරා ගොඩකට අපි කැමති වුණා. මළ මුත්‍රා ගොඩකට කැමති වුණා. වේදනාවේ ජරාවට කැමති වුණා. සඤ්ඤාවේ ජරාවට කැමති වුණා, සංස්කාරයේ ජරාවට කැමති වුණා. ඕක ම තමයි මෝහය.
ඉතින් ඕක අපි සාකච්ඡා කළා 1 වෙනිදා භාවනාවෙදි, ඔය භය අගති, සෝක, කාම ආශ්‍රව කියන එක විඤ්ඤාණ, සෝක ජාති. කියලා. අර cross එකත් එක්ක. එතකොට ඉතින් මේ එදා භාවනාවෙම ඉතුරු කොටසත් කරගෙන ගියා. ඉතින් අවසාන භාවනාවට තියෙන්නේ අර star එකේ තියෙන එක. ඒකේ අපි දන්නවා කබලිංකාර ආහාරය, 1 කියලා දැම්මා, අත්තා ඉඳන් නිත්‍යයට යන එක, 2 කියලා දැම්මා, ජාතියේ ඉඳන් ජරාවට යන එක, 3 කියලා දැම්මා.
ඉතින් අපි ජරා වෙලා නේ තියෙන්නේ. ඉස්සරහට මොකක් ද අපිට වෙන්නේ? අනිවාර්යයෙන් ම ව්‍යාධිය. අනිවාර්යයෙන් ම මරණය. එතකොට, ඒ මරණය සිද්ධ වෙනවා නම් ඉතින් නිත්‍යභාවයක් නෑ. අත්තා ඉඳන් නිත්‍යයට යන එක කඩා වැටෙනවා. එහෙනම් අත්තා කියලා කබලිංකාර ආහාරය අල්ලගෙන ඉන්නේ. ඉතින් ඕකට ආවේ නිකන් නෙමෙයි. සම්මා දිට්ඨියෙන් සම්මා සතියට ඇවිල්ලා නේ ද? එතකොට සම්මා සතියෙදි ජාති, ජරා බව දන්නවා නම්, ඒ කියන්නේ අපි දැන් කියනවා 3.3 රූපයේ ජරා ධර්මය, 4.3 වේදනාවේ ජරා, 5.3 සඤ්ඤාවේ ජරා, 7.7 සංස්කාර ජරා. එතකොට මේ විදිහට ජරා ස්වභාව ඇත්තේ නම්. සංස්කාරවලින් විඤ්ඤාණය පැවැත්මක් නෑ. උපෙක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. සංස්කාරවලින් විඤ්ඤාණය පැවැත්මක් නැත්නම්, 5 රේඛාව හරහා ගැලීම නවතිනවා කියන එක එනවා.
එතකොට, ඊළඟට පෙන්නනවා සංස්කාරවල නිත්‍යභාවයක් නැත. එවිට ප්‍රඥාව ඇති වෙනවා. එයින් ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති නම් උද්ධච්ච නොවේ. ඒකෙන් 6 වෙනි රේඛාව හරහා ගැලීම නතර වෙනවා කියලා. දැන් එතන මතක තියාගන්න ප්‍රඥාවයි කතා කළේ නේ ද? සංස්කාරවල නිත්‍යභාවයක් නැති නිසා ප්‍රඥාව.
ඊළඟට තුන් වෙනි කාරණයට පෙන්නනවා, මෙපමණකින් ගැලීම අවසන් නොවේ. තණ්හාව නිසා 7 වන රේඛාව හරහා ගැලීම පවතිනවා. පෙර කළා, 5, 6 රේඛාවලින් පැවැත්වූවා කියලා. නමුත් මේක පවත්වන්න පුළුවන්කමක් නෑ. ආස්වාද ඉන්ද්‍රිය, ඉහළ ධ්‍යානයන්ගෙන්වත් පවත්වන්න බෑ කියලා තියෙනවා.
ඉතින් මෙතන මේ අලෝභ පාරේ නෙක්ඛම්ම පවිචාරයත් කාමේසන ප්‍රහාණයත් කියන එක සිහි වුණා. ඒකෙ නිත්‍යභාවය කියන එක ඉක්මවනවා. එතකොට සති ඉන්ද්‍රිය මගින් එහෙනම් A කියන point හදන්නේ නෑ. මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ හටගැනීම නවතිනවා කියලා, bell shaped curve එකේ.
දැන් අපි ප්‍රඥා ඉන්ද්‍රියට එනවා. ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ජරා වන රූපය බව දන්නේ, දක්නේ මාන නොවේ, B ලක්ෂය නොසාදයි. මෙය කළ නොහැකි බව දනී. රූපයේ ජරා ධර්මය, වේදනාවේ ජරා, සඤ්ඤාවේ ජරා, සංස්කාර ජරා දන්නේ, ජරා ස්වභාව ඇත්නම් සංස්කාරවලින් විඤ්ඤාණය සෑදිය නොහැක. ඒ කියන්නේ, මේ තෙත වෙච්ච සිමෙන්ති කොට්ට, මළ කඩ කාපු යකඩ ඇණ, ගුල්ලෝ ගහපු ලී, මේවා භාවිතා කරලා අපිට හොඳ ගෙයක් වගේ එකක් හදනවා කියලා හිතන්න පුළුවන් ද? බෑ. එහෙම නම් මේවාට මාන වෙන්නේ නැහැයි කියන එක තියෙනවා.
ඉතින් ඔතනදි රහතන් වහන්සේ පෙන්නලා දුන්නා, අර “පුනපුනා මිය යන විඤ්ඤාණය සෑදිය හැකි ද? මෙය නොහැකිය.” සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතු ද, එය සපයා දෙනවා. මේ නිසා දිට්ඨි ආශ්‍රව නොවේ. කුමක් නිසා ද? චේතනා ගලවා දමා ඇත. අන්න ඒ කෑල්ල ටිකක් බැලුවා. කුමක් නිසා චේතනා ගලවා දමා ඇති යැයි පවසනවා ද?
පරාමාසය පිරිසිදු වන්නේ එමගින් වන චේතනා නැත. කෙසේ පිරිසිදු වූයේ ද? අසූචි ගොඩකට කැමති වීමෙන්, වේදනාවේ ජරාවට කැමති වීමෙන්, සඤ්ඤාවේ ජරාවට සහ ව්‍යාධියට කැමති වීමෙන්. ඒක මගින් භය අගති වූ බව අපි කලින් පෙන්නා දුන්නා. මෙය සති ඉන්ද්‍රිය මගින් උලුප්පා පෙන්නා දෙනවා. එමගින් චේතනා අහිමි වෙනවා. ඒ කියන්නේ අර භය අගතියට එනවා, අපි ජරා ගොඩවල් නේ හදාගෙන තියෙන්නේ. එතකොට ඒක නිසා මම චේතනා, පරාමාස, භය අගති පාර බලන්නේ. භය අගතියේ ඔය ස්වභාවය දන්නවා නම්, එහෙනම් පරාමාසයට ඔය තත්වය. එතකොට පරාමාසය පිරිසිදු වෙනවා එක නිසා පරාමාසයේ ඉඳන් චේතනාවට ඇඟිල්ල දික් කරලා සලස්වන්නේ නෑ.
එතකොට මෙතෙන්දි සති ඉන්ද්‍රියත්, ප්‍රඥා ඉන්ද්‍රියත් වෙන් කරගත නොහැකි තරමට blend වෙලා තියෙනවා. සතිය තුළ ප්‍රඥාව ඇත, ප්‍රඥාව තුළ සතිය ඇත. උදාහරණයක් වශයෙන් ගත්තොත්, සතිය තුළ “භව පච්චයා ජාති” ඇත. ඒ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව තුළ භව පච්චයා ජාති, ජාති මගින් නිත්‍යභාවයක් නැති දෙයක් උපදවන බැවින් ජාතිය දුක බව සතියට ඒත්තු ගන්වනවා. එතකොට අපිට පේනවා සතිය තුළ ප්‍රඥාව, ප්‍රඥාව තුළ සතිය කියන එක තියෙනවා.
එතකොට ඊළඟට සමාධි ඉන්ද්‍රිය මගින්, සංස්කාර නිසා මාන පාරේ ගැලීම වළක්වනවා. මේ නිසා අවිද්‍යා ආශ්‍රව නොවේ. මානය අඩු නිසා සමාධිය ඇත. ප්‍රාණඝාත වැනි දේවලින් වළකිනවා. පෙර ගත්තා වූ දේ නිසා වන ක්‍රියාවලිය නවතා දමනවා. සමාධි සහගත වූ චිත්ත සංස්කාර පවා හොඳ යැයි නොපවසනවා, පිළිනොගනී කියලා කිව්වා.
එතකොට මෙතෙන්දි පේනවා, මේ සති ඉන්ද්‍රිය සහ සමාධි ඉන්ද්‍රිය blend වෙන අවස්ථාවේ දී එම ඉන්ද්‍රියන් වෙන් වෙන්ව හෝ එකට හෝ පවතින අවස්ථාවක් දුටුවා. ඒ කියන්නේ දැන් අපි පෙන්නුවා සතිය, ප්‍රඥාවට blend වෙනවා. සතිය, සමාධියත් එක්ක blend වීමක් කියන එක තියෙනවා.
එතකොට ඒ සමාධි ඉන්ද්‍රියේ තියෙනවා නේ, “පෙර ගත්තා වූ දේ නිසා වන ක්‍රියාවලිය නවතාලනවා” කියලා රහතන් වහන්සේ කිව්වා. මොකක් ද පෙර ගත්තේ? කුමකට ද අපි මාන වුණේ? අසූචි ගොඩක්, වේදනා ජරා, සඤ්ඤා ජරා, සඤ්ඤාවේ ව්‍යාධිය, මෙන්න මේ ධර්මයෝ තමයි ගත්තේ. මෙය සති ඉන්ද්‍රිය මගින් පෙන්නා දෙනවා. එම ධර්මයන්ට ම අපි මාන වූයේ ය. මෙසේ පරාමාස තුළ පෙර බැස ගත්තා වූ ධර්මයෝ ම ඉවත් වේ. Line 7 නොවීම දැන් හොඳින් වැටහෙනවා. ඒ අතර එමනිසා මාන වීම ද බැස යනවා. අස්මිතිය පහ වෙනවා.
ඒ කියන්නේ ඔතෙන්දි එනවා අපිට අර triangle එකක්, පරාමාස, පරිදේව, භය අගති, පරාමාස. එතකොට මාන පාර කියන එක ලියාගන්න ඕනේ පරිදේවයේ ඉඳන් භය අගතියට, සම්පූර්ණයෙන් ඉදංසච්චයෙන් ඉඳන් ම නොවෙයි, මේ අවස්ථාවේ දී. එතකොට පරාමාස ඉඳන් පරිදේවයට line 7. එතකොට මෙන්න මේ විදිහට තමන් කල්පනා කළොත්, තමන්ට පේනවා මේ භය අගති ඉඳන් පරාමාසයට යන්නේ නෑ, මේ line 7 කතාවෙන් ඇවිල්ලා.
එතකොට මේ වනකොට සති, ප්‍රඥා, සමාධි යන තුන් ඉන්ද්‍රියන් ම, තුන් ධර්මයෝ, වෙන් වෙන් වශයෙන්, ඒ කියන්නේ නළලේ වම් පැත්ත සති ඉන්ද්‍රිය, නළලේ දකුණු පැත්ත ප්‍රඥා ඉන්ද්‍රිය, ඒ වගේ ම නිකට හරිය සමාධි ඉන්ද්‍රිය. මේ තුන් ධර්මයන් එකක් මෙන් ද දැකීම සිද්ධ වෙනවා. දැන ගැනීම සිද්ධ වෙනවා. වෙන් වෙන් වශයෙනුත් දකිනවා. එකක් වශයෙනුත් දකිනවා. ඒක හරියට අර. අපි හිතමු beams තුනක් ඇවිල්ලා එක point එකකට එන්නේ, අන්න ඒ වාගේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්